Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලෝක ප්‍රකට ගායිකා Celine Dion, සිය පුතුගේ විවාහ මංගල්‍යයට රෝද පුටුවකින් පැමිණෙන අවස්ථාවක් ද?

    2023-04-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී අදට(අප්‍රේල් 15) අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී අදට(අප්‍රේල් 15) අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට පත් ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන් (Celine Dion), දුර්ලභ ස්නායු රෝගී තත්වයකට ගොදුරු වීම පිලිබඳ අයගේ රසිකයින් සිටින්නේ ඉමහත් කණස්සල්ලෙන්.

    එවැනි පසුබිමක් තුළ සමාජ ජාලා හරහා පැතිරෙන වීඩියෝවක් මගින් කියවෙන්නේ, අපහසුතා මධ්‍යයේ සෙලීන් සිය පුතුගේ විවාහ මංගල උත්සවයට රෝද පුටුවකින් පැමිණි බවත් එහිදී ඉතා සංවේදනිය ලෙස පුතු සමඟ නර්තනයකට සම්බන්ධ වූ අයුරු එමඟින් නිරුපණය වන බවයි. 

    සමාජ ජාලා සටහන් 

    සෙලින් ඩියෝන්  නර්තනයකට සහභාගිවන බවක් නිරුපණය වන බව පවසමින් සමාජ ජාලා සටහන් පැතිර පැවතුනේ මෙලෙසින්.

    “ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය අපි හැමෝටම වගේ මතකයි. “My heart will go on” ගීතය ගායනාකල ලොවක් වසගකල ගායීකාව..අපි ඇයට සුවය පතමු….

    Singer Celine Dion attending her son’s wedding,  she was diagnosed with a rare neurological condition known as stiff-person syndrome. A reminder that health is the most important aspect of life”

    Facebook | Archived

    මෙම සුප්‍රකට ගායිකාවට ඉක්මන් සුවය පතා බොහෝ දෙනෙක් මෙම සටහනට ප්‍රතිචාර දක්වා තිබුනේ ඇත්ත වශයෙන්ම මෙම වීඩියෝවේ සිටින්නේ සෙලීන් බව සිතමින්. එවැනි අදහස් කිහිපයක් පහතින්.

    නමුත් මෙම වීඩියෝවේ ඇත්තට ම සිටින්නේ සෙලින් ඩියෝන්ම ද?

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අපි මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දර්ශනවල පෙනෙන කාන්තාව ගැන සමීප විශ්ලේෂණයක් සිදුකළා. ඇයගේ හැඩහුරුකම Celine Dion ට  තරමක්  සමාන වුවත්, සුප්‍රසිද්ධ කැනේඩියානු ගායිකාවගේ පෙනුමට වඩා ඇගේ පෙනුමේ සුළු වෙනස්කම් දැකගන්නට ලැබෙනවා.

    එබැවින්, වීඩියෝවේ සිටින කාන්තාව පිලිබඳ reverse image සහ keyword සෙවුම් ඔස්සේ සිදුකළ පරික්ෂාවේ දී අපට අනාවරණය වුයේ මෙම සිදුවීම සෙලින්ගේ රෝගී තත්වය පිලිබඳ ඇය විසින් දැනුම් දීමටත් මාස කිහිපයකට පෙර, එනම් 2022 වසරේ අප්‍රේල් මස සිදුවීමක් බවයි.

    වීඩියෝවේ දැක්වෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙසෙන 55 හැවිරිදි Kathy Poirier නමැති කාන්තාවකි.කෙසේවෙතත් ඇය ද සෙලින් මෙන්ම දුර්ලභ ස්නායු ආබාධ තත්වයකින් පෙළෙන අතර ස්වේච්ඡා මාංශ පේශි චලනයන් සීමා කරන Amyotrophic lateral Sclerosis (ALS) රෝගයෙන් පෙළෙන බව වාර්තා වෙනවා.

