Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ දැවැන්ත දැල්ලෙකු ගොඩ ගසා ඇති බවට පළ වන ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්!

    2024-06-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය ලොවේ දක්නට නොලැබෙන දුර්ලභ අවස්ථාවන් දැක බලා ගැනීමට මෙන් ම එවැනි තොරතුරු පිළිබඳ දැන ගැනීමට සියලු දෙනා පාහේ කැමැත්තක් දක්වයි. මේ නිසාම බොහෝ පිරිස් නොමග යවමින් අසත්‍ය තොරතුරු පැතිරව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සාමාන්‍ය ලොවේ දක්නට නොලැබෙන දුර්ලභ අවස්ථාවන් දැක බලා ගැනීමට මෙන් ම එවැනි තොරතුරු පිළිබඳ දැන ගැනීමට සියලු දෙනා පාහේ කැමැත්තක් දක්වයි. මේ නිසාම බොහෝ පිරිස් නොමග යවමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ නව තාක්ෂණය භාවිත කරමින් සිදුකරනු ලබනවා. එලෙසින් නොමග යැව‍ූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඉන්දුනීසියාවේ ලොම්බොක් වෙරළ තීරයට ගොඩගසා ඇති විශාල ප්‍රමාණයේ දැල්ලෙක්” යනුවෙන් සඳහන් කරමින් ඡායාර‍ෑපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ ව වී තිබුණා.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉන්දුනීසියාවේ ලොම්බොක් මුහුදු වෙරළට දැවැන්ත දැල්ලෙකු ගොඩ ගසා ඇති බවට එරට මාධ්‍ය වාර්තා වල පුවතක් පළ වී ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා. එමෙන් ම මෙවැනි සිදුවීමක් සැබවින් ම වාර්තා වී ඇත්නම් එය නිසැකව ජාත්‍යන්තර මාධ්‍ය මෙන් ම පරිසරය සම්බන්ධ වෙබ් අඩවි, සඟරා වල ද, වාර්තා විය යුතු අතර එලෙසින් පළ වූ වාර්තා හෝ ඡායාරූප අපට නිරීක්ෂණය නොවුණි.

    එමෙන් ම එහි ඡායාරූප වල දැක ගන්නට ලැබෙන්නේ බූවල්ලා නැරඹීම සඳහා පැමිණි ඇති පිරිස බූවල්ලා අවට නොව වෙනත් ස්ථාන වල විසිරී ඇති බවයි. එය සත්‍ය සිදුවීමකදී මිනිසුන් හැසිරෙන ආකාරයට වඩා වෙනස් අයුරක් ගනී.

    ඒ අනුව අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, බොහෝ විදෙස් රටවල සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විසින් ද, මෙම ඡායාරූපය ඇතුළු තවත් ඡායාරූප සමගින් ඉන්දුනීසියාවේ බූවල්ලෙකු ගොඩ ගසා ඇති අවස්ථාවක් බවට පෙන්වා දී ඇති බවයි. Archived Link

    මෙම ඡායාරූපය AI (Artificial intelligence) තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව ත්, ඩිජිටල් නිර්මාපකයෙකු වන “best_of_ai_” විසින් Instagram හි බෙදා ගත් එම බූවල්ලාගේ නොයෙකුත් කෝණ වලින් ලබා ගත් ඡායාරූප එකතුවක එක් ඡායාරූපයක් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බව දැක ගන්නට ලැබේ. 

    එමෙන් ම එම Instagram පිටුවේ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද තව ත් ඡායාරූප ද,  දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    Also Read : A Giant Octopus Washed Ashore On The Coast Of Indonesia- AI-Generated

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දැවැන්ත ‘දැල්ලෙකු’ ඉන්දුනීසියාවේ මුහුදු වෙරළකට ගොඩ ගසා ඇති බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය අසත්‍ය බවයි. එම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් වන අතර එය දැල්ලෙකු සම්බන්ධයෙන් නොව දැවැන්ත ‘බූවල්ලෙකු’සේ  නිර්මාණය කරන ලද ඡායාරූපයක් වේ. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.