Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

    2020-12-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ

    විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ තොරතුරු හුවමාරු වන ආකාරය අපට දැකගන්නට ලැබුනා.

    සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් බවට හුවමාරු මෙම සටහන් අසත්‍ය සටහන් බව අපගේ විමර්ශනයේදී පැහැදිලි වුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඉසුරු සඳරුවන් නමැති අයෙකු “යාපනයේ කන්කසන්තුරේ මුහුදු සීමාවට කඩන් වැ‍ටුනු හඳුනා නොගත් යානය” ලෙස සටහන් තබමින් ඡායාරූප කිහිපයක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ පසුගිය දෙසැම්බර් 21 වැනිදාය.

    FacebookArchived

    එසේම සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් කඩා වැටී ඇති බව දක්වමින් Accident 1st නම් ෆේස්බුක් පි‍ටුවක් මෙම ඡායාරූප පෙළම යොදාගෙන සටහනක් තබා තිබුනා.පසුගිය කාලයේ පැවති අධික සුළං සහ වර්ෂාව හේතුවෙන් මෙසේ සුනාමි අනතුරු හැඟවීමේ කුළුන කඩා වැටී ඇති බව එහි සඳන්ව තිබුනා.

    FacebookArchived

    හිරු නිවුස් වෙබ් අඩවියද මෙම සිදුවීම සුනාමි අනතුරු ඇඟවීමේ කුළුන කඩා වැටී ඇති බව සඳහන් කරමින් වාර්තා කර තිබුනේ පහත අයුරින්.

    HiruNews.lkArchived

    ෆේස්බුක් තුල මෙම පුවත බොහෝ දෙනෙක් විවිධ අර්ථකතනයන් ඔස්සේ හුවමාරු කරගෙන තිබු නිසා මෙහි සත්‍ය තත්වය පිලිබඳව විමසීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙසේ සුනාමි කුළුණක් කඩා වැටී ඇති බව දැක්වෙන පුවත සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ගෙන් මුලින්ම විමසීමක් සිදු කළා. එතුමා අපට අවධාරණය කර සිටියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලංකාවේ ස්ථාපිත කර ඇති කිසිඳු ආකාරයේ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක් කඩාවැටී මෙසේ වෙරළට ගොඩගසා ගෙන පැමිණ ඇති බව කියන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

    මේ පිලිබඳව වැඩිදුර කරුණු විමසීමට අප කන්කසන්තුරය පොලීසියේ ස්ථානාධිපති තුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුනා. එම ප්‍රදේශයේ එවැනි සුනාමි කුළුණ නැති බව පවසමින් එතුමා අපට පවසා සිටියේ මෙය නිත්‍ය වශයෙන්ම කුමක්ද යන්න හඳුනා ගැනීමට හැකි වුනේ නැති අතර ඒ පිළිබඳව නාවික හමුදාව පරික්ෂා කළ බවයි.

    අප මේ පිළිබඳව නාවික හමුදාවෙන් යුද හමුදාවෙන් ද විස්තර විමසා සිටි අතර එහිදී ඔවුන් ද පවසා සිටියේ නිත්‍ය වශයෙන්ම කුමක් ද යන්න තහවුරු කර ගැනීමට නොහැකි වුවද බොහෝ විට බෝයාවක කොටසක් විය හැකි බව අනුමාන කරන බවයි

    අප මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී ද හෙලි වුනේ ද මෙසේ වෙරළට ගොඩ ගසා ගෙන ඇවිත් ඇත්තේ බෝයාවක කොටසක් විය හැකි බවයි.

