Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බිළිඳෙකුගේ ජාන විකෘතිතාමය තත්ත්වයක් බව හඟවමින් හුවමාරු වූ ඡායාරුපයේ ඇත්ත කතාව!

    2022-11-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකින සියල්ලම සත්‍ය නොවන බවට ප්‍රත්‍යක්ෂ වන ආකාරයේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන අතර ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යන අවස්ථා ද දැකගන්නට ලැබෙනවා. දරුවෙකුගේ ජානමය විකෘතිතාවක්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    දකින සියල්ලම සත්‍ය නොවන බවට ප්‍රත්‍යක්ෂ වන ආකාරයේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන අතර ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යන අවස්ථා ද දැකගන්නට ලැබෙනවා. දරුවෙකුගේ ජානමය විකෘතිතාවක් බවට හඟවමින් පළ වූ එවැනි ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කවුරුත් අහක බලන් යන්න එපා හැමෝම මේ ලස්සන පුංචි පුතාට ❤️ දාගෙන යන්න.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වුණා. එම ඡායාරූපයේ දැක්වෙන බිළිඳාගේ කන් වල පිහිටීම හේතුවෙන් එලෙසින් පවසා තිබුණා.

    Instagram |  Archived Link

    මෙය සත්‍ය සිදුවීමක් ලෙසට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ අයුරු දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපය විදේශිකයන්ට අයත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද, මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වී ඇති බවයි.

    එමෙන්ම ඉහත සම්පූර්ණ ඡායාරූපයේ “Bebe Reborn by Taina Silva” යනුවෙන් සඳහන් වී ඇති බවට දැක ගන්නට ලැබුණා.

    reddit.com | Archived Link

    ඒ ඔස්සේ අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, “Tainá Silva – Bebês Reborn” යනුවෙන් ෆේස්බුක් පිටුවක් ඇති බවත්, ඇය විසින් නිර්මාණය කරන ලද බෝනික්කන්ගේ ඡායාරූප එහි ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය දරුවෙකු ලෙස පවසමින් සංසරණය වූ නිර්මාණය ද එහි තිබු බවයි. එම නිර්මාණයේ වෙනත් ඡායාරුපයක් පහතින්.

    Facebook

    එමෙන්ම Ofélia නමැති එම බෝනික්කා නිර්මාණය කළ අයුරු පහතින්.

    එහි තවත් ඡායාරුපයක් පහතින් මෙතනින්

    මෙම බෝනික්කන් නිර්මණය කරන බ්‍රසීල ජාතික කාන්තාව වන Tainá Silvaගේ YouTube චැනලයේ එවැනි නිර්මාණය රැසක් පිළිබඳ වීඩියෝ පළකර තිබුනේ මෙලෙසින්.

    සැබෑ ලෝකයේ අතදරුවන් බවට හැඟවෙන තරම්ම එම නිර්මාණ තාත්වික ස්වරූපයක් ගෙන දෙන ආකාරයට නිර්මාණය කර තිබේ. ඇය විසින් සිදු කළ තවත්, එවැනි නිර්මාණ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත ඡායාරූපය කිසිදු ජාන විකෘති තත්වයක් හේතුවෙන් ඉපදී ඇති දරුවෙකුගේ තත්ත්වයක් නොව සැබෑ දරුවෙකු ලෙස නිර්මාණය කර තිබු බෝනික්කෙකුගේ ඡායාරුපයක් පමණක් බවයි.

    මේ පිළිබඳ තවත් කරුණු පරීක්ෂක කණ්ඩායමක් සිදු කළ වාර්තාවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, සැබෑ බිළිඳෙකුගේ කන්වල විකෘති බවක් ඇතිවූ අවස්තාවක් ලෙස හඟවමින් පළ වී තිබූ ඡායාරූපය, සත්‍ය බිළිඳෙකුගේ ඡායාරූපයක් නොව Tainá Silva නමැති, මෙවැනි නිර්මාණය රැසක් සිදුකර තිබෙන බ්‍රසීල ජාතික කාන්තාවක් විසින්  නිර්මාණය කරන ලද බෝනික්කෙකුගේ ඡායාරූපයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.