Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: සුනිල් හඳුන්නෙත්තිගේ TOYOTA PRADO ජීප් රථය ?

    2021-06-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා.  මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත්

    සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා. 

    මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත් මෝටර් රථයක් බවට සඳහන් කරමින්  ඡායාරූපයක් හුවමාරු කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමසුම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අප්පටබොල හඳුනා… ” යනුවෙන් පිවිතුරු විතාරණ නම් අයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කරමින් දක්වා තිබුණේ සුනිල් හඳුන්නෙත්තිට අයත් බවට හැඟවෙන ඔහුගේ නම සඳහන් කර ඇති මෝටර් රථයක ඡායාරූපයකි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මේ තේමාවෙන් තවත් සටහන් රැසක් උපහාසාත්මක කෝණයකින් ද හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි එක් සටහනක් පහතින්.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපයේ සඳහන් මෝටර් රථයේ අංක තහඩුවේ CAX-4197  ලෙස සඳහන් අංකය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් සේවය පරිශීලනය කරනු ලැබුවා. එම තොරතුරු හා ඡායාරූපයේ සඳහන් මෝටර් රථය හා සැසඳීමේදී එම අංක තහඩුව TOYOTA PRADO වර්ගයේ මෝටර් රථයක් බවට තොරතුරු දැක ගන්නට ලැබුණා.

    dmt.gov.lk

    අප මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, මෙම මෝටර් රථය තමන්ට අයත් නොවන බවයි.

    එමෙන්ම ඡායාරූපය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ මෙම ජීප් රථයේ අංකය හා සමාන තවත් ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන බවයි.

    එම සටහන්වල දැක්වුණේ එම මෝටර් රථය නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ බවයි.

    Facebook | Archived Link

    අප මේ සම්බන්ධයෙන් නාගදීප පුරාණ රජමහා විහාරාධිපතිගෙන් විමසීමක් කළ අතර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ CAX 4197 අංකය රැගත් මෝටර් රථය තමන් වහන්සේගේ බවයි.

    ඒ අනුව සඳහන් කළ හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නාගදීප විහාරාධිපති ලෙස සඳහන් ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් බවත් එම ඡායාරූපය යොදාගෙන එහි නාමය සඳහන් කොටසේ සුනිල් හඳුන්නෙත්ති ලෙස සංස්කරණය කර ඇති බවත්ය.

    එම සංසදනය පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\261 Handunhetti Vehicle\WhatsApp Image 2021-06-19 at 17.11.54.jpeg

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම සඳහන් කර තිබූ CAX 4197 අංකය රැගත් TOYOTA PRADO ජීප් රථය නාගදීප පුරාණ රජමහා විහාරාධිපතිට අයත් මෝටර් රථයක් බවයි. 

    නාගදීප පුරාණ රජමහා විහාරාධිපතිට අයත් මෝටර් රථයේ “නාගදීප විහාරාධිපති” යනුවෙන් තිබූ පුවරුව සංස්කරණය කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම යොදාගනිමින් පළවූ උපහාසාත්මක සටහන් පෙළක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.