Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: සුවිශේෂී පාපන්දු කුසලතාවක් දක්වන මීගහකිවුල ප්‍රදේශෙය් දරුවෙක්?

    2020-11-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුවද පාපන්දු ක්‍රීඩාවටත් කැමති බොහෝ පිරිසක් සිටිනවා. පාසල් මට්ටමෙන් ඇතැම් පාසල් වල පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මහත් උද්යෝගයක් ගොඩනගා ගෙන ඇති අයුරු ද දැකගන්නට පුලුවන්. එනමුදු ලංකාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා

    ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුවද පාපන්දු ක්‍රීඩාවටත් කැමති බොහෝ පිරිසක් සිටිනවා. පාසල් මට්ටමෙන් ඇතැම් පාසල් වල පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මහත් උද්යෝගයක් ගොඩනගා ගෙන ඇති අයුරු ද දැකගන්නට පුලුවන්. එනමුදු ලංකාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා පාපන්දු ක්‍රීඩාව පුහුනුවීමේ නිසි පහසුකම් ඇත්තේ ද නෑ.

    එවැනි දුශ්කර ප්‍රදේශයක පාපන්දු ක්‍රීඩාවේ නිරත දරුවෙකුගේ වීඩියෝ පටයක් බව පවසමින් පසුගිය දිනෙක නැවත වරක් හුවමාරු වී තිබුනේ ලංකාවේ දර්ශනක් පෙළක් නොවන බව අපගේ කරුණු විමර්ශනයේදී පැහැදිලි විය.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    Sri AVTV Network නම් ෆේස්බුක් පිටුවක් විසින් ෆේස්බුක් වෙත පළකර තිබු වීඩියෝ සටහනක දක්වා තිබුනේ “පිටරටක කියලද හිතුවෙ… මීගහකිවුල පැත්තෙ දරුවො ටිකක් ලු…මේ දක්ෂ මල් කැකුළු වලට නිසි බලධාරීන්ගේ ඇස් යොමු වේවා..” යනුවෙන්

    FacebookArchived Link

    විවිධ කෝණවල සිට කුඩා ඉලක්කයකට පාපන්දුව යොමු කිරීමේ සුවිශේෂී දක්ෂතාවක් දක්වන කුඩා පිරිමි දරුවෙකුගේ මෙම වීඩියෝව තවත් බොහෝ පිරිසක් අතර හුවමාරු කර ගෙන තිබුනු බවක් දක්නට ලැබුනා.

    නමුත් මෙම වීඩියෝවේ පසුබ්ම් නිවේදනය සිදුවන්නේ මලයාලම් භාෂාවෙන් නිසා සැබැවින්ම මේ වීඩියෝ පටයේ සිටින්නේ මීගහකිවුල ප්‍රදේශයේ දරුවෙක්ද යන්න පිලිබඳව සොයා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    මෙම වීඩියෝ පටයේ ඉන්ස්ටග්‍රැම් ගිනුමක් පිලිබඳව හෝඩුවාවක් ඇති බැවින් එහි සටහන් abulais_1 නමින් ඇති ගිනුමේ අන්තර්ගතය පිලිබඳ අප සොයා බැලුවා.එහිදී මෙම වීඩියෝ පටයේ සිටිනා මිශාල් අබුලායිස් නම් දරුවා ගැන වැඩිදුරටත් කරුණු අනාවරනය කර ගැනීමට හැකි වුනා.

    මිශාල් අබුලායිස් ගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුම. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයින් අනුකරණය කරමින් මෙසේ හුවමාරු වන වීඩියෝව සඳහා යොදාගෙන තිබෙන්නේ එම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පලවී තිබු මෙවැනි වීඩියෝ එකතුවක් බව අපට පෙනී ගියා.

    Video 1 | Video 2 | Video 3

    මෙම දරුවා Mishal Abulais නමින් හැඳින් වෙන ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයේ ජීවත් වන වයස අවුරුදු 12ක පිරිමි දරුවෙක්.කේරල ප්‍රාන්තය තුල මොහුගේ පාපන්දු හැකියාව හේතුවෙන් ජනප්‍රියව ඇති අතර “කේරලයේ මෙසී” නම් අන්වර්තනාමයෙන්ද මොහුව ඇතැමුන් හඳුන්වාදෙනවා.

    මෙසේ ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි ලෝප්‍රකට පාපන්දු තරු අනුකරණ කරන වීඩියෝ පිළිබඳව පසුගිය කාලයේදී බොහෝ වශයෙන් මෙසේ කතාබහට ලක්වී තිබුණා.

    මෙසී ඇතුලු ආජන්ටිනා පාපන්දු කන්ඩායමට මේ දරුවා අති මහත් කැමැත්තක් දක්වන අතර  මේ දරුවා පාපන්දු ක්‍රීඩාවේ නිරත වන බොහෝ අවස්තාවන්හිදී ආජන්ටිනා ජර්සියෙන් සැරසී සිටිනු දක්නට හැකියි.

    MISHAL ABULAIS ගේ මෙම හැකියාවන් පෙන්වීම වෙනුවෙන් යූටූබ් චැනලයක්ද ආරම්භ කර  තිබෙනවා . ඒ සඳහා පහතින් යොමු වෙන්න

    YouTube

    මීගහකිවුල යනු ඇත්ත වශයෙන්ම ඌව පළාතේ දුෂ්කර ගම්මානයක් වන අතර පළාත් පාපන්දු ශුරතා දිනාගෙන ද ඇති බව අපට මෙසේ පෙනී ගියා

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී මීගහකිවුල ප්‍රදේශයේයැයි පැවසෙන ලෙස ෆේස්බුක් වෙත ඉදිරිපත් කර ඇති වීඩියෝ පටයේ සැබැවින්ම සිටින්නේ මිශ්බාල් අබුලයිස් නම් ඉන්දියාවේ කේරලයේ දරුවෙකු බව අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.