Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ත්‍රිකුණාමල වෙරලේ ගිලෙමින් සිටි විදේශකයින් 8 දෙනෙක් බේරාගත් ත්‍රිකුණාමලයේ දුප්පත් දියණියක්?

    2021-12-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විවිධ ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප අවභාවිතා කරමින් ඒවා වෙනත් අර්ථකතන ඉදිරිපත් කරමින් සමාජ ජාල ඔස්සේ පැතිරවීම සිදුවෙනවා. මේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් නිරූපිකාවකගේ ළමාවියේ  ඡායාරූපයක් අවභාවිත කරමින් සැකසුන සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප

    විවිධ ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප අවභාවිතා කරමින් ඒවා වෙනත් අර්ථකතන ඉදිරිපත් කරමින් සමාජ ජාල ඔස්සේ පැතිරවීම සිදුවෙනවා. මේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් නිරූපිකාවකගේ ළමාවියේ  ඡායාරූපයක් අවභාවිත කරමින් සැකසුන සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණුසොයා බැලීමක්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දැරියකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “වයස 12 ක් වන මෙම දියණිය ත්‍රිකුණාමලයේ දුප්පත් දෙමළ පවුලක එකම දරුවායි. ත්‍රිකුණාමල වෙරලේ ගිලෙමින් සිටි විදේශකයින් 8 දෙනෙක් බේරාගෙන රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ඔබට ස්තූතියි චූටි  දුවේ!”

    Facebook | Archived 

    මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අදහස් දක්වා තිබුණු ආකාරයයි මේ .

    මෙහි ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදව සොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම):

    අප විසින් මුලින්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ත්‍රිකුණාමලයේ වෙරළේදී ගිලෙමින් සිටි විදේශකයින් 8 දෙනෙක් බේරාගත් ත්‍රිකුණාමලයේ දුප්පත් දියණියක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර ඇද්දැයි සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ කිසිදු පුවතක් මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයේද වාර්තා කර නොමැති බවයි. 

    ඉන් අනතුරුව අප මෙම සටහනේ දැක්වෙන ඡායාරූපය Google Reverse Image Search එකකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය ලෝක ප්‍රකට නිරූපිකාවක් වන සනී ලියොන්ගේ ළමා කාලයේදී ලබාගත් ඡායාරූපයක් බවයි. 

    තව දුරටත් මේ පිළිබදවසොයා බැලීමේදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය 2019 වසරේදී ලෝක ලමා දිනයට සමගාමීව සනී ලියොන් විසින් Times of India නම් ඉන්දීය මාධ්‍ය ආයතනයට තම ළමා කාලය නිරූපනය වන මෙම ඡායාරූපය ලබාදී ඇති බවයි.

    තමා දැරියක් වුවද ළමා කාලයේදී සම වයසේ පිරිමි ළමුන් මෙන් කටයුතු කිරීමට කැමැත්තක් දැක්වූ බව සහ වීදි වල අනෙත් ළමයින් සමග හොකී ක්‍රීඩාවේ නිරතවූ බවත් ඇය සඳහන් කර තිබෙනවා .

    Times of India | Archived

    පහත ඡායාරූප සැසදීමේදීද පැහැදිලි වන්නේ මෙම ඡායාරූප දෙකේම සිටින්නේ එකම දැරියක් වන බවයි.

    සනී ලියොන් ලෙස හැදින්වෙන්නේ දැනට ඇමෙරිකානු සහ ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය තුළ නිළියක සහ නිරූපිකාවක ලෙස දායක වන 40 හැවිරිදි කාන්තාවකි. මීට පෙර ඇය වැඩිහිටි චිත්‍රපට වලද රගපා ඇත.ඇයට ඇමෙරිකානු සහ කැනේඩියානු පුරවැසි භාවය ඇති අතර ඇය ඉපදී ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමාපියන්ට දාව කැනඩාවේය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකළ ගවේෂණය අනුව තහවුරු වන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙමළ දැරියක නොව ඇමෙරිකානු කැනේඩියානු පුරවැසි බව සහිත නිරූපිකාවක,රංගන ශිල්පිනියක වන සනී ලියෝන් කුඩා කාලයේදී ඡායාරූප ශිල්පියකු විසින් ලබාගත් ඇයව නිරූපණය වන ඡායාරූපයක්  බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.