Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

    2022-04-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ

    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘කෑගල්ල බක්මහ උළෙල ගම හරහා දිවීම’ යනුවෙන් සඳහන් සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    එම වීඩියෝව ඊයේ දිනයේ (04) සිට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ, ඊයේ කෑගල්ලේදී සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයේදී තවත් පිරිසක් එම අවස්ථාව කඩාකප්පල් කිරීමට පැමිණි අවස්ථාවේ ඇති වූ නොසන්සුන් තත්ත්වයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම අවස්ථාවෙන් පළා යන අයුරු බව හඟවමින්.

    Facebook

    එම තේමාවෙන් පළ වූ තවත් සටහනක් මෙතනින්, මෙතනින් සහ මෙතනින් Archived Link Archived Link

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන් ම ඊයේ (04) දිනයේදී සමගි ජන බල වේගයේ කාන්තා කණ්ඩායම වන සමගි වනිතා බලවේගය විසින් කෑගල්ල ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණේද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා.

    ඒ අනුව, එම බලවේගය විසින් කෑගල්ල නගරයේදී අප්‍රේල් 04 වන දා උදෑසන 10.00ට විරෝධතාවක් සංවිධානය කෙරෙන බවට එහි නිල ෆේස්බුක් සමූහයේ දක්වා තිබුණේ මෙලෙසින්. 

    එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප සමගි වනිතා බලවේගය ෆේස්බුක් සමූහයේ පළ කර තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එහි සජීවි දර්ශන ෆේස්බුක් ඔස්සේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්. එම අවස්ථාව සම්බන්ධයෙන් පළ වූ තවත් සමාජ මාධ්‍ය සටහනක් මෙතනින්.

    කෙසේ එම අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැඳ සිටි සාරියේ වර්ණය සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ හිරුණිකා මහත්මිය දුවන අවස්ථාවේ හැඳ සිටි වර්ණයට වනා වෙනස් බවට දැක ගන්නට ලැබෙනවා. එනම් ඊයේ (04) දිනයේ එම අවස්ථාවේ හැඳ සිටි සාරිය ලා නිල්- අළු පැහැයට හුරු බවත් සමාජ මාධ්‍ය වීඩියෝවල පළ වූ වීඩියෝවේ පැහැය ක්‍රීම් පැහැයත් බවට අපට නිරීක්ෂණය විය.

    ඒ අනුව එම වීඩියෝව සම්බන්ධයෙන් අප නිරීක්ෂණයක් සිදු කළ අතර අපට දැක ගන්නට ලැබුණේ, එම අවස්ථාව වන්නේ පසුගිය අප්‍රේල් 02 වන දා සමගි ජන බලවේගයේ කාන්තා බලවේගය නියෝජනය කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අනුරාධපුර නගරයේදී  ඥාන මෑණියන්ගේ දේවාලය දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ ගමන වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදි ඇය ඇතුළු පිරිස දිවයන දර්ශනයයි. එම වීඩියෝව පහතින්. (11 වන විනාඩියේ සිට)

    එම අවස්ථාවේ තවත් වීඩියෝවක් මෙතනින්. 

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් ගිණුමේද එම අවස්ථාවේ පළ වූ වීඩියෝ මෙතනින් සහ මෙතනින්. ප්‍රධාන මාධ්‍ය ඔස්සේද, එම අවස්ථාව සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්.

    මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ කෑගල්ලේ සිදුවීමක් ලෙස සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ ඉහත අනුරාධපුරයේ සිදුවීම අතරතුර ලබාගත් වීඩියෝවක් බවට පැහැදිලි වේ.

    අප මේ සම්බන්ධයෙන් විමසීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, තමන් පසුගියදා අනුරාධපුර විරෝධතාවය අතරතුර ඥාණා මෑණියන් ලෙස හැඳින්වෙන කාන්තාව හමුවීමට යෑමට උත්සහ කිරීමේදී ඊට මග හරස් කරමින් විරෝධතාව වැළැක්වීමට පැමිණි පොලිසීය මග හැර තමන් ඇතුළු පිරිස දිව ගිය අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක කොටසක් ඊයේ දිනයේදී කෑගල්ල විරෝධතාවය අතර තුර තමන් දිව ගිය අවස්ථාවක් බවට පළ කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අසත්‍ය පතුරුවන බවයි.

    මේ සම්බන්ධයෙන් අප සමගි වනිතා බලවේගයේ ලේකම්වරිය වන නිරූපා කරුණාරත්න මහත්මියගෙන්ද අප මේ පිළිබඳව විමසා සිටි අතර ඊයේ දිනයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේදී වෙනත් විරෝධතාවයක නිරත වූ පිරිසක් සමගි වනිතා බලවේගයේ විරෝධතාවයට හූ කියමින් අසැබි වචන භාවිත කරමින් එම විරෝධතාවයට සහ රැස්ව සිටි කාන්තාවන්ට අපහසු වන අයුරින් හැසිරුණු බවයි. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන හිරුණිකා මහත්මියගේ වීඩියෝවේ දැක්වෙන්නේ අනුරාධපුර ඥානා මෑණියන් නමැති කාන්තාව හමුවට ගිය අවස්ථාවේ පළ වූ වීඩියෝවක් බවයි ඇය පවසා සිටියේ.

    කෑගල්ල නගරයේ සිවිල් සංවිධානවල ප්‍රජාව ඊයේ (04) කෑගල්ල නගරයේ විරෝධතාවක් පවත්වා  ආපසු යමින් සිටියදී සමගි වනිතා බලවේගය මෙම ආණ්ඩු විරෝධතාවය කෑගල්ල පොදු වෙළෙඳ සංකිර්ණය අබියස පවත්වමින් තිබූ බවත් එම අවස්ථාවේදී එම සිවිල් සංවිධාන ප්‍රජාව විසින් සමගි වනිතා බලවේගයට හූ හඬක් නගා ඊට බාධා කරමින් විරෝධතාවයට පැමිණි කාන්තාවන් පසු පස එළවමින් ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ හුවමාරු වූයේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සජීවි වීඩියෝවකින් දැක්වූ අදහස් පහතින්.

    සැ.යු : අප මෙහිදී කරුණු පරීක්ෂාව සිදු කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුපස කෑගලු ජනතාව පැන්නූ අවස්ථාවක් ලෙස සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් පමණක් බව කරුණාවෙන් සළකන්න.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි වනිතා බලවේගය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ පිරිස කෑගල්ල විරෝධතාවයේදී තම විරෝධතාවයට විරෝධය පාමින් පැමිණි පිරිසක් විසින් හිරුණිකා මහත්මිය පසුපස එළවමින් පැමිණෙන බවට දැක්වීමට යොදාගෙන තිබුණේ ඊයේ දිනයේදී කෑගල්ල ප්‍රදේශයේ පැවැත් වූ විරෝධතාවයේදී ලබා ගත් දර්ශන නොව පසුගිය 02 වන දා හිරුණිකා ප්‍රමුඛ සමගි වනිතා බලවේගයේ පිරිස අනුරාධපුර ඥානා මෑණියන් ලෙස හැඳින්වෙන කාන්තාව හමුවීමට ගිය අවස්ථාවේ පොලීසිය විසින් එම ගමන වැළැක්වීමට කටයුතු කිරීම නිසා හිරුණිකා මහත්මිය ඇතුළු පිරිස එය මග හැර දිව ගිය අවස්ථාවේ වීඩියෝවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.