Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු රයිනිනෝසරයෙක් ?

    2022-10-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු දුර්ලභ දසුනක් ලෙස පවසමින් නාගරික ප්‍රදේශයක මාර්ගයක් මැදින් දිව යන රයිනිනෝ සත්ත්වයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු ද

    අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු දුර්ලභ දසුනක් ලෙස පවසමින් නාගරික ප්‍රදේශයක මාර්ගයක් මැදින් දිව යන රයිනිනෝ සත්ත්වයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු දුර්ලභ දසුනක්” යනුවෙන් සඳහන් කරමින් රයිනෝ සත්ත්වයෙකු මහ මගදී දුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    එමෙන්ම “අති දුර්ලබ දසුනක් වරකාපොල ටවුන් එකෙ දැක්ක” යනුවෙන් සඳහන් කරමින් එම වීඩියෝව ටික්ටොක් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

    @damma92ha

    අති දුර්ලබ දසුනක් වරකාපොල ටවුන් එකෙ දැක්ක 🤭🤭🤭 🦏 ලංකාවෙ නෙමෙයි කියන්න එපා 🤭🤭🤣

    ♬ Tinkiri – DJ JNK & MONIYO & DIMI3

    Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම මෙම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී අපගේ අවධානය යොමු වූයේ මෙහි මග නවතා ඇති යතුරු පැදියක ඇති අංක තහඩුව වෙතයි. එය ශ්‍රී ලංකාවට ආවේණික වූ අංක තහඩු ආකෘතිය හෝ වර්ණය නොවන බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    ඒ අනුව මෙම වීඩියෝව මෙරට දී ලබාගන්නා ලද වීඩියෝවක් නොවන බව පෙනී යනවා.

    ඉන් අනතුරුව ඉහත වීඩියෝවේ ඡායාරූපයක් ගෙන අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී තහවුරු වූයේ, මෙය නේපාලයේ ගම්මානයක් හරහා රයිනෝ සත්ත්වයෙකු දිව ගිය ආකාරය බවයි. එමෙන්ම මෙහිදී කිසිදු අයෙකුට අනතුරක් සිදු වී නොමැති බව ද, TICKER NEWS YouTube නාලිකාව පෙන්වා දෙනවා.

    https://www.youtube.com/watch?v=a9maH154vvo

    කෙසේවෙතත් මේ ආකාරයෙන් රයිනොසරය්න් පාරේ දැකගනන්ට ලැබීම නේපාලයේ ඉතා දුර්ලභ දසුනක් නොවේ. පසුගිය වසර කිහිපය තුළදීම නේපාලයේ රයිනෝස් රක්ෂිතවලින් සහ වනජීවී අභයභූමිවලින් රයිනෝ සත්වයින් පැන යාමේ සිදුවීම් කිහිප වතාවක් වාර්තා වී ද, ඇති බවට ද, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබන්නේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    තවත් රයිනෝ සත්ත්වයෙකු නේපාලයේ චිට්වාන් ජාතික වනෝද්‍යානයේ සෞරාහා නගරය හරහා මහ මාර්ගයක ගමන් කරන ආකාරය පහතින්

    චයිනා ඩේලි පුවත්පත සඳහන් කළේ, මෙම රයිනෝ සත්ත්වයන් චිට්වාන් ජාතික වනෝද්‍යානයේ පිහිටි ඔහුගේ නිජබිමෙන් පිටත් වන අතර, අසල ඇති කුඹුරු යායවල් වෙත තෘණ ආහාරයට ගැනීමට මොවුන් යන බවයි.

    රයිනෝ සත්ත්වයන් ආක්‍රමණශීලී වීමේ හැකියාවක් තිබුණ ද, ප්‍රදේශවාසීන් සමඟ ඔවුන් හොඳින් සිටින බවයි. ඔවුන් ගමන් කිරීමේදී මාර්ග නීතිවලට අවනත වන අතර, පාරේ වම් පස ගමන් කිරීමට වග බලා ගන්නා බවද, එහි සඳහන්.

    Also Read: Fact-Check: Have White Rhinos gone extinct…? No, here’s the fact…

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අම්බලන්ගොඩ , වරකාපොළ ඇතුළු ලංකාවේ නගරවල දක්නට ලැබුණු දුර්ලභ දසුනක් යනුවෙන් සඳහන් කරමින් රයිනෝ සත්ත්වයෙකු මහ මග දිව යන අයුරු දැක්වෙන වීඩියෝව මෙරට සිදුවීමක් නොව නේපාලයේ සිදුවීමක් බවයි.

    Avatar

    Title:අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු දුර්ලභ දසුනක් ?

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.