Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

    2022-07-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය

    අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා.

    මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා අපිත් එන ගමන්” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම එම වීඩියෝව මෙරට අද දිනයේ කොළඹට ඇදී එන ජනතාව ලෙස පෙන්වා දීමට පළ කළ තවත් අවස්ථාවක් මෙතනින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කරන කිසිදු දුම්රියක් නැවත දැනුම් දෙනතුරු ධාවනය නොවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (08) නිවේදනය කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් පුවතක් මෙතනින්.

    කෙසේ වෙතත් අද(09) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව මෙම සටන සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණීමට කටයුතු සූදානම්ව තිබියදී පොලීස් ඇඳිරි නීතිය ද පනවා තිබූ බැවින් එය ද, නොතකා බොහෝ පිරිස් අද උදෑසන සිට දුම්රිය ස්ථාන වටා එක් රොක් වුණා.

    එම පිරිස් විසින් දුම්රිය කොළඹට ධාවනය කරන ලෙස, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් සහ අදාළ නිලධාරීන්ගෙන් දිගින් දිගමට ඉල්ලීම් කළ අතර, ඒ අනුව මහනුවර, මාතර, ගාල්ල, අනුරාධපුර ප්‍රදේශයන්හිදී දුම්රිය ධාවන කටයුතු සිදුවීමට පියවර ගනු ලැබුවා. එම අවස්ථාවල වීඩියෝ දසුන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    එසේම පොලිස් ඇදිරි නීතිය අද (09) පෙරවරු 8ට ඉවත් කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි දුම්රිය සේවය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර තිබුණු බවට පුවත් වාර්තා පළ වූයේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට ද වෘත්තිය සමිති තීරණය කර තිබුණා. ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති බවට පළ වූ පුවතක් මෙතනින්.

    එසේ කොළඹ වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දුම්රිය ද ජනතාවගෙන් පිරී ගොස් තිබු අයුරු අපට මාධ්‍ය වාර්තා ඔස්සේ දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් මෙතැනින්, මෙතනින්. එසේම සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පරිදි දුම්රිය මැදිරිවල ඉහළින් ද ජනතාව දුම්රියන්හි නැගී කොළඹ වෙත ඇදී එන දර්ශන අපට දැක ගන්නට ලැබුණා. එවැනි එක් වීඩියෝවක් පහතින්

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයේ වීඩියෝවක් මෙරට අද දවසේ වූ අවස්ථාවක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ දැක ගන්නට නොලැබුණි.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ තතු:

    ඒ හේතුවෙන් අප එම වීඩියෝවේ දසුන්, Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, එය මේ වසරේ මැයි මාසයේ සිට හුවමාරු වන බංග්ලාදේශයේ වූ සිදු වීමක් බවයි.

    ඊද් නිවාඩුව හේතුවෙන් ගම්බිම් බලා ගිය බොහෝ පිරිසක් නැවත රැකියා ස්ථාන කරා දුම්රියේ නැගී පැමිණෙන අවස්ථාවකදී මෙම වීඩියෝව පටිගත කර ඇති අතර එහිදී ගම්බද ප්‍රදේශ හරහා වේගයෙන් ධාවනය වූ දුම්රියේ ඉදිරිපස, පැති සහ වහලයේ මිනිසුන් එල්ලී ඇති ආකාරයක් දැක ගන්නට ලැබෙන අතර මෙම දර්ශනය සම්බන්ධයෙන් ලොව බොහෝ පිරිසකගේ අවධානය යොමු වී තිබෙනවා.එසේ මැයි මස මුල හුවමාරු වූ වීඩියෝ දර්ශන පෙළක් මෙතනින්

    මෙම සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    Dailymail | Archived Link

    මේ පිළිබඳව අප Factcrescendo බංගාලි කණ්ඩායමෙන් ද විමසා සිටි අතර මෙවැනි මගීන් බහුල දර්ශන ඊද් වැනි උත්සව සමයේ බංගලාදේශයේ සුලභ දසුනක් බවත් සඳහන් කර සිටියා. 2022 මැයි මස පළමුවැනි දා Dhaka – Dewanganj දුම්රියේ දර්ශන පෙළක් ලෙස මෙම වීඩියෝව පළවූ අයුරු පහතින්.

    තවත් ජනයාගෙන් පිරී ඉතිරී ගිය Dewanganj දුම්රියක දර්ශන පෙළක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අද දිනයේ කොළඹට දුම්රිය මගින් ඇදී එන ජනතාව ලෙස පෙන්වීම සඳහා යොදා ගෙන තිබුණේ, මෙරට වීඩියෝවක් නොව, 2022 වසරේ මැයි මස මුල් දිනයන්හි දී, ඊද් උත්සව සමයේ දී බංග්ලාදේශයේ දුම්රියක් මගීන්ගෙන් පිරී ගිය අවස්ථාවක දර්ශන පෙළක් බවයි.

    කෙසේනමුත් අද (09) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනකායක් කොළඹ වෙත දුම්රිය ඔස්සේ පැමිණි අතර එම දුම්රිය රැසක් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබූ අතර එම ඇතැම් දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ දර්ශනවලට ද සමානකමක් ඇති බව දක්නට ලැබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.