Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියේ ඇත්ත කතාව!

    2021-03-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන්ම වසර හාරසියයකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව සටහනක් බොහෝ දෙනා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන්ම වසර හාරසියයකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා. කෙසේ නමුත් මේවා ව්‍යාජ සටහන් බව Factcrescendo විමර්ශනයේදී අනාවරණය වුණා

    සමාජ මාධ්‍ය සටහන්: (Claim 1)

    “හිමාල කදුවැටියේ වර්ෂ 400 කට වරක් පිපෙන මහමේරූ පුෂ්පය.. මෙලෙසින් මෙය දැකගැනීම වාසනාවක්!” යන තේමාව යටතේ විශාල පුෂ්පයක ආකාරයෙන් දිස්වෙන සේයාරුවක් පන්දහසකට ආසන්නට පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    Facts (Claim 1)

    පින්තූරයේ ඇති ශාකයේ නම කුමක්ද සහ එහි සපුෂ්පක කාලය පිළිබඳව අධ්‍යයනයක් කළෙමු. Reverse Image සෙවුමකදී එම ඡායාරුපය 2009 වසරේ දී Mark Horrell නැමැත්තෙක් විසින් පලකරන ලද Rheum Nobile ශාකයක ඡායරුපක් බව දැක ගන්නට ලැබුනේ මෙලෙසින්

    Flicker 

    ඉහත ඡායාරුපය ලබාගත් Mark Horrell විසින් ඔහුගේ සංචාරයේ දී හිමාල කඳු බැවුමක විශාල වශයෙන් දක්නට ලැබුණු මෙම හිමාලයානු එළවළු වර්ගයක් ලෙස සැලකෙන ශාකය පිලිබඳ වීඩියෝවක් ද ඇතුළත් වාර්තාවක් පළකර තිබුනේ මෙලෙසින්

    හිමාලය ප්‍රදේශයට දක්නට ලැබෙන Rheum Nobile ,  Rhubarb යනුවෙන් ද හැඳින්වෙන අතර මෙය ඇෆ්ගනිස්තානය, පකිස්තානය, නේපාලය, ඉන්දියාව භූතානය, ටිබේටය සහ මියන්මාර් වැනි රටවල ද දක්නට ලැබෙන ශාකයක්.  

    එසේම එහි සපුෂ්පක කාලය පිළිබඳව ද අප සොයා බැලුවෙමු.  ජූලි සිට අගෝස්තු දක්වා වැනි මාසවලදී එය පිපෙන බව සඳහන් වූ වාර්තා කිහිපයක් පහතින්. එසේම එහි පරාගණය සුළඟින් සිදුවන බව ද සඳහන්.

    pfaf.org | Flowersofindia

    එසේම මෙය එම හිමාල ප්‍රදේශයේ වැසියන් විසින් ආහාරයක් වශයෙන් ද යොදාගන්නා අතර ටිබේටයේ ඖෂධයක් ලෙස ද භාවිතා වන බව සඳහන්.

    සමාජ මාධ්‍ය සටහන්: (Claim 2)

    එසේම එම තේමාවෙන්ම, වසර 400කට වරක් පිපෙන මහමෙරු හෝ ආර්ය මල යනුවෙන් තවත් කිහිපයක ඡායාරුප සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    Facts (Claim 2)

    ඉහත ඡායරුපය ලොව විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශ්මයජනක දසුනක් ලෙස මෙසේ හුවමාරු වී තිබුණා.  ‘Salvia Hot Lips’ නම් එම පුෂ්පය ගිම්හාන කාලයේ මුල සිට හිම වැටෙන කාලය දක්වා මල් හටගන්නා ශාකයක්. මෙම ශාකය පිලිබඳ වාර්තාවක් මෙතනින්. ඒ අනුව මෙම ශාකය ද වසර 400කට වරක් මල් හටගන්නා ශාකයක් නොවන බව පැහැදිලියි.

    මේ පිලිබඳ දීර්ඝ කරුණු විමර්ෂණයක් Factcrescendo Tamil කණ්ඩායම විසින් සිදුකර තිබුනේ මෙලෙසින්. වසර හතලිහකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව පළවූ සටහන් සම්බන්ධයෙන් අප විසින් ඉංග්‍රීසි බසින් සිදු කරන ලද කරුණු විමර්ශනයක් මෙතනින්

    වසර 400කට වරක් මල් හටගන්නා ශාක පිලිබඳ ලෝකයේ කිනම් හෝ ප්‍රදේශයකින් වාර්තා වෙනවා ද ? 

    වසර ගණනාවකට සැරයක් හෝ ජීවිත කාලයේ එක් වරක් මල් පිපෙන දුර්ලභ මල් මොනවාදැයි අප ගවේෂණය කළෙමු. මෙහිදී අරුම පුදුම තොරතුරු සහිත පැලෑටි පිලිබඳ විස්තර සඳහන් වී තිබුණ ද ඒ කිසිවක ඉහත ඡායරුපවල දැක්වූ ආකාරයේ පුෂ්පයක් පිළිබඳව සඳහන් වී තිබුනේ නැහැ. වසර 400 කට වරක් පිපෙන වෙනත් ශාකයක් පිලිබඳ ව ද සඳහන් වන්නේ නැහැ. එම වාර්තා කිහිපයක් පහතින්. 

    Topteny | Listverse | owlcation

    ගිනස් ලෝක වාර්තා පොතේ වැඩිම කාලයකින් (සෙමින්ම) මල් හටගන්නා ශාකයක් පිලිබඳ සටහන් වන්නේ බොලිවියාවෙන්. ඒ වසර 80-150ත් අතර කාලයක්. එම සටහන මෙතනින්

    සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි මහ මේරූ පුෂ්පය නමින් වෙනත් ආකාරයේ මලක් පිලිබඳ ව සටහන් හුවමාරු වී තිබුණා. එහෙත් එයද වසර 400 කට වරක් මල් හටගන්නා බව අසත්‍යයි. ඒ පිලිබඳ සිදුකර තිබු කරුණු විමර්ශනයක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ මහා මේරු පුෂ්පය යනුවෙන් වසර 400කට වරක් මල් හටගන්නා, හිමාලය ප්‍රදේශයේ දක්නට ලැබෙන ශාකයක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. එසේම වසර 400 කට සැරයක් මල් හටගන්නා ශාකයක් පිලිබඳ ව මෙතෙක් ලෝකයේ කිසිඳු ප්‍රදේශයකින් වාර්තා වී නොමැති අතර ගිනස් ලෝක වාර්තා පොතේ දැක්වෙන්නේ, වැඩිම කාලයකින් (සෙමින්ම) මල් හටගන්නා ශාකය ඒ සඳහා වාසර 80-150 අතර කාලයක් ගන්නා බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.