Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Explainer: සේරුවාවිල සෑයට පුද කළ පළතුරු පූජාව මෑතකදී කළ පූජාවක්ද?

    2021-07-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මීට වසර කිහිපයකට පෙර බෞද්ධ විහාරස්ථානවල මහා පරිමාණයෙන් සිදුවූ  පූජාවන්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවැනි ව්‍යසන තත්ත්වයකදී මේ ආකාරයේ විශාල පූජාවන් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ එවැනි ඇතැම් සටහන් මඟින් ප්‍රශ්න කර තිබුණ

    මීට වසර කිහිපයකට පෙර බෞද්ධ විහාරස්ථානවල මහා පරිමාණයෙන් සිදුවූ  පූජාවන්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවැනි ව්‍යසන තත්ත්වයකදී මේ ආකාරයේ විශාල පූජාවන් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ එවැනි ඇතැම් සටහන් මඟින් ප්‍රශ්න කර තිබුණි.

    මෙවන් පසුබිමක චෛත්‍යක් වෙත මහා පරිමාණයේ පළතුරු පුජාවක් සිදුකරන අයුරු දැක්වෙන ඡායාරුපයක් විවිධ තේමා යටතේ හුවමාරු වී තිබුණා. එම ඡායාරුපය මැතක සිදුවීමක් ද නැත්ද යන්න පිළිබඳ අප සිදුකළ විමසුම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පිළි නොගන්න සත්‍යය යනුවෙන් සඳහන් කරමින් Paranagama Himi නමැති ස්වාමීන්වහන්සේ කෙනෙකුට අයත් යැයි සැළකෙන ගිණුමක දක්වා තිබු ඡායාරුප සටහනක් පහතින්.

    Facebook | Archived Link

    මේ වසරේ පැවති පූජාවක් ලෙස ද මෙය අනවශ්‍ය නාස්තියක් බව ද හැඟවීමට මෙම සටහනින් උත්සහ ගෙන තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මෙම සටහන වෙනත් ෆේස්බුක් සටහනකින් ලබා ගත් කොටසක් බව අප කළ මුලික නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණා. මේ වසර මුල දී ද හුවමාරු වී තිබු එම සටහන් නැවත මේ දිනවල ද හුවමාරු වෙමින් පවතින බව ද දැක ගන්නට ලැබුණා.

    එසේ මැතක දී පළවී තිබු සටහනක “අද… අපරාදේ නාස්තිය.. හිඟන්නෙකුට දෙන්න තිබුණා” යනුවෙන් සඳහන් කළ ඡායාරූපයක් සහිත කොටස හා “අනාගතයේදී මිනිසුන් ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුරජාණන්ට පූජා කරන හැඟීමෙන් දුන් දානයට නිගා කළා” යනුවෙන් සඳහන් කොටසද ඇතුළත් සම්පූර්ණ ඡායාරූපයක් පහත පරිදි දක්වා තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහනින් සඳහන් වන්නේ වර්තමානයේ බුදුන්ට පූජා කළ දෙයට නිගා කරන්නන්ට අනාගතයේදී වියහැකි ඉරණම පිලිබඳ මතයක් සහිත සටහනකි. මෙම සටහන් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතරේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මීට අමතර මෙම පලතුරු පුජාවක් දැක්වෙන ඡායාරුපය යොදා ගනිමින් සටහන් බොහොමයක් නිර්මාණය වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි එක් සටහනක් මෙතනින්.

    මෙම සටහන් සියල්ලක්ම සඳහා උපයෝගී කර ගෙන තිබූ පළතුරු පූජාවේ ඡායාරූපයේ සත්‍ය සිදුවීම සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමේ දී තහවුරු වූයේ මෙම පූජාව 2015 වර්ෂයේ මැයි මසදී සිදුවූවක් බවයි. මෙය සේරුවාවිල මංගල සෑයට ලක්ෂ ගණනක පළතුරු පූජා කිරීමේ පිංකමක්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවති අවස්ථාවක ඡායාරූපයක් බව එම පිංකම සම්බන්ධයෙන් පළ වූ ලංකාදීප වෙබ් පුවත් වාර්තා මඟින් අපට දැක ගන්නට ලැබුණා.

