Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කාන්තාරයක් මැදින් සිරියාවේ සිට ජෝර්දානයට ගමන් කරමින් සිටි කුඩා දරුවෙක්ද?

    2021-09-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජීවිත ආරක්ෂාව, හොඳ ජීවන තත්ත්වයක් ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් 2011 වසරේ සිට මේ වන විට මිලියන ගණනක් සිරියානු සරණාගතයින් අසල්වැසි රටවල් කරා ගමන් කර තිබෙනවා. වසර 10 කට ද පසු සිරියාව ලොව විශාලතම සරණාගත අර්බුදයකට මුහුණපාන රටක් ලෙස හැඳින්වෙනවා. ජෝර්දානයේ ද

    ජීවිත ආරක්ෂාව, හොඳ ජීවන තත්ත්වයක් ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් 2011 වසරේ සිට මේ වන විට මිලියන ගණනක් සිරියානු සරණාගතයින් අසල්වැසි රටවල් කරා ගමන් කර තිබෙනවා. වසර 10 කට ද පසු සිරියාව ලොව විශාලතම සරණාගත අර්බුදයකට මුහුණපාන රටක් ලෙස හැඳින්වෙනවා. ජෝර්දානයේ ද මේ වන විට ද සිරියානු සරණාගතයින් ලක්ෂ සංඛ්‍යාවක් සිටිනවා. 

    2013-14 කාලයේ දී මෙසේ සරණාගත සංක්‍රමණය වැඩිපුරම දැක ගන්නට ලැබුණු අතර බොහෝ සිරියානු වැසියන් කාන්තාරය මැදින් ජෝර්දානයට පැමිණි අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමිසම (UNHCR) මඟින් ඔවුන්ට සහන සැලසීමට ද යුහුසුළු විය. සිරියාවේ සිට දෙමව්පියන් අහිමි වූ කුඩා දරුවෙක් කාන්තාරයක් පසු කරමින් තනිව ජෝර්දානය වෙත ඇවිදිමින් සිටි බව දැක්වූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් නිරවද්‍ය කරුණු සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

     “හදවත රිදවූ සේයා රුවක්” තේමාව යටතේ පොලිතින් බෑගයක් අතැතිව සිටින කුඩා දරුවකු වටකරගත් සහන සේවකයින් කිහිපදෙනෙකුගේ ඡායාරූපයක්  සහිතව වසර කිහිපයක් තිස්සේ හුවමාරු වෙමින් පැවති සටහනක් නැවත වරක් අප නෙත ගැටුනා.

    “සිරියාවේදී ඝාතනය වූ තම මවගේ සහ සොයුරියගේ ඇඳුම් කිහිපයක් පමණක් තම එකම වත්කම වූ මේ සිවුවස් වියැති කුඩා  දරුවා එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායමට හමුවුයේ තනිවම වැලි කතර තරණය කරමින් සිරියාවේ සිට ජෝර්දානයට ගමන් කරද්දීය” යන විස්තරය ද සහිත එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන 2018 වර්ෂයේදීද මෙලෙසින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ අතර 2019 වර්ෂයේ පළකර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය reverse image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම ළදරුවා රැගත් ජායාරූපය සමග ප්‍රවෘත්ති වාර්තා මෙන්ම සමාජ මාධ්‍ය ජාල සටහන් රැසක්ද නිරීක්ෂණය වුණා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    විදේශ රටවලද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ, මෙරට ෆේස්බුක් පිටු ඔස්සේ සංසරණය වූ සටහන රැගත් ඡායාරූප සටහනයි. ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ සංසරණය වූ එවන් සටහන් කිහිපයක් පහතින්.

    Archived Link | Archived Link

    එයට හේතු වී තිබුණේ, මීට වසර කිහිපයකට පෙර (2014 පෙබෙරවාරි) මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රධාන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු‍ණේද මෙම දරුවා තනිම ජොරදානයට පැමිණි බවටයි. 

