දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ප්රවීණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනියන්ගේ අභාවයෙන් පසු ඇයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ විවිධ අසත්ය ප්රචාරයන් සංසරණය වෙමින් පවතී. එලෙසින් හුවමාරු වූ සමාජ මාධ්ය සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“ ජීවිතයේ අවසාන කාලයේ නන්දා හිටියේ ජ.වි.පෙ.දේශපාලනය ගැන කළකිරිලා. ඇයගේ දේහය පවා විකුණන් කයි යන බියක් තිබුණා. නන්දා මාලිනියගේ අවසන් කටයුතූ කරන්නේ ඇයගේ අන්තිම කැමති පත්රයට අනුවයි ” යනුවෙන් මාලිනියන්ගේ අභාවයෙන් පසු ඇයගේ සමීපතම කලාකරුවෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාධ්ය වෙත අදහස් දැක්වූ අවස්ථාවක් ලෙස මෙම සමාජ මාධ්ය සටහන් පළ කර තිබුණේ මෙලෙසින්.

තවත් සටහනක් පළ වූයේ සුනිල් ආරියරත්න මහතා කළ ප්රකාශයක් බවට දක්වමින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්රවීණ ගායන ශිල්පී ආචාර්ය නන්දා මාලනීය ඊයේ(20) අභාවප්රාප්ත වුණා. ඒ ඇයගේ 83 වන උපන් දිනය සැමරීමට දින දෙකක් පමණක් තිබියදීය. නාවල පිහිටි සිය නිවසේදී ඇය අභාවප්රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවා.
ඇයගේ අභාවයෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින් ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විද්වතෙක්, ප්රවීණ ගී පද රචකයෙක්, චිත්රපට අධ්යක්ෂකවරයෙක්, කවියෙක් සහ පර්යේෂකයෙක් වන නන්දා මාලිනිගේ සමීපතයෙකු වන සුනිල් ආරියත්න මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස දැක්වීමක් සිදු කළා. නමුත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන සටහන් වල දැක්වෙන පරිදි දේශපාලනය ඈඳා ඔහු විසින් කිසිදු ප්රකාශයක් සිදු නොකරන බව ඔහු සිදු කළ ප්රකාශය පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබේ.
ඔහු විසින් සඳහන් කරනු ලැබුවේ, නන්දා මාලිනී මහත්මිය තමන්ගේ අන්තිම කැමති පත්රයේ තමන්ගේ අවමංගල්ය කටයුතු කළ යුතු විදිහා පැහැදිලිව ලියා ඇති බව ත්, ඇයගේ පවුලේ සියලු දෙනා ඒ අවසන් කැමති පත්රයේ ඇති ලෙස ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කිරීමට නියමිත බව ත් ය.
ඇයගේ අවසන් කැමැත්තට ගරු කරමින්, දේහය වෙනත් පොදු ස්ථානවල තැන්පත් නොකර, ඇය පදිංචිව සිටි නාවල පාරේ (විජයබා මාවත) පිහිටි ‘නන්දා මාලිනී සංගීත ආශ්රමය’ තුළම පමණක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තබන බව ආරියරත්න මහතා සඳහන් කර තිබෙුණේ මෙලෙසින්.
මහාචාර්යවරයාගේ මෙම ප්රකාශයෙන් තහවුරු වන්නේ ඇය ඉල්ලා සිටියේ ඇයගේ ජීවිතයේ පැවති නිහතමානී සහ චාම් ගතිපැවතුම්වලට ගැළපෙන අවමංගල්යයක් මිස, සමාජ මාධ්ය සටහන්වල කියවෙන ආකාරයේ කිසිදු දේශපාලන කලකිරීමක් හෝ බියක් නොවන බවයි.
එම සමාජ මාධ්ය සටහන සඳහා පාදක වී තිබුණේ, News Center හි පළ කළ සටහනක් ලෙස දක්වා තිබූ අතර අප කළ පරීක්ෂාවේදී ඉහත ආකාරයේ ප්රකාශයක් දැක්වෙන වීඩියෝවක් එම පිටුව මගින් පළ කර නොතිබූ බව දැක ගන්නට ලැබුණා. එමෙන් ම එම සටහනට යොදාගෙන තිබුණේ, සුනිල් ආරියරත්න මහතා නන්දා මාලිනියගේ දේහය සම්බන්ධයෙන් අනෙක් මාධ්යවල පළ කළ තිබූ වීඩියෝව වේ. ඔහු එහි දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු ප්රකාශයක් සිදු නොකරයි.
අගෝස්තු 22 වන සෙනසුරාදා පස්වරු 3:30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව නන්දා මාලිනියගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යන අතර, පස්වරු 5:00 ට කිසිදු නිල උත්සවයකින් තොරව ආදාහන කටයුතු නිම කිරීමට නියමිතයි.
විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ ප්රකාශයට පත් කරනු ලැබීය. ප්රකාශයට පත් කර ඇති තෙදින ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය දැනුම් දී තිබේ.
ජනාධිපති ජ්යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා මාධ්ය වෙත සඳහන් කර තිබුණේ, නන්දා මාලිනියට රාජ්ය ගෞරවය දීමට කටයුතු කරන ලෙස බවයි. නමුත්, පවුලේ ඥාතීන් නන්දා මාලිනියගේ අන්තිම කැමති පත්රයට අනුව වැඩ කටයුතු කිරීමට තීරණය කළ බැවින් ඊට ගෞරවය දක්වමින් ඒ අනුව ක්රියා කිරීමට කටයුතු කරන බවයි.
අභාවප්රාප්ත ප්රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලිනිය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ජනාධිපතිවරයා පිළිබඳව කලකිරීමෙන් සහ බියකින් පසු වූ බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කිසිදු ප්රකාශයක් කර නොමැත. නන්දා මාලිනියගේ අභාවයෙන් පසු දේශපාලන වාසි තකා ඇයගේ සමීපතමයින් විසින් සිදු කළ ප්රකාශ ලෙස ව්යාජ සටහන් නිර්මාණය වෙමින් පවතී.
Also Read : නන්දා මාලිනිය විසින් සිදු කළ ප්රකාශයන් ද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
“ජීවිතයේ අවසාන කාලයේ නන්දා හිටියේ ජ.වි.පෙ.දේශපාලනය ගැන කළකිරිලා. ඇයගේ දේහය පවා විකුණන් කයි යන බියක් තිබුණා. නන්දා මාලිනියගේ අවසන් කටයුතූ කරන්නේ ඇයගේ අන්තිම කැමති පත්රයට අනුවයි” යනුවෙන් සූනිල් ආරියරත්න මහතා මාධ්ය වෙත ප්රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහන් අසත්ය වේ.
ඔහු විසින් ඇයගේ අවසන් කටයුතු සිදු කරන්නේ, ඇයගේ අවසන් කැමති පත්රයට අනුව බව කී ප්රකාශය සත්ය නමුත්, “ජීවිතයේ අවසාන කාලයේ නන්දා හිටියේ ජ.වි.පෙ.දේශපාලනය ගැන කළකිරිලා. ඇයගේ දේහය පවා විකුණන් කයි යන බියක් තිබුණා” යනුවෙන් ඔහු විසින් කිසිදු විටක සඳහන් කර නොතිබුණි.



