Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

    2021-12-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල වි

    ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්. 

    “ජේවීපී කාරයෙක්වත් ලගපාතක හිටියනම් වතුර ගහල නිවනවා .”

    “88/89 JVP කලබලකාලෙ ඉබේම ගිනිගත් CTB බස් එකක්.”

    Facebook| Archived

    ඒ සම්බන්ධයෙන් පරිශීලකයින් දැක්වූ අදහස් කිහිපයකි මේ .

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

    අප මුලින්ම Google Reverse Image පරීක්ෂාවකට ලක්කල අතර එහිදී අපට මෙම ඡායාරූපය සම්බන්ධ සැබෑ තොරතුරු දැනගැනීමට හැකිවුණා.එහිදී අපට දැනගන්නට ලැබුණේ මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89 සමයේ ගිනිතැබූ බස් රථයක් බවට ඒත්තු ගැන්වෙන සේ සමාජ ජාල සටහනේ සටහන්ව තිබුනද මෙය ඔවුන් විසින් ගිනි තැබූ බස් රථයක් නොව 2016 වසරේදී චීනයේ Guangzhou පළාතේදී ගිනි ගැනීමකට ලක්වූ පාසල් බස් රථයක් බවයි.මෙය ගින්ගන්නා අවස්ථාවේ සිසුන් 40 පමණ බස් රථයේ සිටියද ඔවුන්ව සියලු දෙනාවම ආරක්ෂිතව මුදවාගැනීමට සමත්ව තිබෙනවා. 

    Web | Archive

    සමාජ ජාල සටහන්වල ජවිපෙ මගින් ගිනි තැබූ බවට ඒත්තු ගැන්වෙන ඡායාරූපය සහ චීනයේ දී ගිනිගත් බස් රථය අතර ඡායාරූප සංසන්දනයක් පහතින් .

    කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සීටීබී  බස් රථ ගිනි තබා විනාශ කරන ලද බව , නොයෙකුත් අවස්ථාලදී ඇසෙන්නට ලැබෙන කාරනයකි .  අපසොයා බැලුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89 අරගල කාලයේදී බස් රථ කොපමණ ගිනි තබා ඇද්ද යන කාරණයයි. එහිදී අපට විවිධ වාර්තා මගින් දැකගන්නට ලැබුණේ 88-89 කාල වකවානු තුළ ජවිපෙ විසින් ගමනා ගමන මණ්ඩලයට(CTB) අයත් බස් රථ ගිනි තබා ඇති බවයි. 

    ඒ සම්බන්ධයෙන් Tamil Centre for Human Rights නම් මානව හිමිකම් සංවිධානයේ වෙබ්අඩවියේ පළව තිබූ වාර්තාවක් මෙතනින්.Archived.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමසීම අනුව තහවුරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89 වසරේදී ගිනි තබන ලද බස් රථයක් ලෙස ඒත්තු ගැන්වෙන සේ  චීනයේදී ගිනි ගන්නා ලද බස් රථයක ඡායාරූපයක් හුවමාරු වන බවයි.කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින්ද බස් රථ  1988-89 කාලයේදී ගිනි තබා විනාශ කර ඇති බවටත් වාර්තා වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.