Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කොවිඩ් ආසාදිත කුඩා බිළිඳෙකුගේ ඡායාරුපයක් ද?

    2021-09-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ මේ වනවිටත් පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සම්බන්ධයෙන් පළ වන පුවත් සහ සටහන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය සමයේ කොවිඩ් හේතුවෙන් බිළිඳු මරණ සැළකිය යුතු සංඛ්‍යාවක්ද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වැළදුණු බවට සඳහන් කරමින් කුඩා බ

    ලංකාවේ මේ වනවිටත් පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සම්බන්ධයෙන් පළ වන පුවත් සහ සටහන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය සමයේ කොවිඩ් හේතුවෙන් බිළිඳු මරණ සැළකිය යුතු සංඛ්‍යාවක්ද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වැළදුණු බවට සඳහන් කරමින් කුඩා බිළිඳෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ දැක්වුණේ සත්‍ය වශේයෙන්ම කොවිඩ් ආසාදිත දරුවෙකු ද යන්න අප විමර්ශනයක යෙදුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    චූටි Baby නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, කුඩා බිළිඳෙකුට කොරෝනා වැළඳී ඇති බවටත් ඉක්මන් සුවය පතා එම සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු කර ගන්නා ලෙසත් එයින් ඉල්ලා තිබිණි. 

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවත් පරිශීලකයින් අතර සංසරණය වී තිබූ අයුරු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කොරෝනා වැළඳී ඇති බිළිදෙක් බවට හඟවමින් පළ කර තිබූ මෙම සටහනේ ඡායාරූපය අප  Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඉන් අනාවරණය වූයේ 2007 වර්ෂයේ දී රුසියාවේ Berezovsky පිහිටි ළමා රෝහලක මේසයක් මත දින හතක් වයසැති කුඩා බිළිඳෙකු අතරමං කර  තිබියදී සොයා ගෙන තිබූ පුවතක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට මෙම බිළිඳියගේ ඡායාරූපය භාවිතා කර තිබූ බවයි. එම බිළිඳිය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ බවද එම විදෙස් වාර්තාවේ දැක්වුණා.

    nakanune.ru | Archived Link

    2007 වර්ෂයේදී මෙම ඡායාරූපය ප්‍රථමයෙන්ම භාවිතා කර තිබූ බවක් දැක්වුණද, ඉන්පසු වර්ෂ වලදී බිළිඳුන් සම්බන්ධ වාර්තා වලට, බිළිඳුන්ගේ ලෙඩ රෝග සම්බන්ධ වාර්තාවලටද මෙම ඡායාරූපය යොදා ඇති බවක් නිරීක්ෂණය වුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. නිල ඡායාරුප එකතු කිහිපයකද (Stock Image Collections) මෙම ඡායාරූපය තිබෙන බව ද අපට දැක ගන්නට ලැබුණා.

    බොහෝ දුරට කොවිඩ්19 ආසාදනය පැතිරීම 2019 අග භාගය වන විට ආරම්භ වූ බව සැලකෙන අතර මෙම ඡායාරූපය ඊට දශකයකටත් පෙර සිටම අන්තර්ජාලය හරහා බහුලව යොදා ගෙන තිබූ ඡායාරූපයක් බැවින් කොවිඩ්19 වැළඳුණු බිළිඳෙකු නොවන බව පැහැදිලි වෙයි.

    කොවිඩ් ආසාදිත කුඩා දරුවන්ගේ ඡායරූප සම්බන්ධයෙන් බොහෝ පිරිස් සංවේදීව ප්‍රතිචාර දක්වන බැවින් සහ එම සටහන් හුවමාරු කරගන්නා බැවින් මේ ආකාරයට අන්තර්ජාලයේ තිබූ පැරණි ඡායාරූපයක් භාවිතා කරමින්  ව්‍යාජ සටහන නිර්මාණය කර තිබෙන්නේ හුදෙක් තම ෆෙස්බුක් සටහන් ජනතාව අතර හුවමාරු කරගැනීමේ ප්‍රවණතාව වැඩි කර ගැනීමේ අරමුණින් ද විය හැක.

    Also Read: කොරෝනා ආසාදිත ඉතාලි මවක් ලෙස පෙන්වීමට, වසර 35ක් පැරණි ඡායාරුපක් යොදාගත් අවස්ථාවක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් අනාවරණය වූයේ කොරොනා ආසාදනය වූ බිළිඳෙකු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහන අසත්‍ය හා නොමග යවන සුළු බවයි. අන්තර්ජාලයේ වරින් වර බිළිඳුන් සම්බන්ධ වාර්තා වලට බහුලය යොදා ගත් ඡායාරූපයක් මෙලෙස අවභාවිත කොට තිබේ. මෙම ඡායාරූපය භාවිතා කොට 2007 වර්ෂයේදී  පළ කර තිබූ පුවතක් රුසියාවෙන් වාර්තා විය.

    FACT CHECK: ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.