Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ලංකාවේ සිදුවූ වන අලියෙකු පළවා හැරීමක්ද?

    2021-03-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වන විනාශය, මේ දිනවල මිනිසුන් දැඩි ලෙස කතාබහට ලක්වන උණුසුම් මාතෘකාවක්. වනාන්තර, රක්ෂිත වනාන්තර ගැන කතා කරද්දී වන සතුන් පිළිබඳව අමතක කිරීමට නොහැකියි. වන අලියෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඒ පිළිබඳව සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වනවා අපට දැක ගන්නට

    වන විනාශය, මේ දිනවල මිනිසුන් දැඩි ලෙස කතාබහට ලක්වන උණුසුම් මාතෘකාවක්. වනාන්තර, රක්ෂිත වනාන්තර ගැන කතා කරද්දී වන සතුන් පිළිබඳව අමතක කිරීමට නොහැකියි. වන අලියෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඒ පිළිබඳව සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වනවා අපට දැක ගන්නට ලැබුණා. 

    මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී අපට තහවුරු වුණේ වන අලියාට සිදු කරන මෙම හිංසාව ලංකාවේ සිදුවූවක් නොව ඉන්දියාවේ සිදු වූ සිද්ධියක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

     “ යකඩ ඇතෙකු සමග තම වාස භූමිය වෙනුවෙන් අරගල කළ අපේ කාලයේ ඇත් රජාණෝ.”….

    මාතෘභූමිය අපේය…

    අප කාගෙත් ය….

    එය විකුණා දමන්නේ ය…

    ඒ බහුජාතික සමාගම්වලට ය…

    විනාශකර දමන්නේය….

    එය කරනුයේ අපේම රටේ මහ එවුන් ය…

    පොඩි එවුන් ය…

    තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලූයෙ ගජ සිංහයන් ය…

    හන්දි ගානේ කිරිබත් ගිල දැමුවේ ඔවුන්ට ආවැඩූ වන්ය…

    සතුටු සාමීචියේ යෙදුනෙ..

    දේශපාලන ශාක්ෂරතාවය නොමැති නිසාය….

    ඒ සැමට අතුල් පහරක් ගසමින් තම වාසභූමිය වෙනුවෙන් අරගල කළ අපේ කාලයේ ඇත් රජාණෝ…

    වන විනාශයන් දැක තම වාසිය උදෙසා නිහඬ ව සිටින උගත් බුද්ධිමත් මිතුරනි අප ලැජ්ජා විය යුතුය නොවේද…?

    මෙම සම්පත් රැකගැනීම අප සතු වගකීම නොවේද…. ”

    යනුවෙන් අමරසූරිය නමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසිනි.

    මෙහි ඇතුලත් කර ඇති ඡායාරූපය වල දැක්වුණේ වන අලියෙකුට හිංසා කරන අයුරුයි. එම වන අලියා පන්නා දැමීමට උත්සහ කරන අයුරුයි. මෙම සටහන ෆේස්බුක් පරීශීලකියන් විශාල පිරිසක් අතර හුවමාරු වී තිබුණා.

    Facebook | Archived Link

    ඉහත සටහනේ විස්තර කිරීම අනුව එය ලංකාවේ සිද්ධියක් බව බොහෝ දෙනෙක් විමසා තිබු අතර එය මෙරට සිද්ධියක් නොව ඉන්දියාවේ සිද්ධියක් බව ද බොහෝ දෙනෙක් ද හඳුනාගෙන තිබු බවයි. ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙකු ලබා දී තිබු අදහස් දැක්වීම් කිහිපයක් පහතින්.

    මෙම සිද්ධියට අදාළ වීඩියෝඩවද “ ඉස්කුරුප්පු ඇණේ ” නම් ෆේස්බුක් පිටුව දක්වා තිබුණේ,‍ “ අපි තමයි හොඳටම කළේ… ” යනුවෙන් සටහන් කරමිනි. ෆේස්බුක් පරීශීලකියන් විශාල ප්‍රමාණයක් අතර මෙම වීඩියෝව හුවමාරු වුණා. 

    මෙලෙස හුවමාරු වුණ වීඩියෝවේ පසුබිම වාදනය වූයේ ජනාධිපතිවරණයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල තේමා ගීතය වූණ    “ ඔබයි අපේ විරුවා” ගීතයයි. එමෙන්ම වීඩියෝව අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකදී සිනහවුණ අයුරු හා ඔහු එහිදී සඳහන් කළ ප්‍රකාශයක්ද ඇතුලත් කර එම වීඩියෝව සංස්කරණය කර තිබුණා. එම වීඩියෝව පහතින්.

    Facebook | Archived Link

    මෙරට සිදුවී සිදුවීමක් ලෙස සළකා බොහෝ පිරිස් ප්‍රතිචාර දක්වා තිබුණු අපට දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් කළ වීඩියෝව පිළිබඳ අප කළ විමර්ශනයේදී දැකගන්නට ලැබුණේ,  මධ්‍යම ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ සාරානගර් වල සිදු වීමක් බවයි. එහිදී වන අලියා සහ JCB යන්ත්‍රයක් සමඟ සිදුවන ගැටුම සහිත වීඩියෝව ඉන්දීය යූ ටියුබ් නාලිකා රැසක් ඔස්සේ ද විකාශය කර ඇති අයුරු දැක ගන්නට ලැබුණා.

    ඉන්දියාවේ නිල මාධ්‍යක් වන ETV Andhra Pradesh නාලිකාවේ පුවත් විකාශනයේ මාර්තු මස 1 වැනිදා “2 Persons Killed in Elephant Attack | at Saranagar in Chhattisgarh” තේමාවෙන් පලවී තිබුනේ පහත අයුරින්

    ඉහත සිදුවීම වන අවස්ථාවේදී වන අලි පහරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

    ඉහත වීඩියෝවේ දර්ශන සහ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන ඡායාරුප සංසන්දනය කිරීමේ දී ඒවා එකම අවස්ථාවක් බව ද තහරුවූ වෙනවා.

    එසේම චටිස්ගාර් ප්‍රදේශයේ බොහෝවිට භාවිතා වන්නේ හින්දි සහ චටිස්ගාරි නම් භාෂාවන්ය. ඉහත වීඩියෝවට සවන් දීමේ දී ද එය තහවුරු වෙනවා.

    Conclusion (අවසාන නිගමනය)

    ඒ අනුව අපගේ කරුණු විමර්ශනයේදී තහවුරු වුණේ, මෙරට සිදු වූ සිදුවීමක් ලෙස හුවා දක්වමින් තම නිජ භූමියෙන් වන අලින් පළවා හැරීමට දරන උත්සහයක් ලෙස හුවමාරු වන දර්ශන ජනතාව නොමග යවන කෝණයකින් පළකර තිබෙන බවයි

    මෙහි සත්‍ය සිදුවීම සහිත ගැටුම පසුගිය දා ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ සාරානගර් ප්‍රදේශයේ සිදුවී තිබු අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ද මිය ගිය බව වාර්තා වෙනවා 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලංකාවේ සිදුවූ වන අලියෙකු පළවා හැරීමක්ද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.