Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: නෙළුව – ලංකාගම මාර්ගය මෙසේ ගිලා බැස තිබුණාද ?

    2020-11-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සිංහරාජ වැසි වනාන්තරය දකුණු මායිමේ පිහිටා ඇති ලංකාගම ජනාවාසය, දෙනියාය නගරය හා සම්බන්ධ කෙරෙන ලංකාගම-නෙළුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව ආරම්භ කළ බවට වාර්තා වීමත් සමඟම එම ක්‍රියදාමයට බලවත් විරෝධයක් මතුවිය. එහෙත් අගෝ

    සිංහරාජ වැසි වනාන්තරය දකුණු මායිමේ පිහිටා ඇති ලංකාගම ජනාවාසය, දෙනියාය නගරය හා සම්බන්ධ කෙරෙන ලංකාගම-නෙළුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව ආරම්භ කළ බවට වාර්තා වීමත් සමඟම එම ක්‍රියදාමයට බලවත් විරෝධයක් මතුවිය. එහෙත් අගෝස්තු මස අවසන් භාගයේදි ජනපතිතුමා පුද්ගලිකවම ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු නිරීක්ෂණය කොට පරිසරයට හානිනොවන සේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු තෙමසකින් නිම කරන ලෙස බලධාරීන්ට උපදෙස් මෙසේ ලබා දුන්නා.

    මේ අතර ප්‍රතිසංස්කරණය කරන ලද ලංකාගම – නෙළුව මාර්ගය පුපුරා ගිලා බැස අති ආකාරයක් බව හඟවමින් ඉදිරිපත්ව තිබු ෆෙස්බුක් සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව අපට අනාවරණය වුනා

    සමාජ මාධ්‍ය සටහන්:

    පුපුරා ගිලා බැස ඇති කාපට් ඇතිරූ ග්‍රාමීය මාර්ගයක සේයා රුවක් සහිතව “ස පුද්ගලිකව ගිහිං බලලා හදපු පාරත් පාස්” තේමාවෙන්, ජනාධිපතිතුමා විසින් පුද්ගලිවකව පරීක්ෂා කළ ලංකාගම මාර්ගයේ තත්වය බව හඟවමින් Ruwan Sanjeewa නමැත්තකුගේ ෆේස්බුක් සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබුණි.

    FacebookArchived Link

    මෙම ඡායරුපයම යොදා ගනිමින් තවත් එවැනිම අදහස එන සටහන් මෙන්ම උපහාසාත්මක සටහන් රැසක් ද දැකගනන්ට ලැබුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ෆේස්බුක් සටහනේ අන්තර්ගතව තිබු ඡායාරූපය reverse image සෙවීමකට යොමු කළෙමු. එහිදී එම මුල් ඡායාරුපය හමුවුනේ නැති වුවද එම ඡායාරූපය සහිත සටහනක් පෙළක්ම ලංකාවේ සමාජ මාධ්‍ය හරහා 2020 ඔක්තෝබර් මස 1වැනි දින (ජනපති ලංකාගම සංචාරයෙන් මසකට පසුව) ඉදිරිපත්වී ඇති බව නිරීක්ෂණය විය. අවදානම් ස්ථානයක සිට ඡායරූප ලබාගැනීමේ අවදානම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබුණා

    FacebookArchived LinkFacebookArchived

    ඔක්තෝබර් මස පලමු වැනිදා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡයාරූපය Ruwan Sanjeewa ෆේස්බුක් ගිණුමේ ඇති ඡයාරූපය සමඟ සංසන්දනය කිරීමේදි එය එකම ඡායාරූපයක් බවට තහවුරු විය.

    අප මෙම ඡායාරූපය සුමිත් චමින්ද ඇතුළු ලංකාගම ගම්වාසීන් කිහිප දෙනෙකුට යොමු කළෙමු. එය තමන් දෛනිකව භාවිතා කරන නෙළුව ලංකාගම මාර්ගය නොව වෙනත් මාර්ගයක ස්යාරුවක් බවත්, ප්‍රතිසංස්කරණය වෙමින් පවතින නෙළුව ලංකාගම මාර්ගය මෙවැනි ඛාදනයකට කිසිඳු අවස්ථාවකදී ලක්නොවු බවත් එකහෙලාම පවසා සිටියා.

    අනතුරුව අප මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය සමග සම්බන්ධ වුයෙමු. Ruwan Sanjeewa ෆේස්බුක් පිටුවේ ඇති ඡයාරූපය ඔවුන්ට යොමු කළෙමු. එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ නෙළුව ලංකාගම මාර්ගය නොවන බවත් එම මාර්ගය ඔක්තෝබර් මස 1 වැනි දින වනවිට මේ තත්වයෙන් කාපට් අතුරා තිබීමක් හෝ මෙවැනි හානියක් හෝ සිදුවී වී තිබුනේ නැති බව තහවුරු කර සිටියා.

    එසේම ලංකාගම – නෙළුව මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු වල අඩුපාඩු බව පෙන්වමින් සමාජ මාධ්‍ය ජාල‍ හරහා ඡායාරුප සටහන් රැසක් පසුගිය දා හුවමාරු වූ අතර ඉන් අනතුරුව එහි සංචාරයක යෙදුණු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස මාර්ගයේ තත්වය නිරීක්ෂණය කරමින් මෙසේ පෙන්වා දී තිබුනේ අධික වර්ෂාවෙන් ඛාදනයට ලක්වූ ස්ථාන කිහිපයක් පෙන්වමින් සමාජ මාධ්‍ය හරහා සම්පුර්ණයෙන්ම නොමඟ යවන සුළු චිත්‍රයක් මවා ඇති බවයි.

    Also Read: ජනපති වෙත පරිසරවේදීන්ට විරුද්ධව හඬක් නැගුවේ ලංකාගම වැසියෙකු නොවන බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Ruwan Sanjeewa ඇතුලු කිහිප දෙනෙකු විසින් ගිලා බැසීමකට ලංකාගම නෙළුව මාර්ගයේ ස්වරූපය බව හැඟවෙන පරිදි හුවමාරු කරගෙන තිබු ඡයාරූපය ලංකාගම-නෙළුව මාර්ගයේ ඡායාරුපයක් නොවන අතර එහි දක්වන ආකාරයේ ඛාදනයක් සිදුවී ඇත්තේ ද නැහැ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.