    එසේ නොමඟ යවන සුළු අර්ථකතනයක් ලබාදීමට හේතුවූ බවට අනුමාන කළ හැක්කේ, එවකට එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ජෝර්දාන කාර්යාලයේ ප්‍රධානියා වූ ඇන්ඩෲ හාපර් නමැත්තෙකු සිය ට්විටර් ගිණුම ඔස්සේ 2014 පෙබරවාරි මස 16 වැනිදා පළ කළ ට්විටර් පණිවිඩයකි. එහි සඳහන් වුණේ, තම පවුලෙන් තාවකාලිකව වෙන් වූ 4 හැවිරිදි “මර්වාන්ට” (අන්වර්ථ නාමයක්) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්ය මණ්ඩලය කාන්තාරය තරණය කිරීමට උදවු කරයි යනුවෙන්. එසේම මෙම ඡායරුපයේ වුවද තවත් පුද්ගලයෙකු සිටින අතර එය ඉවත්කර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබු බව පෙනී යනවා.

    Archived Link

    මෙම කුඩා දරුවා තනිව පැමිණි බවට ප්‍රධාන පුවත් හරහා හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඇන්ඩෲ හාපර් විසින් නැවතත් දින දෙකකට පසුව (2014 පෙබරවාරි මස 18 වැනිදා) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, දෙමව්පියන් තාවකාලිකව මගහැරී සිටියද, මෙම දරුවා ජෝර්දානය වෙත පැමිණියේ සරණාගතයින් සමූහයක් සමග බවය. එය සනාථ කිරීමට ඔහු වෙනත් ඡායාරූපයක් සිය ට්විටර් ගිණුම හරහා ට්විටර් පණිවිඩයක් ඉදිරිපත් කර මෙම කරුණ පැහැදිලි කර තිබුණා.

    Archived Link

    කෙසේනමුත් මෙම දරුවා දෙමව්පියන් සමඟ එක්වූ අවස්ථාව, ඔවුන්ගේ හමුවීමේ ඡායාරූපයක්ද සහිත ට්විටර් පණිවිඩයකින් හාපර් එදිනම පළකර තිබුණේ ද මෙලෙසින්.

    Archived Link

    ඒ අනුව මර්වාන්ගේ දෙමව්පියන්ද, ජීවතුන් අතර බවටද තහවුරු වෙයි. එම අවස්ථාවේ වෙනත් බඩු බාහිර ආදිය ඔසවමින් දරුවාගේ දෙමාපියන් ඉදිරියෙන් ගමන් කර ඇති අතර “මාවන්” පැමිණ ඇත්තේ පසු පසින් බවත් ඒ හේතුවෙන් මෙලෙස මාවන් මගහැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

    එසේම දරුවාගේ ප්‍රවෘත්තිය වැරදි අර්ථකතනයකින් වාර්තා කර තිබුණද, සිරියානු සිවිල් යුද්ධය නිසා අනාථ වුණු දරුවන්ගේ අනුවේදනීය කතාව මෙයින් පිළිඹිඹු කෙරෙන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විස්තරාත්මක කරුණු ඇතුළත් 2014 වසරේ Guardian හි පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ, “සිරියාවේදී ඝාතනය වූ තම මවගේ සහ සොයුරියගේ ඇඳුම් කිහිපයක් පමණක් තම එකම වත්කම වූ මේ සිවුවස් වියැති කුඩා  දරුවා එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායමට හමුවුයේ තනිවම වැලි කතර තරණය කරමින් සිරියාවේ සිට ජෝර්දානයට ගමන් කරද්දීය” බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් නොමඟ යවන සුළු බවයි. 

    සිරියානු පවුලක් තවත් සරණාගතන් පිරිසක් සමඟ 2014 වසරේ දී ජෝර්දානය බලා කාන්තාරයක් හරහා ගමන් කරමින් සිටි අවස්ථාවක දී බඩු බාහිරාදිය රැගෙන ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් තිබු අතර මෙම ඡායරුපයේ දැක්වෙන දරුවා වෙනත් දරුවන් ද සමඟ පිටුපසින් ගමන් කරමින් තිබුණා. එහිදී එක්සත් ජාතීන්ගේ (UNHCR) කණ්ඩායම මෙම දරුවා සමඟ සංවාදයේ යෙදෙන අවස්ථාවක දී ලබාගත් ඡායරුපයකට වැරදි අර්ථකතනයක් ලබාදීම හේතුවෙන් මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී තිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.