Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර දෙදහසක මාර්ගයක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත වන අවස්ථාවක් ???

    2022-01-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත

    පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත කිරීම හා සබැදිව පැතිරුණු එවැනි නොමගයවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාල සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පහත සටහන සමග ඡායාරූපයක් එක්කර තිබුණා.

    “රටක සංවර්ධනය—කිලෝමීටර 2000 ක පාරක් විවෘත කිරීම.ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය,ඉන්ජිනේරුවරයා,අදාළ කොම්පැණියේ හිමිකරු,අදාළ කොම්පැණියේ කම්කරුවා ,එම ප්‍රාන්තය නියෝජනය කරන ඇබෝජියන් ජාතික කාන්තාව “

    Facebook | Archived

    මේ සම්බන්ධයෙන්  පරිශීලකයින් දැක්වූ අදහස් කිහිපයකි මේ .

    මේ හා සමාන ඡායාරූප හා සටහන්  ෆේස්බුක් පුරා පැතිර පවතින ආකාරයක් දක්නට ලැබුණා.

    වේගයෙන් පැතිර යන සටහන් පෙළක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check :සත්‍ය තොරතුරු විමසා බැලීම. 

    අප විසින් Google Reverse Image Search සිදුකළ අතර එහිදී අපට සොයාගැනීමට හැකියාව ලැබුනේ මෙම ඡායාරූපය Queensland ප්‍රාන්ත අගමැතිවරිය වන Annastacia Palaszczuk විසින් සිය ට්විටර් ගිණුමට එක්කර තිබුණු එකක් වන බවයි. 

    Twitter | Archived

    2021 නොවැම්බර්25 දින එක්කර තිබූ එම ට්විටර් සටහනේ දක්නට ලැබෙන්නේ මෙය කිලෝමීටර 3.8 ක දිගින් යුතු Smithfield අතුරු මාර්ගය ලෙසයි.එමෙන්ම ඩොලර් මිලියන 164 ක වියදමින් ඉදිකළ මෙම මාර්ගය නිසා Smithfield ,Northern Beaches,Cairns යන ප්‍රදේශවල රථවාහන තදබදය අඩුවනු ඇති බවද ,මෙහි නිළ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම පිළිබදව තමන් සතුටට පත්වන බවද එහි සදහන් වනවා. 

     මේ පිළිබදව වැඩිදුර අවධානය යොමුකළ අපට දැකගන්නට ලැබුණේ මේ උත්සවය සදහා සහභාගීවූයේ සමාජ ජාල සටහන් වල දැක්වෙන ආකාරයේ පිරිසක් නොව ප්‍රාන්ත අගමැතිණිය ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වන බවයි.විවෘත කිරීම සිදුව ඇත්තේ 2021 නොවැම්බර් මස 25 වන දිනයි. ඒ හා සබැදි ඡායාරූපයක් පහතින්.

    Web | Archived

    කෙසේ වෙතත් සරල ආකාරයෙන් මහ ජනතාවට නොවැම්බර් 25 දින විවෘත කෙරුණු  මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිමාකර මහජනතාවට විවෘත කිරීම වෙනුවෙන් වූ උත්සවයක්ද පවත්වා තිබෙනවා.ඒ ආසන්නතම සති අන්ත ඉරිදා දිනය වන නොවැම්බර් 28 දිනයි.මෙම  උත්සවය හේතුවෙන් 27 සෙනසුරාදා රාත්‍රී 8 සිට 29 ඉරිදා රාත්‍රී 8 වන තුරු මෙම මාර්ගය මෝටර් රථ සදහා විවෘත නොවන බව ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් නිවේදනය කර තිබෙනවා,එමෙන්ම නොවැම්බර් 28 දින පාපැදි තරගයක්,සන්නද්ධ සහ පැරණිවාහන සංදර්ශණයක් පැවැත්වෙන බව පොලීසිය විසින් නිවේදනය කරන අතර එය නැරඹීම සදහා පැමිණෙන ලෙස මහජනතාවට ආරාධනා කර සිටිනවා. 

    Web | Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරුවූයේ සමාජ ජාලා සටහනේ දැක්වෙන ඡායාරූපය මගින් සැබැවින්ම නිරූපණය වන්නේ කිලෝමීටර 2000 ක මාර්ගයක් නොව කිලෝමීටර 3.8 ක පමණ ඕස්ටේලියාවේ ස්මිත්ෆීල්ඩ් හි ඉදිකළ අතුරු මාර්ගයක් බවයි.එම ඡායාරූපයේ මාර්ගය විවෘත කරන අවස්ථාවේ දක්නට ලැබෙන්නේ සමාජ ජාලා වල සදහන් ආකාරයේ පිරිසක් නොව ප්‍රාන්ත අගමැතිනිය ඇතුලු මැති ඇමතිවරු පිරිසකි.ඒ අනුව මෙම සමාජ ජාල සටහන නොමග යවන සුලු එකක් බව තහවුරුවේ .

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.