Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නර්ථනයේ යෙදෙන අවස්ථාවක්ද?

    2022-01-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රසිද්ධ චරිත හා සමාන හැඩහුරුකම් සහිත පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ යොදා නොමග යවන සුළු සටහන් නිර්මාණය වනවා අපට සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගොස

    ප්‍රසිද්ධ චරිත හා සමාන හැඩහුරුකම් සහිත පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ යොදා නොමග යවන සුළු සටහන් නිර්මාණය වනවා අපට සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “මෙන්න මෙහෙම නටල කරල ජනතාව එක්ක එකට ඉන්න නිසයි අපි ස’ ට මෙච්චර කැමති “ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් බොහෝ දෙනෙක් අතර සංසරණය වුණා. යම්කිසි පුද්ගලයෙකු උත්සව ශාලාවකදී නර්ථනයේ යෙදෙන ආකාරයක් එමගින් දැක ගන්නට ලැබෙන අතර ඔහුගේ හැඩහුරුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝ සමානකම් දැක්වූ නිසාවෙන් බොහෝ දෙනෙකු එම ජනනපති බවට පවසා තිබුණි.

    https://vimeo.com/668213370

    Facebook | Archived Link

    WhatsApp ඔස්සේද, එම වීඩියෝව බහුලව සංසරණය වී තිබුනේ සිය ආරක්ෂකයා ද පසෙක සිටින අවස්ථාවක ජනපති නර්තනයේ යෙදෙන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනයේ යෙදීම වැනිය යනුවෙන් ද දක්වමින්.

    මෙම වීඩියෝව සිටින පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ඇතැමුන් දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

    මෙහි සිටින්නේ සැබවින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, යන්න අප විමසුමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Also Read:

    Fact Check: ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

    ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවකදී ගත් ඡායාරූපයක් ?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝවේ නර්තනය යෙදෙන පුද්ගලයා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රූපයට සමාන කමක් තිබුණත් වීඩියෝවේ රූප රාමූ එකින් එකට නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එම පුද්ගලයා වෙනත් පුද්ගලයෙකු බවයි.

    කෙසේවෙතත් මෙම වීඩියෝවේ නර්තනය යෙදෙන පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා නොව ඩූලන්ඩ් ද සිල්වා (Dooland De Silva) යන බවට Twitter පණිවිඩ ඔස්සේ සහ ෆේස්බුක් ගිණුම් ඔස්සේ ඇතැම් අය සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Twitter | Archived Link

    Facebook | Archived Link

    ඒ හේතුවෙන් අප ඩූලන්ඩ් ද සිල්වා මහතාගේ පුතා වන ඩෑන් ද සිල්වා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, එහි සිටින්නේ තමන්ගේ පියාණන් වන ඩූලන්ඩ් ද සිල්වා මහතා නොවන බවයි. 

    ඒ බවට ඔහු ඉහත Twitter පණිවිඩයට ද ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ, එහි සිටින්නේ ඩූලන්ඩ් ද සිල්වා මහතා නොවන බවටයි.

    Twitter | Archived Link

    එමෙන්ම ඇතැම් පිරිස් මෙම පුද්ගලයා පසු පස සිටින්නේ ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු බව සඳහන් කරනු ලැබුවා.

    ඒ හේතුවෙන් අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම හරහා ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබු‍ණේ, ජනාධිපති ආරක්ෂක නිලධාරීන් බොහෝ අවස්ථා වලදී අළු වර්ණයට හුරු ඇඳුමකින් සැරසී සිටින බවයි. ඒ බවට දැක්වෙන අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. එමෙන්ම ආගමික කටයුතු සඳහා ජනාධිපතිවරයා සහභාගි වන අවස්ථාවන්හිදී ඔවුන් සුදු ඇඳුමින්ද සැරසී සිටින අයුරු දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ජනාධිපති මාධ්‍ය අංශයද සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ නර්ථනය යෙදෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බවයි. එමෙන්ම ජනාධිපති ආරක්ෂක නිලධාරීන් සන්නිවේදනය කර ගැනීම සඳහා සවන්කඩ(ear pieces) පළදින බවත් මෙහි සිටින පුද්ගලයා පසු පස නර්ථනයේ යෙදෙන්නේ ආරක්ෂක නිලධාරියෙකු නොව නර්ථනයේ නියැලෙන වෙනත් පුද්ගලයෙකු බවට අනුමාන කළ හැකි බවද සඳහන් කරනු ලැබුවා. එසේ ආරක්ෂක නිලධාරීන් සවන්කඩ(ear pieces) යොදා ගන්නා අවස්ථා අපට ජනපති නිල ඡායාරුප ශිල්පියාගේ ඡායාරුප ඔස්සේ ද මෙසේ දැක ගන්නට ලැබුණි.

    මෙම වීඩියෝවේ දැක්වෙන සත්‍ය පුද්ගලයා හෝ ස්ථානය පිළිබඳව අපට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූවත්, ඔහු පිළිබඳ නිල තොරතුරක් ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බවයි. වීඩියෝවේ සමීප දසුන් නිරීක්ෂණය කිරීමේදී ඒ බවට තහවුරු වනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.