    විවිධ හේතූන් මත බෝයාවන් මුහුදේ ස්ථාපිත කර තිබෙනවා. කාලගුණ අනාවැකි පල කිරීමට කුනා‍ටු පිලිබඳව අනාවැකි පල කිරීමට , මුහුදේ ගමන් කරන විශාල ප්‍රමානයේ නැව්  සඳහා ආරක්ශිතව ගමන් පත නිර්ණය කිරිමට වැනි බොහෝ අවස්ථා වලට මෙම බෝයාවන් ලොව පුරා භාවිතා වෙනවා.

    ocean-ops.orgArchived

    සුනාමි තත්ව හඳුනා ගැනීමටද මේ ආකාරයේ බෝයාවන් යොදා ගන්නා අතර පහතින් දැක්වෙන්නේ ඉන්දුනීසියානු ඉංජිනේරු කන්ඩායමක් නිපදවන ලද සුනාමි අනතුරු අඳුනාගැනීමට නිර්මානය කරන ලද බෝයාවක්.

    devex.comArchived

    තවද කරදියෙන් ලුණු රසය ඉවත් කිරීමටද (Desalination) පහත දැක්වෙන පරිදි ස්ථාපිත කරන ලද බෝයාවන් වල උදව් ලබා ගන්නා බවට වාර්තා රැසක් අපට දැකගනන්ට ලැබුණා.

    https://www.sigmahellas.gr/wp-content/uploads/2017/04/w2w.jpg
    sigmahellas.grArchived

    මේ ආකාරයෙන් ස්තාපිත කරන ලද බෝයාවන් විවිධ අවස්තාවන්හිදී කැඩී යාමට ලක්ව වෙරලට ගොඩ ගසා ගෙන ගොස් ඇති අයුරු අපට ලොව පුරා දකින්නට පුලුවන්. 

    ලංකාවේ උතුරු වෙරළේ වාර්තා වූ ඡායාරුප වල දැක්වෙන කොටස් වලට සමාන ආකාරයේ කොටස් සහිත බෝයාවක් මීට මාස කිහිපයකයට පෙර ෆ්ලොරිඩා වෙරලට ගොඩ ගසාගෙන පැමිණ තිබු ආකාරය මෙසේ වාර්තා වී තිබුණා

    wptv.comArchived

    ඒ පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනක් මෙතනින්. වීඩියෝවක් පහතින්

    විශාල සුනාමි අනතුරු ඇඟවීමේ බෝයාවක් ඇමරිකාවේ වෙරළකට ගොඩ ගසා ගෙන පැමිණි සිද්ධියක් අපට මෙසේ දැක ගණනට ලැබුනා. එසේම බෝයාවක් වෙරළකට ගොඩ ගස ගෙන පැමිණි තවත් වාර්තාවක් මෙතනින්

    ඉන්දියාවේ ද බෝයාවක් වෙරළට ගොඩ ගසා ගෙන පැමිණි අවස්ථාවක් පිලිබඳ වාර්තාවක් මෙතනින්

    මේ අනුව මෙරට කන්කසන්තුරය වෙරළ තීරයට ගොඩ ගසා ගෙන ඇති බවට සඳහන් කරමින් හුවමාරු වන ඡායාරූප වල ඇත්තේ බොහෝදුරට බෝයාවක් විය හැකි බව පෙනී යනවා.

    Also Read : Notice For A Tsunami Drill Misinterpreted As A Genuine Tsunami Alert

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව ලංකාවේ කන්කසන්තුරය වෙරළට ගොඩ ගසා ගෙන පැමිණි තිබුනේ ලංකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කඩා වැටුණු කොටසක් බවට පිටසක්වල යානයක කොටස් බවටත් දක්වමින් හුවමාරු වන ඡායාරූප පෙළ වැරදි විස්තරයක් සමඟ හුවමාරු වන ඡායාරූප පෙළක් බව අපට අනාවරණය විය.

    මුහුදේ ස්තාපිත කර තිබු බෝයාවක කොටසක් කැඩී ගොස් ලංකාවේ උතුරු වෙරළ තීරයට පැමිණ ඇති බවක් බොහෝදුරට අනුමාන කල හැක. මෙය නිත්‍ය වශයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලංකාවේ ස්ථාපිත කර තිබු කිසිඳු ආකාරයේ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් නොවේ

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.