
දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්රේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . හමුදා ඇදුම් ඇද සිටින යුක්රේන ජාතික තරුණියක යුද්ධයේදී මියගිය බවට ඡායාරූපද සහිතව එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ.
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා ඇදුම ඇද සිටින තරුණියකගේ ඡායාරූපයක්ද සමග බොහෝ දුරට එම තරුණියගේම විය හැකි තවත් සිවිල් ඇදුමෙන් පෙනී සිටින ඡායාරූපයක්ද සමග පහත සටහන අන්තර්ජාලයට එක්කර තිබුණා .
“යුධ පිටියේදී මියගිය යුක්රේනයේ රූපයෙන් රැජිනක් “

වේගයෙන් ව්යාප්ත වන සටහනක් නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා.
Also Read:
යුක්රේනයේ කාර්කිව් ප්රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?
යුක්රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?
Fact Check (සත්ය තොරතුරු විමසා බැලීම )
අප Google Reverse Image Search යොදා ගනිමින් මේ පිළිබදවසොයා බැලීමක් සිදු කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූප ජාත්යන්තර වශයෙන්ද සමාජ ජාලා අඩවි තුල පැතිර ඇති බවක්. එහිදී සදහන්ව ඇත්තේ මෙම ඡායාරූප මගින් පෙන්නුම් කරන්නේ යුකේනයේ පළමු කාන්තා ප්රහාරක ගුවන් නියමුවරියක් ලෙස සදහන් කරමින් ,නටාෂා පෙරකෝවා ගේ ඡායාරූපයක් බවයි.
Another fallen hero, former beauty queen of Ukraine Natasha Peracov, the first Ukrainian pilot to have died after being severely injured, our thoughts and prayers goes out to the citizens and her family and friends. #PrayForUkraine #PutinWarCrimes pic.twitter.com/shfeJqpKye
— Sera Tikotikovatu-Sefeti (@SefetiSera) March 5, 2022
අප ඉන් අනතුරුවසොයා බැලුවේ නටාෂා පෙරකෝවා යනු සැබැවින්ම යුක්රේන පළමු ප්රහාරක ගුවන් නියමුවරිය නොවන බවයි.යුක්රේන හමුදාවේ පළමු ප්රහාරක නියමුවරිය වන්නේ වෙනත් කාන්තාවක්.නටාෂා පෙරකෝවා ලෙස හැදින්වෙන සැබෑ චරිතයක් නොමැති බව International Business Times- Singapore වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබෙනවා.ට්විටර් පරිශීලකයෙක් වන මාධ්යවේදියෙක් එම සමාජ ජාලය තුළ තැබූ සටහනක්ද උපුටා දක්වමින් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ මෙම සමාජ ජාලා තුළ වේගයෙන් හුවමාරු වන ඡායාරූපයේ සිටින්නේ සැබැවින්ම යුක්රේන හමුදා සෙබලියක් නොව නිරූපිකාවක් බවයි.International Business Times සටහනට පිවිසීම මෙතනින්.Archived
International Business Times වල පළවුණු මාධ්යවේදියාගේ ට්විටර් සටහන ඔස්සේ ,එම මාධ්යවේදියාව අපට සම්බන්ධ කර ගැනීමට හැකි වුණා.එහිදී ඔහුගේද සහායෙන් අපට මෙම ඡායාරූපය පළව තිබුණු ව්යාජ හමුදා ඇදුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වෙබ් අඩවියක්ද නිරීක්ෂණය කිරීමට අපට හැකි වුණා. එහිදී මෙම නිල ඇදුම හැද සිටින්නේ නිරූපිකාවක් බව තහවුරු කර ගැනීමට හැකි වුණා .

නටාෂා පෙරකෝවා ලෙස තවත් තරුණියකගේ ඡායාරූපයක්ද අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.

සමාජ ජාලා සටහන් වල දැක්වෙන්නේ මෙම තරුණිය නටාෂා පෙරකෝවා බවයි.කෙසේ වෙතත් මෙහි දැක්වෙන තරුණියද යුක්රේන හමුදා ගුවන් නියමුවරියක් හෝ නටාෂා පෙරකෝවා නොව ත්රස්ත විමර්ශන කටයුතුවලට සම්බන්ධ යුක්රේන හමුදා සෙබලියක්.ඔලෙස්යා වොරබි නම් ඇය යුක්රේන හමුදාවන්ට සම්බන්ධ කාන්තාවන් අතර දැනට වසර කිහිපයකට පෙර පැවති රූප රාජිණී තරගයකටද සම්බන්ධ වී තිබෙනවා.ඒ පිළිබද වැඩිදුර විස්තර මෙතනින්. Archived.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මෙම ඡායාරූප මගින් සැබැවින්ම නිරූපණය වන්නේ යුක්රේන -රුසියා යුද්ධයේදී මියගිය රූපයෙන් රාජිණියක් නොව නිරූපිකාවක් බවයි.ඇය මේ ආකාරයට හමුදා ඇදුම් පැළද සිටින්නේ යුද්ධය සදහා පිටත්වීමට නොව නිරූපණ ශිල්පිණියක් ලෙස බවද තහවුරු වනවා .
Also Read:
Old Video of V-day Parade Rehearsal Viral as Russia’s Fighter Jets Flying over Kyiv
Video Game Clip Shared As Real Missile Attack in Russia-Ukraine War
Video From 2014 Shared As Russian Military Paratroopers Landing In Ukraine



