Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනයක් ද? (VIDEO)

    2023-03-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විදේශීය රටවලට අයත් වීඩියෝ බොහෝමයක් නොමග යවන සුළු අර්ථයන් එකතු කරමින්, ලංකාවේ කාලීන සිදුවීම් හා ඈඳමින්, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. පසුගිය මාස කිහිපයේ නුවරඑළිය ප්‍රදේශයේ දී කොළඹ ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    විදේශීය රටවලට අයත් වීඩියෝ බොහෝමයක් නොමග යවන සුළු අර්ථයන් එකතු කරමින්, ලංකාවේ කාලීන සිදුවීම් හා ඈඳමින්, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. පසුගිය මාස කිහිපයේ නුවරඑළිය ප්‍රදේශයේ දී කොළඹ පාසලක සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක් සමඟ ගැටීම ඇතුළු අනතුරු කිහිපයක් ම වාර්තා වී තිබුණා.

    මෙවැනි පසුබිමක නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බව දක්වමින් හුවමාරු වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නුවරඑළිය සිට කොළඹ බලා පිටත් වු සුඛෝපභෝගී බස් රථයෙ අපරික්ශාකරි රිය දාවනය අනතුරුකට පෙර, 😱 (වතුර බිබි තනි අතින් වංගුව කෙලින් කරපු හැටි.)” යනුවෙන් සඳහන් කරමින් විනාඩි 4 ක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook

    මේ වන විට ලක්ෂ පහකටත් වැඩි පිරිසක් නරඹා තිබු මෙම වීඩියෝව, මෙරට වීඩියෝවක් නොවන බවට බොහෝ දෙනෙකු හඳුනා ගෙන ඇති බවට ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝව බැලූ බැල්මට එහි ඇති පසුබිම නිරීක්ෂණය කිරීමේදී මෙය ලංකාවේ වීඩියෝවක් නොවන බවක් දැකගන්නට ලැබුණා.

    මෙම වීඩියෝව Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණේ, මෙය ඉන්දියාවෙන් වාර්තා වූ වීඩියෝවක් බවයි.

    සංජු නමැති පුද්ගලයෙකු විසින් Volvo B8R බස්රථයක්, හිමාල ප්‍රදේශයේ වංගු සහිත මාර්ගයක ධාවනය කළ අවස්ථාවක් මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරනවා. 2022 වර්ෂයේ ජූලි 13 වන දා India’s Luxury Buses නම් YouTube චැනලයක මෙම මුල් වීඩියෝව පළ වී තිබුණා. 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව සහ මෙම මුල් වීඩියෝවේ විනාඩි 10:40 අවස්ථාවේ සිට ඉදිරියට දැක්වෙන කොටසකි. එම කොටස පහතින්.

    කෙසේ වෙතත් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ දක්වා ඇති ලෙස, මුල් වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා මෙම අවස්ථාවේ දී අනතුරකට ලක්වන බවක් ද වාර්තා නොතිබුණු අතර එහි සඳහන් කර තිබෙන්නේ, මෙම රියැදුරා පළපුරුදු සහ දක්ෂ රියැදුරෙකු බවයි.

    එසේම වීඩියෝවේ මග දෙපස දර්ශන සහ නාම පුවරු පරික්ෂා කිරීමෙන් ද මෙය ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ මාර්ගයක් බව තහවුරු වන අතර ලංකාවේ හුවමාරු වූ වීඩියෝවේ සහ මුල් වීඩියෝවේ දර්ශන කිහිපයක සැසඳීමක් පහතින්.

    හිමාචල් ප්‍රදේශයේ මේ ආකාරයේ වංගු සහිත මාර්ගවල වේගයෙන් මෙන්ම දක්ෂ ලෙස රියදුරන් බස් රථ හසුරුවන ආකාරය පිළිබඳ තවත් වීඩියෝවක් මෙතනින්

    එසේම එම ප්‍රදේශයේ ඇතිවූ බස් රථ ද සම්බන්ධ අනතුරු ද රැසක් වාර්තා වන අතර කිහිපයක් පිලිබඳ වාර්තා මෙතනින්, මෙතනින් 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපරික්ෂාකාරී බස් රථ ධාවනය කරමින් අනතුරක් සිදුවීමට පෙර ලංකාවේ දී ලබා ගත් වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව මෙරට වීඩියෝවක් නොව මීට වසරකට පමණ පෙර පළකර තිබු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ මාර්ගයක දර්ශන ඇතුළත් වීඩියෝවකි. එමෙන්ම මෙය අනතුරකට පෙර ලබාගත් වීඩියෝවක්ද නොව, රියදුරාගේ දක්ෂතාව පෙන්නුම් කිරීමට පළකළ වීඩියෝවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-03-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.