Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රෝහිත් ශර්මා විසින් මුදල් ත්‍යාගයක් ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලයට ලබා දුන් අවස්තාවක් ද?

    2023-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානු සහ ඉන්දියානු ක්‍රීඩකයන් අතර තරඟය පසුගියදා පැවැත්වුණා. අධික වර්ෂාවෙන් පැමිණි බාධක මධ්‍යයේ දින දෙකක දී පැවැත්වුණු මෙම තරඟයේදී අවධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානු සහ ඉන්දියානු ක්‍රීඩකයන් අතර තරඟය පසුගියදා පැවැත්වුණා. අධික වර්ෂාවෙන් පැමිණි බාධක මධ්‍යයේ දින දෙකක දී පැවැත්වුණු මෙම තරඟයේදී අවධානය දිනා ගත් විශේෂ පිරිසක් වුයේ තරඟය පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් කැපවීමෙන් ක්‍රියා කළ ක්‍රීඩාංගණයේ සේවය මණ්ඩලයයි. මේ පිළිබඳ ලොව පුරා ප්‍රසාදයට පත් වෙද්දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විසින් සිය කෘතඥතාවය දැක්වීමක් ලෙස තමාට හිමිවූ මුදල් ත්‍යාගයක් මෙම සේවක පිරිසට පිරි නැමූ බවට ඡායාරූපය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමක FactCrescendo අප කටයුතු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රෝහිට් ශර්මා සහ ඉන්දියාවේ ටීම් එක ඊයේ winner of the match award එකෙන් හම්බුන මුදල ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සේවය කල ground staffsලාට ලබා දුන්නේය…!❤ Hats off you boys” යනුවෙන් සඳහන් කරමින් එම අවස්ථාවේ ඡායාරූපයක් බවට දක්වමින් ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    X ඔස්සේ ද, මෙම ඡායාරූප සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    https://twitter.com/ImHydro45/status/1701669769458639140

    මෙම ඡායාරූප සටහන සත්‍ය බවට උපකල්පනය කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතා සොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය හිමිවූ ඉන්දීය – පකිස්තාන සුපිරි 4 දෙනාගේ තරඟයට වැස්සෙන් බාධා එල්ල වීමත් සමඟ, තරඟය නිමාවුයේ ඒ සඳහා වෙන්කර තිබු දෙවන දිනය වූ සැප්තැම්බර් මස 11 වෙනිදායි. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර (ඛෙත්තාරාම) ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ දී පකිස්ථානය එරෙහිව ලකුණු 228ක විශිෂ්ඨ ජයක් ඉන්දියාව ලබාගත්තේ දෙරට අතර එහිදින තරඟ ඉතිහාසයේ ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රණයටත් හිමිකම් කියමින්.

    මෙහිදී ඉන්දියානු කණ්ඩායමට තරඟ ජයග්‍රණය සඳහා ලැබුණු මුදල් ත්‍යාගය, ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් ඛෙත්තාරාම පිට්ටනියේ මහත් පරිශ්‍රමයකින් සේවයේ නිරත වූ කාර්ය මණ්ඩලයට පිරිනැමු අවස්තාවක් සිදුවිණි නම් එය මාධ්‍ය අවධානය දිනා ගැනීමට ඉඩ තිබූ අතර ඒ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙන් ම මෙරට මාධ්‍ය ද, වාර්තා කළ යුතුයි. නමුත් අපට එවැනි මාධ්‍ය වාර්තාවක් හෝ ඉහත ආකාරයේ ඡායාරූපයක් ද, පළ වී ඇති බවට දැක ගැනීමට හැකි නොවුණි. 

    එමෙන් ම එම තරගයේ දී රෝහිත් ශර්මා තරඟයේ වීරයා බවට පත්වූ ලෙස ද ඇතැම් සටහන් මඟින් දක්වා තිබුණි. ශර්මා අර්ධ ශතකයක් ලබා ගත්ත ද මෙම තරඟයේ දී නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් තරඟයේ වීරයා සම්මානය හිමි කරගත්තේ විරාත් කොලියි. ඔහු මෙම තරඟයේ දී එක්දින තරගවල ලකුණු 13,000 පසුකළ වේගවත්ව ලබාගත් ක්‍රීඩකයා බවට ද පත්වුණා.

    අප ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සේයාරුව පිළිබඳව තහවුරු කර ගැනීමට මෙරට ක්‍රිකට් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ගෙන් ද, තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස TV නාලිකාය හරහා ද, විමසීම් කළ අතර, ඔවුන් තහවුරු කළේ ද, එවැනි සිදුවීමක් නොවූ බවයි.