    ලංකාදීප | Archived 

    එම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුපය ම අපට බෞද්ධයා- The Buddhist , ෆේස්බුක් පිටුවේ, 2015 මැයි මස පලවී තිබු අයුරු මෙසේ දැක ගන්නට ලැබුණා.

    https://www.facebook.com/Buddhist.Disciple/photos/a.163082667120689/790867881008828/?type=3&__xts__[0]=68.ARDG-EJbGeHvrHjWFzYv2EiS-aio10L1UQ5kO6voQ5zTImnPo9NTlqMaWPgI-QGNPyWxiukbpsY0Gv5gaDBZ-NIPXaWEQzIEoIOZpOLNoCWJhJL6syKx3KrSNTO-8n8K2GkfqQik1SKWHTj3BNOmHrqY5z3ryCPrijM5eGdOYbn7oMU5TGrRDuQLLxKdcoP36qdJH-9dpuwBjI_BIb0jkUGmNtmJqs9w4Q0tzGcquLnQrOsZ2v-kQ1iHj5OKDoQL7Yu2c2wq7-aN2PfFDFzhlMXkHzIDjUUh

    Archived

    කෙසේ වෙතත් එම අවධියේ ද මෙලෙස පළතුරු පුජාවක් සිදුකිරීම නාස්තියක් බව දක්වමින් සටහන් මෙසේ වාර්තා වී තිබුණා.

    මේ සඳහා පිළිතුරු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසා තිබුනේ අදාළ පිංකමට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව පුරාම විවිධ ගම් පළාත්වල සිට පැමිණි බවත් ඔවුන්ගේ වතු පිටිවල හටගත් පළතුරු උපයෝගී කරගෙන මෙම පූජාව පවැත්වූ බවත්, පිංකම අවසානයේදී දන්සැලක් පවත්වා සියලුම පළතුරු අවට ගම්වාසින් සහ පින්කමට සහභාගිවූ පින්වතුන් අතර බෙදාදුන් බවයි. එකදු පලතුරක් හෝ අපතේ නොයැවූ බව පැවසූ බවට පළ වූ වාර්තාවක් පහතින්.

    ලංකාදීප | Archived

    ඒ අනුව ඉහත පුවත් වාර්තාවන් හි දැක්වෙන පරිදි මෙම පූජාව මෙම වර්ෂයේ හෝ මෑතකදී වූ සිදුවීමක් නොව 2015 වර්ෂයේ දී කළ පූජාවක් බව පෙනී යනවා.

    මීට පෙරද පසුගිය පොසොන් පොහෝ දා රුවන්මහවැලි සෑ පුදබිමේ දී අසූහාර දහසක කිරිපිඬු පූජාවක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ සත්‍ය පූජාව සිදු කළේ කෙදිනද යන්න පිලිබඳ අප කරුණු අනාවරණය කළා. එම වාර්තාව මෙතනින්.

    සැ.යු. අප මෙම කරුණු විමර්ශනයෙන් සිදුකළේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සඳහා මේ දිනවල යොදාගෙන තිබූ ඡායරුපයේ මුල් තොරතුරු ලබාදීම සඳහා පමණි. එම පූජාව සම්බන්ධයෙන් හෝ එම එවැනි පුජාවන්ට නිගා කිරීමේ ආදීනව පිළිබද දක්වා තිබු අදහස් පිළිබඳව අප කිසිඳු කරුණක් ඉදිරිපත් කර නොමැති බව ද සලකන්න.

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරුපය ඇත්ත වශයෙන්ම මෑතක දී සිදුවූ පුජාවක ඡායාරුපයක් නොවන බවයි. මෙය මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් 2015 වර්ෂයේ සේරුවාවිල මංගල සෑයට පුද කළ පිංකමකි. එමෙන්ම එම පූජාව අවසන් වීමෙන් පසුව පුජාව සඳහා පළතුරු රැගෙන දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි ජනතාව අතරේ හා ගම්වාසීන්ට අතරේ එම පුජාව බෙදා දුන් බවද පුවත් වාර්තා වල දැක්වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.