Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලංකාවේ තිබෙන අතහැර දමන ලද දුම්රියක ඡායාරුපයක් ද?

    2023-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ, නුවරඑළිය ප්‍රදේශයේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරූ ලෙස පින්තුරයක් සමාජ ජාලා වල හුවමාරුවෙනවා. ඒ පිලිබදව අප විසින් සිදුකරන ලද විමසා බැලීමක් පහතින්. සමාජ ජාලා සටහන්  ලංකාවේ ඇති අතහැ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලංකාවේ, නුවරඑළිය ප්‍රදේශයේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරූ ලෙස පින්තුරයක් සමාජ ජාලා වල හුවමාරුවෙනවා. ඒ පිලිබදව අප විසින් සිදුකරන ලද විමසා බැලීමක් පහතින්.

    සමාජ ජාලා සටහන් 

    ලංකාවේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරුවක් බව “නුවරඑළිය, රාගල නානුඔය අතර දුම්රිය මාර්ගය 1927 වසරේදී නායයෑම හේතුවෙන් නැවත රැගෙන ඒමට නොහැකිව රාගල හයිෆොරස්ට් ප්‍රදේශයේ අත්හැරදමා ඇති දුම්රිය..” යනුවෙන් විස්තරයක් ද සමඟින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන බවක් දැකගන්නට ලැබුණා.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පළකර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ ආකාර තවත් සමාජ ජාලා සටහන් පැතිර පැවතුණු අතර මේ පිලිබදව විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    මේ පිලිබදව අප මුලින්ම රිවර්ස් ඉමේජ් සර්ච් කිරීමක් සිදුකළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම සේයාරුව මීට වසර කිහිපයකට පෙර සිටම ජාත්‍යන්තර සේයාරූ හුවමාරු ෆෝරම  ආදියේ හුවමාරු වන බවයි. එවැනි අවස්ථාවක් පහතින්.

    Imgur| Archived

    මෙම ඡායාරුපය සමඟ ලබා දී තිබු විස්තරයේ මෙන්ම , මෙම ඡායාරුපය සමඟ පළකර තිබු වෙනත් වෙබ් අඩවි සහ බ්ලොග් වාර්තා රැසකම වාගේ දක්වා තිබුනේ මෙය සයිබීරියාවේ ඇති අතහැර දමන ලද දුම්රියක් වන බවයි.

    ඉන් අනතුරුව අප අවධානය යොමු කලේ, ඇත්ත වශයෙන්ම එම සයිබිරියානු කලාපයේ මේ ආකාරයේ අතහැර දමන ලද දුම්රියක ශේෂයක්ද පිලිබදවයි. එහිදී මීට ආසන්නතම රූපරාමු සහිත මෙවැනි වීඩියෝ පට කිහිපයක් ම හමුවුණා මුණගැසුනා. එහි පසුබිම සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයේ පසුබිම සහ දුම්රියේ ලක්ෂණ සැසඳීමේ දී මෙය එකම ස්ථානයක් බව පෙනී යනවා. 

    රුසියාවේ Ural නම් ප්‍රදේශයේ Shumkovo නමැති දුම්රිය ස්ථානයට නුදුරින් මේ ආකාරයේ දුම්රිය සොහොන් බිමක හැඩ ගන්නා අත්හැර දමා ඇති පැරණි වාෂ්ප දුම්රිය එන්ජින් සහ කොච්චි පෙට්ටි රැසක් දැකගන්නට ලැබෙනවා. මෙහි දක්නට ලැබෙන දුම්රිය බොහොමයක් 1940-50 සමයේ නිෂ්පාදනය වූ දුම්රිය ලෙස සැලකෙනවා. දැන් මෙම ස්ථානය සංචාරකයන්ගේ සහ දුම්රිය පිලිබඳ උනන්දුවක් දක්වන පිරිසගේ සිත්ගත් ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

    එම ස්ථානය පිළිබඳව තවත් ඡායාරුප සහිතව පළවූ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. Archived

    නුවරඑළිය ප්‍රදේශයේ මෙවැනි අතහැර දැමු දුම්රියක් නොමැති බව දෙපාර්තමේන්තු නිලධාරින් පවසනවා

    කෙසේ වෙතත් අප ලංකාවේ මෙවන් දුම්රිය නටබුන් පවතිනවාද යන්න සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙතරම් දිගු දුම්රියක ශේෂයන් නුවරඑළිය ප්‍රදේශයේ වාර්තා අපට දැකගන්නට ලැබුණේ නැහැ.

    නානුමය දුම්රිය ස්ථානයෙන් අප සිදුකල විමසුමකදී ඔවුන්ද අපට තහවුරු කර සිටියේ රාගල හයිෆොරස්ට් ප්‍රදේශයේ මෙවැනි සමාජ ජාලා වල සදහන් ආකාරයේ අතහැරදමන ලද දුම්රියක් දර්ශනය නොවන බවයි. කෙසේනමුත් මීට දශක ගණනාවකට පෙර මෙහි දුම්රිය මාර්ගයක් තිබුණද මේ වන විට එහි පවතින්නේ කලාතුරකින් දක්නට ලැබෙන නෂ්ඨාවශේෂ පමණක් බවයි ඔවුන් පැවසුවේ. එම රාගල සිට

    ලංකාවේ මෙසේ අතහැර දමන ලද දුම්රිය කිහිපයක් පිලිබඳ වීඩියෝවක් පහතින්. තවත් වීඩියෝවක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

     අවසාන නිගමනය ( Conclusion ) 

    අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වුයේ නුවරඑළිය ප්‍රදේශයේ අත්හරින ලද දුම්රියක් ලෙස හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ ස්ථානයක් නොව රුසියාවේ Shumkovo ප්‍රදේශයේ අත්හැර දමා ඇති පැරණි වාෂ්ප දුම්රිය එකතුවේ එක් දුම්රියක ඡායාරුපයක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.