Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ආගමන විගමන නිලධාරී නිවස්නයෙ තිබී, මෑතකදී සොයාගත් විස්කි බෝතල් 250ක්?

    2021-05-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා රේගුව විසින් නිතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ භාණ්ඩ අත් අඩංගුවට ගත් බවට පුවත් පසුගිය කාලය පුරාවටම පලව තිබුනා. මේ ආකාරයට විදෙස් විස්කි තොගයක් ආගමන විගමන නිලධාරී නිවෙස්නයේ තිබියදී අත් අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වී තිබුනා. ඒ පිළිබඳව අපගේ

    ශ්‍රී ලංකා රේගුව විසින් නිතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ භාණ්ඩ අත් අඩංගුවට ගත් බවට පුවත් පසුගිය කාලය පුරාවටම පලව තිබුනා. මේ ආකාරයට විදෙස් විස්කි තොගයක් ආගමන විගමන නිලධාරී නිවෙස්නයේ තිබියදී අත් අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වී තිබුනා.

    ඒ පිළිබඳව අපගේ කරුණු විමර්ශණයේ දී මෙය පැරණි පුවතක් යොදාගනිමින් වාර්තා වී තිබු නොමඟ යවන සුළු සටහනක් බව අනාවරණය වුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    කොරියන් හිතවතී නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් “ආගමන විගමන නිලදාරි නිවස්නයෙ තිබීයදි අත් අඩංගුවට ගත් විස්කි තොගය” යන තේමාවෙන් පළකර තිබු සටහනක් දින කිහිපයක් තුළ විශාල පිරිසක් අතර හුවමාරු වී තිබුණා. ඡායාරූප කිහිපයක් ද සමඟින් පළවූ එම සටහන පහතින්

    Facebook | Archived

    මෙම ඡායාරුප පෙළම යොදාගනිමින් ඉහත අර්ථකථනය සමඟ තවත් සටහන් රැසක් ම හුවමාරු වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා

    මෙම ඡායාරුප සඳහා යොදාගෙන තිබෙන කැප්ෂන් එක පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර සත්‍ය විස්තරය ලබා නොදීම පිළිබද සිය අදහස් ද එකතු කර තිබුණා. එම ප්‍රතිචාර කිහිපයක් පහතින්

    මෑතකදී මේ ආකාරයට විස්කි තොගයක් සොයා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන්නේ දැයි වැඩි දුරටත් කරුණු සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත පිලිබඳව කරුනු විමසා බැලීමට මැතකදී ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් පිලිබඳ විමසීමක් සිදුකළා. එහිදී විස්කි බෝතල් ප්‍රමාණයක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු හමු උනේ නෑ.

    කෙසේ නමුත් පසුගිය දා ගුවනින් පැමිනි මත්ද්‍රව්‍ය පාර්සලයක් රේගු අංශ විසින් සොයාගෙන තිබුනා. එම පුවත මෙතනින්. එසේම සීදුව ගුදමක විස්කි කන්ටේනරයක් වතුර වී තිබු සිද්ධියක් ද රේගුව විසින් විමර්ශනය කරන බවට වාර්තාවක් අප්‍රේල් මාසයේ දී මෙසේ දැක ගන්නට ලැබුණා.

    ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායරූප Google Reverse Image සෙවුමක් සඳහා යොමුකිරීමේ දී අපට දැකගන්නට ලැබුනේ මෙම සිද්ධිය මීට වසර තුනටකටත් ඉහත සිදුවීමක් බවයි.

    මාධ්‍යවේදී අසාම් අමීන් විසින් 2018 වසරේ අප්‍රේල් මස පළ කරන ලද ට්විටර් පණිවුඩයක එම ඡායාරුප පෙළම දැකගනන්ට තිබෙන බව අපට මෙසේ පෙනී ගියා.

