Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගාලුමුවදොර අරගල භූමියේදී නවතා තිබූ යතුරුපැදියක ටයරය පොලීසිය විසින් හුළං යවන අයුරු?

    2022-04-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්. එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක

    ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්.

    එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක්ෂයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගාලූමුවදොරදී ශ්‍රීලංකා පොලෝසිය” යනුවෙන් සඳහන් කළ සටහනක් ඡායාරූපයක්ද ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

    එම ඡායාරූපයෙන් හඟවා තිබුණේ, මේ දිනවල ගාලුමුවදොර පිටියේ පැවතෙන අරගලයට සහභාගී වීමට පැමිණ විරෝධතාකරුවෙකුගේ නවත්වා තිබූ යතුරු පැදියක ටයරය මෙරට පොලීසිය විසින් හුළං යවන ආකාරය බවයි.

    Facebook | Archived Link

    එම ඡායාරූප සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ආකාරය පහතින්.

    මෙහි නිරවද්‍යතාවය අප කළ විමර්ශනය පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූපය මෑතකදී ගාලුමුවදොර පිටියේ අරගල භූමියේදි ලබා ගත් අවස්ථාවක්ද යන්න නිරීක්ෂණයක් සිදු කළ අතර මෙම ඡායාරූපය සම්බන්ධයෙන් නිල තොරතුරක් දැක ගන්නට නොලැබුණි.

    ඒ හේතුවෙන් අප මෙම ඡායාරූය පිළිබඳ Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට දැක ගන්නට ලැබුණේ ඉහත ඡායාරූපය මේ වසරේ (2022) ජනවාරි මස මුල් කාලයේදී ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංරණය වී ඇති බවයි.

    එනම් ගාලුමුවදොර අරගලය ඇරඹීමට පෙර සිටය මෙය සමාජ මාධ්‍ය වෙත යොමු වී තිබූ ඡායාරූපයක් බවයි.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපයින් දැක්වෙන ස්ථානය සහ කුමන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙක් විසින් මෙම ක්‍රියාව සිදු කළා ද යන්න සහ මෙම ඡායාරූපය මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ කවදාද යන්න අපට මෙතෙක් ප්‍රමාණවත් සාධක හමු නොවුණි.

    නමුත් මෑතකදී ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන අරගලය සඳහා පැමිණි අයෙකුගේ නවතා තිබූ යතුරුපැදියේ හුළං යවන ආකාරයේ නොවන බවට පැහැදිලි වන්නේ මෙම අරගලය පැවැත්වීමට පෙර සිටම ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි හෙයිනි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :අපලේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන අරගලය සඳහා පැමිණි අයෙකුගේ නවතා තිබූ යතුරුපැදි ටයරයේ පොලීසිය විසින් හුළං යවන ආකාරය බවට හැඟවූ ඡායාරූපය නොමග යවන සුළුයි. එම ඡායාරූපය මේ වසරේ ජනවාරි මස සිට එනම් අරගලය ඇරඹීමට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.