    ඒ අනුව අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වූයේ පසුගියදා වර්ෂාව නොතකා ඉන්දියාව සහ පාකිස්ථානය අතර කොළඹදී සුපිරි තරගයක් නිමාවට පත්වූ අවස්ථාවේ වර්ෂාවෙන් පිට්ටනියේ ආවරණය කරන ක්‍රියාවලිය පිළිබඳ පැසසුම් එක් කරමින් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා සහ කේ.එල් රාහුල් ද පිට්ටනියේ වැඩකටයුතු සිදු කළ කාර්ය මණ්ඩලය අගය කිරීමක් සිදු කළ අතර, ඒ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් මෙලෙසින් සංස්කරණය කොට චෙක් පතක් ඇතුළත් කර තිබු අවස්තාවක් බවයි.

    සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූපය පහතින්.

    lokmantra

    සංස්කරණය කරන ලද ඡායාරූපය සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    එමෙන් ම ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා තරගයෙන් අනතුරුව පැවති සම්මුඛ සාකච්ඡාවකදී පිට්ටනිය තුළ සේවය සැපයූ පිරිස  අගය කර තිබුණා.

    පාකිස්තානයට එරෙහි ඉන්දීය තරඟයේ ශතකයක් ලබාගත් KL රාහුල් ද ක්‍රිඩාංගනයේ සේවක මණ්ඩලය සිය Instagram ගිණුම හරහා අගය කරමින් සඳහන් කළේ, මෙම විස්මිත පුද්ගලයින්ට ගෞරවය හිමි විය යුතු බව ත්, මෙම ක්‍රීඩාව කළ හැකි ලෙස ආරක්ෂිත කිරීමට ඔවුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම වෙනුවෙන් ඔවුන්ට සිට ස්තූතිය පළ කරන බවයි.

    වර්ෂාව මධ්‍යයේ ප්‍රතිඵලයක් ගෙන දිය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සකස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ආර් ප්‍රේමදාස පිටියේ සේවකයින්ට විශේෂ ස්තුතියක් පුද කළ අයුරු පහතින්.

    එමෙන් ම ඉහත ෆේස්බුක් සටහන් විනෝදාත්මක ස්වරූපයෙන් මුල් අවස්ථාවේදී මෙලෙසින් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවද, මේ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබු අතර ඉන්පසුව බොහෝ සටහන් විසින් මෙහි දක්වා තිබෙන්නේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බවට ද කරුණු යාවත්කාලින කර තිබුණා.

    Facebook | Archived Link

    Update: 18/09/23

    ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ(17) පැවැත් වූ අවසන් මහා තරගයෙන් ඉන්දියානු පිළ ඉතාමත් පහසු ජයගහ්‍රණයක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණ හමුවේදීය.

    ඉන්දීය කණ්ඩායමක් ආසියානු කුසලානයක් ජය ගත් 8 වන වතාව මෙය වන අතර 7 වන වරටත් ශ්‍රී ලංකාව ආසියානු අනුශූරයින් ලෙස තරගාවලිය නිමා කළා.

    ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිල නොලත් වීරවරයන් වන ක්‍රීඩාංගණ සේවකයින්ට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් සිය නිල X (ට්විටර්) ගිණුමේ සඳහන් කර තිබුණා.

    එහි ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිල නොලත් වීරවරයන් වන ක්‍රීඩාංගණ සේවකයින්ට විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවයි.

    2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට මහත් රුකුලක් වූ මොහොමඩ් සිරාජ් එම තරඟයෙන් කඩුලු 6ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිවුණා.

    ඔහුට ලැබුණු අමෙරිකානු ඩොලර් 5,000 (INR 4,15,452) මුදල් ත්‍යාගය ද, ඔහු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සේවකයින්ට පරිත්‍යාග කිරීමට ඔහු තීරණය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ESPN cricinfo පිටුවේ පළ වූ ලිපියක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉන්දියානු කණ්ඩායමට තරඟ ජයග්‍රණය සඳහා ලැබුණු මුදල් ත්‍යාගය, ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් ඛෙත්තාරාම පිට්ටනියේ මහත් පරිශ්‍රමයකින් සේවයේ නිරත වූ කාර්ය මණ්ඩලයට පිරිනැමු අවස්තාවක් බවට දැක්වෙන ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් වන අතර එවැනි සිදුවීමක් නොවුණු බවට ක්‍රීඩා මාධ්‍යවේදීන් තහවුරු කරනු ලබනවා. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.