    Twitter  Archived

    එයින් දක්වා තිබුනේ මෙරටට ගෙන්වීමේ නිසි ක්‍රමවේද අනුගමනය නොකරමින් ගෙන ආ මත්පැන් බෝතල් 250ක් ආගමන විගමන නිලධාරීන් යටතේ පාලනය වන කාමරයක තිබී සොයාගෙන බවයි.ඒ අනුව මෙම සිදුවීම 2018 වසරේ සිදු වූ එකක් බවට පෙනී යනවා.

    මෙම සිදුවීමට අදාල පුවත ලංකාදීප පුවත්පතේද 2018 අප්‍රියෙල් මස 03 වන දින පල කර තිබුනේ පහත ආකාරයෙනුයි. 

    Lankadeepa  Archived

    කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති  කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් ආගමන නිලධාරීන් විසින් සොයා ගත් බවට එම පුවතේ වැඩි දුරටත් සඳහන්ව තිබුනා.

    හිරු CIA කණ්ඩායම සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව වැටලීමකින් මෙම නීතිවිරෝධී මත්පැත් ජාවාරම හෙළිකරගත් ආකාරය හිරු පුවත් හරහා “ආගමන විගමන මත්පැන් ගබඩාව කැඩූ හැටි” යනුවෙන් වාර්තා කර තිබුනේ පහත අයුරින්

    කටුනායක ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල හා විවේකාගාර පරිශ්‍රයේ දී කලක පටන් මෙම ජාවාරම පවත්වාගෙන ගෙන යන ලද වාර්තා වී තිබු අතර ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් විදෙස් මත්පැත් මෙහිදී හමුවී තිබෙනවා

    2018 අප්‍රේල් මස සමාජ මාධ්‍ය සටහන් රැසකම මෙම ඡායාරුප පෙළ මෙසේ වාර්තා වී තිබුණා

    මේ අනුව ඉහත සිදුවීම මෑතකදී සිදුව ඇති එකක් නොවන බව පෙනී යනවා. එසේම එම ඡායරුපයේ සිටින්නේ ඉහත වැටලීම හා සම්බන්ධ නිලධාරියෙකු බව ද පෙනී යනවා.

    Update 01/11/2022: නැවත වරක් මේ දිනවල හුවමාරු වන ඉහත සටහන් සම්බන්ධයෙන් එම ඡායාරූපයේ සිටින සුරාබදු දෙපර්තම්නේතුවේ නිලධාරියාව සම්බන්ධ කර ගැනීමට ද අපට හැකි වුණා. එහිදී එම නිලධාරියා පවසා සිටියේ තමා එම වැටලීමට සමබන්ධ වූ සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බවත් මෙම සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් බොහෝ දෙනා මෙම සිදුවීමට සම්බන්ධ ආගමන විගමන නිලධාරියා තමා වශයෙන් වැරදි වැටහීමක් සිටින බවයි. එසේම රජයේ නිලධාරීන් සමස්තයක් වශයෙන් දුෂිත නිලධාරින් බව ලඝු කිරීමට මෙම සටහන යොදාගෙන ඇති බවත් ඔහු පවසා සිටියා.

    Also Read: 

    FACT CHECK: වසංගත තත්වය නිසා රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ අඟල් 82 Samsung රුපවාහිනී යන්ත්‍ර රුපියල් 13,500කට?

    රේගුව ඇල්ලු ලක්ශ 310ක භාන්ඩ ගල් රෝලකට යට කර විනාශ කළ බවට වැරදි අදසකින් පලකළ පුවතක්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව අපට පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විස්කි බෝතල් 250ක් මෑතකදී අත් අඩංගුවට ගෙන ඇති බවට හැඟවෙන අයුරින් ෆේස්බුක් වෙත එකතු කර ඇති සටහන නොමඟ යවන සුළු සටහනක් බවයි.

    කටුනායක ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල හා විවේකාගාර පරිශ්‍රයේ දී සිදුවෙමින් පැවති විදෙස් මත්පැත් ජාවාරමක් සුරාබදු නිලධාරීන් විසින් 2018 වසරේ දී වැටලු අවස්තාවක දී ලබාගත් ඡායාරුප පෙළක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.