Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජස්ටින් බීබර්ට පළ දුන්නේ බුදු හිමියන්ට අපහාස කල පාපයද? (PHOTO)

    2022-06-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජා

    ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ජස්ටින් බීබර් සිය අසනීප තත්ත්වය පිළිබදව ලෝකයට දැනුම්දෙන ඡායාරූපය එක් පසෙකින්ද අනෙත් පසින් බුදුන් වහන්සේ නිරූපණය වන ආකාරයට සකසා ඇතැයි අනුමාන කල හැකි පිළිමයක සිරස ආසන්නයෙන් පාදයක් තබාගෙන සිටින පුද්ගලයෙකු ඡායාරූපයක් ද තබා පහත සටහන එක්කර තිබුණා.

     “ලොව ප්‍රකට ගායක ජස්ටින් බීබර් ඊයේ දිනයේ ඔහුගේ මුහුණේ එක් පැත්තක අංශභාග රෝගයෙන් පෙළෙන නිසා ඔහු ගායනයෙන් විවේකයක් ගන්නා බව නිවේදනය කලේය. 

    ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක, ඔහු පවසා සිටියේ ඔහුට රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය ඇති බවත්, එමඟින් ඔහුගේ මුහුණෙන් අඩක් චලනය කිරීමට නොහැකිය එනම් ඇසිපිය සැලීම සිනාසීමට නාස් පුඩු සෙලවීමට නොහැකි බවය.

    තේරුණාද ඔබ කල පව් දුරදිග නොබලා”

    Facebook | Archived 

    තවත් සටහනක් මෙතනින්

    මෙම සටහන් මඟින් අදහස් කර තිබුනේ පෙර දිනක ජස්ටින් බීබර් බුදුරජාණන් වහන්සේගේ සිරස සහිත පිළිරුවකට නිගා වන සේ හැසිරුණ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට මුහුණේ පැත්තක අංශභාග තත්වයට ලක්වීමට සිදුවූ බවත්ය.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම් )

    බැලු බැල්මටම දෙවන ඡායාරූපයේ සිටින්නේ ජස්ටින් බීබර් නොවන බව පෙනී යනවා. ඉහත දෙවන පින්තුරයේ සිටින පුද්ගලයා සුප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බව දැකගත හැකියි.

    සමාජ මාධ්‍ය ඔස්සේ ද අති විශාල රසිකයින් සංඛ්‍යාවක් සිටින රොනාල්ඩෝ 2016 වසරේදී එම ඡයාරූපය ඔහුගේ Instagram ගිණුමේ පළකර තිබු අයුරු පහතින්.

    Instagram | Archived

    එහිදී ඔහු පෘතුගීසි බසින් දක්වා තිබුණේ “සුබ දවසක්”යන ශිර්ෂයයි.

    මේ සම්බන්ධ සටහනක් Times of India වෙබ් අඩවියේ පලව තිබුණා. එහි සදහන්ව ඇති කාරණය වන්නේ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩකයාගේ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ උදහසට ලක්ව තිබුණු බවයි. එම සටහනට පිවිසිය හැකියි මෙතනින් Archived. ලංකාවේ ද එම ඡායාරුප පිලිබඳ පුවත් විදෙස් පුවත් ඇසුරින් වාර්තා කර තිබුනේ මෙලෙසින්.

    ඉන් අනතුරුව අප විමසා බැලුවේ ප්‍රකට ගායක ජස්ටින් බිබර් මේ ආකාරයේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ක්‍රියාවලට සම්බන්ධ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර තිබෙනවාද යන කරුණයි. නමුත් එවැන්නක් සොයා ගැනීමට අපට හැකිවුයේ නැහැ .

    ඒ කෙසේ වෙතත් ජස්ටින්  බිබර් මියන්මාරයේදී බෞද්ධ  භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වූ බවට සමාජ ජාල හරහා පසුගිය කාලයෙදී අසත්‍ය ප්‍රචාර ව්‍යාප්ත වූ අතර  ඒ සම්බන්ධයෙන් සිදු කල කරුණු විමසා බැලීමක් මෙතනින්. Archived 

    2017 වසරේ බුද්ධ පුර්ණිමා දිනය ලෙස ඉන්දියාවේ සමරන දිනයට සමාගාමී ව ජස්ටින් බිබර් මුම්බායි නුවර ප්‍රසංගයක් සඳහා පැමිණි අවස්ථාව පිළිබඳව ද එරට කතාබහට ලක්ව තිබුනේ මෙලෙසින්

    ඒ  මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වි සෑදෙන Ramsay Hunt Syndrome නම් රෝගී තත්ත්වකින් තමා පෙළෙන බව සුපිරි ගායක ජස්ටින් බීබ්ර් සිය නිල ඉන්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවකින් පසුගිය දා නිවේදනය කර සිටියේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් වල පළමු ඡායරුපයේ තිබෙන්නේ මෙම වීඩියෝවෙන් ලබාගත් දර්ශන වේ.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේ දී තහවුරු වුයේ සමාජ ජාලා සටහන් වල දක්නට ඇති බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ඡයාරූපවල පෙනී සිටින පුද්ගලයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ  සුපිරි පාපන්දු ක්‍රීඩකයා මිස ජස්ටින් බිබර් ගායකයා නොවන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-06-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.