Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් මරදාන දුම්රිය ස්ථානය ලෙස සමාජ ජාල තුළ හුවමාරුවේ. 

    2022-03-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය ධාවනයේද බොහෝ ගැටලු පවතින බව මෙන්ම දුම්රිය මැදිරි තුළ සුවපහසුව සිටිය හැකි මගීන් ප්‍රමාණයට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය තුළ ගමන් ගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණක් .මෙවන් වටපිටාවක් තුළ සිය නගරවල පවතින යුධමය තත්ත

    ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය ධාවනයේද බොහෝ ගැටලු පවතින බව මෙන්ම දුම්රිය මැදිරි තුළ සුවපහසුව සිටිය හැකි මගීන් ප්‍රමාණයට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය තුළ ගමන් ගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණක් .මෙවන් වටපිටාවක් තුළ සිය නගරවල පවතින යුධමය තත්ත්වය නිසා නගර හැර දමා ආරක්ෂිත ස්ථාන/වෙනත් රටවල් බලා ගමන් ගන්නා යුක්‍රේන ජනතාවගෙන් පිරි දුම්රිය ස්ථානයක ඡායාරූපයක්ද ශ්‍රී ලංකාවේ මරදාන දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් ලෙස සමාජ ජාලා හරහා හුවමාරුවේ .මේ එම සමාජ ජාලා සටහන පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් ජනාකීර්ණ දුම්රිය ස්ථානයක ඡායාරූපයක් සමගින් පහත සටහන එක්කර තිබුණා .

    “අද උදේ මරදානේ අපේ පන්තියේ උන්… 

    එයාලට දවල්ට කන්න යන්නත් වාහන පෝලිමක් යනවා…”

    Facebook | Archived 

    මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Also Read: යුධ පිටියේදී මියගිය යුක්‍රේන රූපයෙන් රාජිනියක්ද ?

    යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    Google Reverse Image Search සිදු කර මෙහි මුල් ඡායාරූපය පිළිබදවසොයා බැලීමේදී අපට දැකගන්නට ලැබුණේ මෙය යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් බවයි. 

    මේ හා සමාන ඡායාරූපයක් ඡායාරූප වෙබ් අඩවියක තිබී අපට හමු වූයේ මේ අයුරින්. 

    Web|Archived 

    මෙහිසටහන්ව ඇත්තේ මෙම ඡායාරූපය යුක්‍රේන කාර්කිව් දුම්රිය ස්ථානයේ බවයි. මෙහි මූලාශ්‍රයි ලෙස NEXTA මාධ්‍ය ආයතනයේ නම සදහන්ව ඇති නිසා ඔවුන් මේ පිළිබදව වාර්තා කර ඇති ආකාරය පිළිබදව අප අවධානය යොමු කළා. 

    Archived 

    වැඩිදුර මේ පිළිබදව දැනගැනීම සදහා වෙනත් මාධ්‍ය වාර්තාද අප පරිශීලනය කළා.

    මෙම ඡායාරූපයම පළකරන බ්‍රිතාන්‍ය Mirror  පුවත්පතේ වෙබ් අඩවියද සදහන් කරන්නේ මේ කාර්කිව් දුම්රිය ස්ථානය සහ මෙමගින් නිරූපණය වන්නේ යුධ ගිනි ඇවිලෙන කාර්කිව් නගරය හැරදා යාමට රැස්ව ඇති දහස් ගණන් යුක්‍රේන ජාතිකයන් බවයි.එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ වන විටත් මිලියන 1.5 ක පමණ යුක්‍රේන ජාතිකයින් වෙනත් රටවලට සරණාගතයන් ලෙස පළා ගොස් ඇති බවයි.මේ සම්බන්ධ වැඩිදුර විස්තර දැනගත හැකියි මෙතනින් .Archived.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මෙම ඡායාරූපය මගින් මරදාන දුම්රිය ස්ථානය නිරූපණය නොවන අතර මේ යුක්‍රේන වැසියන් දහස් ගණනක් යුධ ගිනි දැල් ඇවිලුණු කාර්කිව් නගරයෙන් පිටත්ව යාම සදහා රැස්ව සිටින යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයයි.ඒ අනුව සමාජ ජාලා සටහන නොමග යවන සුලු එකක් බව තහවුරු වේ .

    Also Read: Scenes From A Documentary Film Viral As Ukrainian Soldiers Departing To Fight Russia’s Invasion

    Russia-Ukraine War | Old Image Of A Ukrainian Soldier Goes Viral As Wife Of Ukrainian Vice President On The Frontlines…

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.