Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

    2022-04-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍ය

    දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට බියේ අළුත්වැඩියාවකට කියා ගාලු මුවදොර පිටිය වසයි යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් දක්වා තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ඡායාරූපයක්ද , දක්වමින් සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති විරෝධතාවයන්ට සමගාමව අද දිනයේ (09) ගාලු මුවදොර පිටියේ ජනතා විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විරෝධතාවය සඳහා එක්වන ලෙස ජනතාව දැනුවත් කරමින් සටහන් සංසරණය වුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. 

    කෙසේවෙතත් අලුත්වැඩියා කටයුත්තක් සඳහා ගාලු මුවදොර පිටිය වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග බොහෝ පිරිස් මෙලෙසින් ද, සිය අදහස් දක්වා තිබුණා.

    කෙසේ වෙතත් මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා අප ගාලු මුවදොර පිටිය නැතහොත් Galleface Green හි කළමනාකරණය/පරිපාලනය කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් සිදු කරන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගමේ (SLPMCS) සම්බන්ධීකාරවරයෙකුගෙන් මෙලෙස ගාලු මුවදොර පිටිය වසා ඇත්දැයි යන්න විමසීමක් සිදු කරනු ලැබුවා.

    ඒ මහතා සඳහන් කළේ, ගාලුමුවදොර පිටිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ නැවත ආරම්භ කළ අතර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විටත් සිදු කෙරෙන බවත්, මීට මාස තුන, හතරකට උඩදී, මෙම පුවරුව ගාලු මුවදොර පිටියේ ප්‍රතිසංස්කරණය කරමින් සිටින කොටසේ ප්‍රදර්ශනය කර තිබූ බවත්, එම කාලය තුළ කිසිදු අවස්ථාවක එම කොටස හැරුණු කොට ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා නොතිබුණ බවත් සාමාන්‍ය ජනතාවට ගාලුමුවදොර පිටිය වසා දැමීමට රජය උපදෙස් දී නොමැති බවයි . ඒ හේතුවෙන් හෙට දිනයේදී ගාලු මුවදොර පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන කොටසේ හැර ගාලු මුවදොර පිටියේ සෙසු ප්‍රදේශය ජනතාවට විවෘත වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

    එමෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය වාර්තා ද පෙන්වා දුන්නේ, ගාලු මුවදොර පිටියේ අලුතින් තණ පිඩලි ඇල්ලූ කොටසක් මෙලෙස වසා දමා ඇති බව යි. එම මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    2021 වසරේ ගාලුමුවදොර පිටිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසු ගාලු මුවදොර පිටිය වසා දමා ඇති බවට දැක්වූ නාම පුවරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු මෙතනින් සහ මෙතනින්.

    2021 වසරේ සහ ඊයේ(08) දිනයේ හුවමාරු වී තිබූ එම බැනරය එකම බැනරය බවට ඡායාරූප සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට නියමිත විරෝධතාවය හේතුවෙන් කොළඹ, ගාලු මුවදොර පිටිය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ පුවත නොමග යවන සුළු බවයි. Galleface Green හි කළමනාකරණය/පරිපාලනය කටයුතු සිදු කරන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම පවසන්නේ, මීට මාස තුන, හතරකට පෙර ආරම්භ කරන ලද නඩුත්තු කටයුත්තක් හේතුවෙන් ගාලු මුවදොර පිටියේ එක් කොටසක් මහ ජනතාව සඳහා විවෘත නොවන බවයි. එම කොටසේ හැර සෙසු කොටස ජනතාව සඳහා මීට පෙර සිටම විවෘතව තිබූ බවත්. ගාලු මුවදොර පිටිය වසා ඇති බවට දැක්වෙන පුවරුව මීට මාස තුන, හතරකට පෙර සිටම ප්‍රදර්ශනය කර තිබූ බවයි. 2021 දෙසැම්බර් මාසයේ දී ද මෙම පුවරුව සහිත සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.