Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: ගුවන් හමුදා භටයෙකු අතැතිව තිබූ නවීන ආයුධය කුමක්ද?

    2021-03-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් ගුවන් සංදර්ශන පෙළක් පසුගිය දින කිහිපයේදී ගාලුමුවදොර පරිශ්‍රයේදී අපට දැකගන්නට ලැබුණා. මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පවා හුවමාරු

    ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් ගුවන් සංදර්ශන පෙළක් පසුගිය දින කිහිපයේදී ගාලුමුවදොර පරිශ්‍රයේදී අපට දැකගන්නට ලැබුණා. මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පවා හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශනයක් මෙතැනින්

    ගුවන් හමුදා සංදර්ශන අතරතුරදී ගුවන් හමුදා භටයකු අතැතිව තිබුනු විශේෂ ආකාරයේ අවියක්  පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය වල විශාල කතාබහක් ඇති වී තිබුණා. මෙවන් පසුබිමක එය ගුවන් යානා වල වේගය මනින උපකරණයක් බවට ද උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වී තිබූ අතර අපගේ කරුණු අනාවරණයේදී පැහැදිලි වූයේ එය ඩ්‍රෝන ජැමරයක් බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “කවුරුත් අහලා තිබ්බා මේ මොකක්ද කියලා…මේකෙන් තමයි ප්ලේන් වල HIGH SPEED අල්ලන්නේ” යනුවෙන් ගුවන් හමුදා භටයෙකු අතැතිව තිබෙන විශේෂ අවිය පිලිබඳ ලබා දී තිබු විස්තරයට උපහාසතමක් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.

    Facebook | Archived

    බොහෝ දෙනා මේ පිළිබඳව දැනුවත් වී තිබුණ ද මෙය ඇත්ත වශයෙන්ම කුමක් ද යන්න ද ඇතැම් ය පහත පදිරි විමසා ඇති බවක් ද අපට දැක ගන්නට ලැබුණා

    එම සටහන් බොහෝ දෙනා අතරේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්

    FacebookArchived
    FacebookArchived

    ෆේස්බුක් තුල බොහෝ දෙනෙක් මෙම උපකරණය කුමක් දැයි යන්න පිලිබඳව විමසිලිමත් වන බව අපට දැකගන්නට ලැබුණු බැවින් මෙහි සත්‍යතාවය සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මේ පිලිබඳව විමසීමට ගුවන් හමුදාවේ ඉහල නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තා. එහිදී මෙම අවිය පිලිබඳව ඔහුගෙන් විමසා සිටි අතර මෙය පහසුවෙන් ප්‍රවාහනය කල හැකි ඩ්‍රෝන ජැමරයක් බව තහවුරු කලා. ඩ්‍රෝන යානා වලින් ආරක්ශාව සම්බන්ධව සිදුවන තර්ජන සඳහා මුහුණ දීම සඳහා මෙම උපකරණය ගුවන් හමුදාව විසින් භාවිතා කරන බව එම ගුවන් හමුදා මාධ්‍ය අංශයේ ප්‍රධානියා අපව දැනුවත් කලා. ඒ අනුව මෙම උපකරණය ගුවන් යානා වල වේගය මනින එකක් නොවන බව පැහැදිලියි.

    මෙම ඩ්‍රෝන ජැමරය පිලිබඳව Sunday Times පුවත් පතේ අන්තර්ජාල කලාපයේ ලිපියක් පලව තිබුනේ මෙම අවිය අත දරා සිටින ගුවන් භටයෙකුගේ ඡායාරූපයක්ද සමගිනි.

    වාණිජ ඩ්‍රෝන් වෙළඳපොළ පුළුල් වීම නිසා ජාතික ආරක්ෂාව අඩාල කිරීමට සහ සංවේදී ඉලක්ක වලට පහර දීමට පහසුවෙන් ලබා ගත හැකි යූඒවී (UAV- Unmanned Ariel Vehicles) තාක්ෂණය උපයෝගී කර ගැනීමේ පියවර වැඩි වී ඇති නිසා මේ ආකාරයට ගුවන් හමුදාව ඩ්‍රෝන් ජෑම්ර් භාවිතා කරන බව එහි දක්වා තිබුනා.ඩ්‍රෝන යානයක් හෝ යූඒවී එකක් උදාසීන කර මෙහෙයුම් හා සම්ප්‍රේෂණය අවහිර කිරීමෙන් අවහිර කළ හැකි බව මෙහි වැඩි දුරටත් සඳහන්.

    එම පුවත පහතින්.

    Sundaytimes.lkArchived

    මෙම ඩ්‍රෝන් ජැමරය බොහෝදුරට Digital Eagle වැනි සමාගමක නිශ්පාදිත එකක් බව මෙම  අවිය දෙස හොඳින් බැලුවොත් පෙනී යනවා.එම සමාගමේ වෙබ් අඩවියේ මෙම ඩ්‍රෝන් ජෑමරය පිලිබඳව වැඩි දුරටත් තොරතුරු ඇතුලත් වෙනවා.

    digitaleagle-uav.comArchived
    https://a2.ldycdn.com/cloud/mrBqnKiqSRppnnjjmpl/13711f.png

    මෙවන් උපකරණයක ක්‍රියාකාරීත්වය සම්බන්දව වීඩියෝ පටයක්ද අපට යූටූබ් හරහා සොයා ගැනීමට හැකි වුනා.එය පහත මෙතනින්

    ඒ අනුව මෙම උපකරණය ගුවන් යානා වල වේගය මැනීමට යොදා ගන්නා එකක් නොවන ඩ්‍රෝන හෝ යූඒවී යානයක් මඟින් එල්ලවිය හැකි තර්ජන අවම කිරීම සඳහා යොදාගන්න උපකරණයක් බව පැහැදිලිය.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී ගුවන් යානා වල වේගය මැනීමට ඇති උපකරනයක් ලෙස උපහාසාත්මක කෝණයකින් දක්වා ඇති අවිය ඇත්ත වශයෙන්ම ඩ්‍රෝන් වල ගමනාගමනය අවහිර කරන ජැමරයක් බව පෙනී යනවා. එම අවියෙන් කිසිම විටෙක ගුවන් යානා වල වේගය මැනිය නොහැක.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.