Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : මෙහි සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි බෞද්ධ පන්සල ඉදිකිරීමට අනුග්‍රහය ලබාදුන් රජතුමා ද?

    2021-01-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ භක්තිකයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉදිකර තිබෙන පන්සලකදී ලබාගත් ඡායාරුපයක් පසුගිය දා සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් අතර හුවමරු වී තිබුණා.   පන්සලේ වැඩ වසන ස්වාමින්ව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ භක්තිකයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉදිකර තිබෙන පන්සලකදී ලබාගත් ඡායාරුපයක් පසුගිය දා සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් අතර හුවමරු වී තිබුණා.  

    පන්සලේ වැඩ වසන ස්වාමින්වහන්සේ දෙනමක් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එම ආශ්‍රමය ගොඩනැගීමට දායක වූ රජතුමා බව හඟවමින් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම වැරදි විස්තරයක් සහිත සේයාරුවක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය.  මහමෙව්නා අසපුවේ ඩුබායි නගරයේ ශාඛාව ලෙස ඉදිවී තිබු මෙම පන්සලට 2019 වසරේ දී සුප්‍රසිද්ධ විඩියෝ නිෂ්පාදකයකු වන කාලීඩ් අල් අමේරි (Khalid Al Ameri) පැමිණි අවස්ථාවේ දී ලබාගෙන තිබු සේයාරුවක් මෙසේ වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වී තිබුණි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “මුස්ලිම් රටක පන්සලක් හදපු ඒ උතුම් UAE මහරජුට ශ්‍රි ලාංකිකයන්ගේ උණුසුම් ස්තුතිය. රජුනි ඔබට ජයෙන් ජයවේවා” තේමාවෙන් සේයරුවක් සහිත සටහනක් Chaminda Kumarage නැමැත්තෙකු විසින් ඉදිරිපත් කර තිබුනේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ය.

    FacebookArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් විසි එක දහසකටත් වැඩි සංඛ්‍යාවක් අතර හුවමාරුව තිබු මෙම සටහනට හිමිවු සමහර ප්‍රතිචාර අතුරින් බොහෝ දෙනෙක් ද එම ඡායාරූපයේ සිටිනුයේ ඩුබායිහි සුප්‍රකට YouTube බ්ලොගර් කෙනකු බව හඳුනා ගෙන තිබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සටහනේ අන්තර්ගත ඡායාරූපය reverse image සෙවීමකට යොමු කළෙමු.  මෙම  ඡායාරූපය සහිත සමාජ මාධ්‍ය සටහන් මෙන්ම පුවත්පත් වාර්තා රැසක් නිරීක්ෂණය විය. 

    Lye Ket Yong නමැති ෆේස්බුක් ගිණුමක Mahamevnawa Buddhists Center, Dubai, UAE. “Celebrating Religious Tolerance. A visit by Khalid Al Ameri and Al Khaleej News article about the Buddhist Center.” තේමාවෙන් (මහමෙව්නාව බෞද්ධ මධ්‍යස්ථානය වෙත කාලිඩ් අල් අමෙරිගේ  සංචාරයක්) ඡායාරූප කිහිපයක් සහිත සටහනක් වෙත අපගේ අවධානය යොමුවිය.

    FacebookArchived Link

    අප Lye Ket Yong විසින් පළකර තිබු ඡායාරුප එකතුවේ තිබු ඡායාරූපය සහ Chaminda Kumarage නැමැත්තා විසින් ඉදිරිපත් කර තිබු ඡායාරූපය සංසන්දනය කළ අතර එය එකම ඡායාරූපයක් බවට මෙසේ තහවුරු විය.

    මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප පොල්ගහවෙල මහමෙව්නා අසපුව ප්‍රධාන කාර්යාලය සමඟ සම්බන්ධ වුනා.  ඉහත වැරදි අර්ථකතනයක් සහිතව හුවමාරු වන්නේ ඩුබායි රාජ්‍යයේ ප්‍රසිද්ධ විඩියෝ නිෂ්පාදකයකු වන කාලීඩ් අල් අමේරි, ඩුබායි හි පිහිටි මහමෙව්නා අසපුව ට පැමිණි අවස්ථාවේ බව අපට සනාථ කර සිටියා.

    එසේම ඩුබායි පිහිටා ඇති මෙම පන්සල, මීට වසර විස්සකටත් මත්තෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මුලිකත්වයෙන් ආරම්භ වූ මහමෙව්නා අසපුවේ විදෙස් ශාඛාවක් බවත්, එය ඉදිකිරීමට බොහෝදුරට සහය ලබාදුන්නේ සහ අනුග්‍රහය දැක්වයේ මෙරට සහ එරට ලාංකික ඇතුළු බෞද්ධ ප්‍රජාව විනා ඩුබායි රජතුමා හෝ රජපවුල නොවන බවද අපට පැහැදිලි කර සිටියා.

    මහමෙව්නා වෙබ් අඩවියේද  ඩුබායි, ජුමෙයිරා, 8A වීදියේ අංක 3 දරණ ස්ථනයේ ශාඛාවක් පිහිටා ඇති බව දක්වා තිබුනේ මෙලෙසින්.

    Mahamewnawa Web | About Us

    තම බිරිඳගේ ද සහය සමඟ, මැදපෙරදිග ජනදිවිය මෙන්ම හාස්‍ය උපදවන වීඩියෝපට නිපදවන්නෙකු බව  කාලීඩ් අල් අමේරි සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණි.

    ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඩුබායි විහාරය පිළිබඳව 2019 ජනවාරි 31 වැනි දින BUDDHIST IN DUBAI තේමාවෙන් “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන බෞද්ධයන් 500,000 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවෙන් පැමිණි අය වෙති. මෙම වීඩියෝවෙන් මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එකම බෞද්ධ විහාරස්ථානය වන මහමෙව්නාවා බෞද්ධ ආරාමයට ගියෙමි.” කථාංගය සහිතව ඉදිරිපත් කර තිබු වීඩියෝපටය දක්නට ලැබුණා.

    https://www.facebook.com/khalidalameri/videos/996232827229150/

    Facebook | YouTube

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහමෙව්නාව ආශ්‍රමයේ වැඩ වසන ස්වාමින්වහන්සේ දෙනමක් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එම ආශ්‍රමය ගොඩනැගීමට දායක වූ රජතුමා නොව සුප්‍රසිද්ධ විඩියෝ නිෂ්පාදකයකු වන කාලීඩ් අල් අමේරි (Khalid Al Ameri) බවයි.

    ලංකාවේ මහමෙව්නා අසපුවේ විදෙස් ශාඛාවක් ලෙස ඩුබායි නගරයේ ඉදිවුණු මෙම පන්සලට 2019 වසරේ දී කාලීඩ් අල් අමේරි පැමිණි අවස්ථාවේ දී ලබාගෙන තිබු සේයාරුවක් මෙසේ වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වී තිබුණි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මෙහි සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි බෞද්ධ පන්සල ඉදිකිරීමට අනුග්‍රහය ලබාදුන් රජතුමා ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.