    Good Morning America වැඩසටහන සමඟින් අදහස් දක්වමින් Kathy පවසන්නේ, ඇය තම පුතාගේ (Zak Poirier) විවාහ මංගල උත්සවයේ නර්තනයට පෙර යම්කිසි චකිතයක් තිබුණත්, තම පුතුන් ළඟට පැමිණීමත් සමඟ ඇයට නර්තනය සඳහා කිසිඳු තැතිගැනීමක් නැති බවයි. Kathy ගේ සම්පුර්ණ අදහස් දැක්වීම මෙතනින්

    මෙම අනුවේදනීය නර්තනය අතුරතුර, Kathyගේ සහයට ඇයව අත්දෙකෙන් අල්ලාගෙන දෙපැත්තෙන් වාරු කරමින් නර්තනය සහය ලබාදෙන්නේ, කැතිගේ අනෙකුත් පුතුන් දෙදෙනායි.

    මෙම මංගල උත්සවයේ සංවිධාන කටයුතු සිදුකර තිබු ආයතය වු rootstostems ආයතනය විසින් මෙම නර්තනයේම වෙනත් කෝණයකින් ලබාගත් වීඩියෝවක් ඔවුන්ගේ Instagram ගිණුමේ පළකර තිබුනේ මෙලෙසින්.

    View this post on Instagram

    A post shared by Orlando Wedding Planner and Wedding Design (@rootstostems)

    ඩේලි මේල් පුවත්පතේ වෙබ් අඩවිය විසින් ද Zak ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දක්වා තිබු අදහස් සමඟ මෙම සිදුවීම පිළිබඳව වාර්තාවක් පළකර තිබුණා.

    Zak පැවසුවේ, “මම නීති විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමට ටික කලකට පෙර මවට ALS රෝගය වැළඳී ඇති බව හඳුනා ගන්නා ගත්තා. එතැන් සිට, ඇය නිර්භීතව ඇගේ රෝග නිර්ණයට එරෙහිව සටන් කරන ආකාරය සහ ඇයට එරෙහිව ඇති අභියෝගවලට මුහුණදෙන ආකාරය මම බලා සිටියෙමි, නිහතමානී, කාරුණික සහ පරාර්ථකාමී වීමට ඇය සෑම දිනකම මාව පොළඹවයි. ඔයාට ආදරෙයි අම්මේ.” ඩේලි මේල් වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived

    මේ අනුව රෝද පුටුවේ සිටින කාන්තාව සෙලීන් ඩියොන් නොවන බව පැහැදිලි වුවද, සුප්‍රසිද්ධ කැනේඩියානු ගායිකාවට, Stiff Person Syndrome (SPS) නම්, පුද්ගලයින් මිලියනකයෙන් එක් අයෙකුට පමණ ඇතිවිය හැකි, දුර්ලභ ස්නායු ආබාධයක් තිබෙන බව හඳුනාගෙන ඇත. 2022 දෙසැම්බර් මාසයේ දී Celine Dion විසින් එම රෝග තත්වය පිළිබඳව සිය පාඨකයින්ට දැනුම්දෙමින් පළකර තිබු වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

    තවද, Celine Dion හට ද පුතුන් තිදෙනෙක් සිටින නමුත් ඔවුන් කිසිවෙකුත් මේ වන විට විවාහ වී නැහැ. සෙලින්ගේ දරුවන් වන්නේ ඇයගේ අඩිපාරේම යමින් ගායකයෙකු ලෙස සිය හැකියාවන් ප්‍රගුණ කරමින් සිටින 22 හැවිරිදි René-Charles Angelil සහ 12 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙකු වන Nelson සහ Eddyයි. ඔවුන් ගැන වැඩි විස්තර මෙතනින් .

    මේ පිලිබඳ අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනය මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    අවසාන නිගමනය ( Conclusion) 

    ප්‍රසිද්ධ කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන් තම පුතාගේ විවාහ මංගල්‍යයේදී නර්තනයේ යෙදෙන දර්ශනයක් හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන්නේ සෙලින් නොව වෙනත් කාන්තාවක් බව අනාවරණය විය. එම වීඩියෝ දැක්වෙන්නේ සෙලින් මෙන්ම දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන ෆ්ලොරිඩාවේ වෙසෙන Kathy Poirier නම් කාන්තාවක්, සිය පුතාගේ විවාහ මංගල උත්සවයේ දී තම අනෙකුත් පුතුන් දෙදෙනාගේ ද සහය ඇතිව නර්තනයක යෙදෙන අයුරුයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-04-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.