Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉන්දීය ගුවන් යානා අනතුරට පෙර එහි ඇතුළත ගත් දර්ශන පෙළක් නොවේ!

    2025-06-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ, ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඉන්දීය ගුවන් අනතුර සම්බන්ධවයි. ඊයේ (12) අහමදාබාද්හිදී සිදුවූ මෙම බිහිසුණ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ, ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඉන්දීය ගුවන් අනතුර සම්බන්ධවයි. ඊයේ (12) අහමදාබාද්හිදී සිදුවූ මෙම බිහිසුණු ඛේදවාචකයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ද අනතුර හා සම්බන්ධ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද බහුලව සංසරණය වනු දැක ගත හැකියි. එලෙස හුවමාරුවන වීඩියෝවක සත්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    බියකරු සසර යනුවෙන් සඳහන් කරමින් අද (13) දිනයේ පළ කර ඇති මෙම වීඩියෝ දර්ශන පෙළ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබූණා. 

    ඛේදවාචකයට මොහොතකට පෙර රූගත කරන ලද්දක් බව කියමින් හුවමාරු කර ගන්නා මෙම දර්ශන පෙළට අනුව ගුවන් මගියෙකු විසින් ඇතුළත සිටින අනෙකුත් ගුවන් මගීන්ද පෙන්වමින් යානයෙන් පිටත දර්ශනය රූගත කරන අතර ඉන්  සුළු මොහොතකට පසු දර්ශනය අපහැදිලි ‍වෙමින් යානයේ ඇතුළත සෙලවෙමින් යම් අනතුරක් සිදුවන ආකාරයක් පෙන්නුම් කරයි.

    Facebook

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඒ අනුව අප මෙම වීඩියෝව සත්‍ය ලෙසම ඊයේ  (12) ඉන්දීය ගුවන් අනතුර සිදුවීමට පෙර එහි සිටි මගියෙකු විසින් පටිගත කළ වීඩියෝවක් දැයි සොයා බැලුවා. 

    ප්‍රධාන වශයෙන්ම ඊයේ සිදුවූ ගුවන් අනතුරින් එක් මගියෙකු හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. තව ද මෙය යම් මගියෙකු විසින් සජීවීව ෆේස්බුක් වෙත මුදා හැර තිබුණේ නම්, එය ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතු අතර කෙසේ වෙතත් කිසිදු මාධ්‍යක් මෙහි දිස්වන ආකාරයේ දර්ශන පෙළක් විකාශය කර තිබෙනු නිරීක්ෂණය නොවී ය. 

    ඒ් අනුව මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීම සඳහා අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ, මෙම දර්ශන ‍පෙළ පසුගිය (2023) වසරේ නේපාලයේ සිදුවූ ගුවන් අනතුරක දර්ශන පෙළක් බවයි.

    තව ත් වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.

    ජීවිත රැසක් බිලිගත් ඉන්දීය ගුවන් අනතුර 

    ඉන්දියාවේ අහමදාබාද්හි ඊයේ (12) සිදුවු බිහිසුණු ගුවන් අනතුරින් මේවනවිට ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනකුට ජීවිත අහිමි වුණා.  

    එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI171 දරන ගුවන් යානය ඉන්දියාවේ අහමදාබාද් සිට  බ්‍රිතාන්‍යෙය් ලන්ඩන්හි ගැට්වික් දක්වා පියාසර කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වුණා.  

    යානය වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටී තිබූ අතර ඒ වනවිට යානය තුළ කාර්ය මණ්ඩලය ද ඇතුළුව ගුවන් මගීන් 242 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණා. අනතුරින් එක් මගියෙකු හැර අනෙකුත් සියලු ‍‍දෙනාම මෙන්ම යානය කඩා වැටුණු ස්ථානයේ සිටි කිහිප ‍දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

    ගුවන් යානයේ සිටි මගීන් අතරින් 169 දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර බ්‍රිතාන්‍ජාතිකයන් 53 දෙනෙකු , කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගාල  ජාතිකයන්  7 දෙනෙකු ද වන බව  එයාර් ඉන්දියා ගුවන් සමාගම ‍ප්‍රකාශ කර තිබුණා. 

    කෙසේ වෙතත් යානයේ  11A හි අසුන්ගෙන සිටි ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ් කුමාර් රමේෂ්ට පමණක් මේ මහා ඛේදවාචකයෙන් ජීවිතය බේරා ගැනීමට හැකිවුණා. 

    නේපාල ගුවන් අනතුර 

    නේපාලයේ කත්මණ්ඩු නුවර සිට හිමාල කඳු පාමුල පිහිටි පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් තිබියදී ,2023 ජනවාරි 15 ​​වන දා නේපාල ගුවන් අනතුර සිදුව තිබුණා. ගුවන් අනතුරින් කාර්ය මණ්ඩලය ද ඇතුළුව පුද්ගලයින් 72 දෙනෙකුට  ජීවිත අහිමි වුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) : 

    අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ඊයේ (12) ඉන්දියාවේදී සිදුවූ ගුවන් අනතුරට මොහොතකට පෙර ගුවන් මගියෙකු විසින් රූගත කරන ලද බවට සමාජ මාධ්‍ය ඔසසේ සංසරණය වන මෙම වීඩියෝව 2023 වසරේ නේපාලයේ සිදුවූ ගුවන් අනතරකට සුළු වේලාවකට පෙර එහි ගුවන් මගියෙකු විසින් ගන්නා ලද දර්ශන පෙළක් බවයි. ඒ අනුව ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පමණක් විකාශය කරනු ලබන දර්ශන මෙන්ම තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටිමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-06-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.