Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : දෙසැම්බර් 02 මුලතිව් නගරයේ තත්වය?

    2020-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    “බුරවි” සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කළ ද අද (04) දිනයේ ද සැලකිලිමත් වන ලෙස විශේෂයෙන්ම දිවයිනේ උතුරු, වයඹ සහ ඊසාන දිග වෙරළ තීරයන්හි සිටින ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනයක් නිකුත් කරන ලදී දෙසැම්බර් මස දෙවැනිදා මෙම සුළි

    “බුරවි” සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කළ ද අද (04) දිනයේ ද සැලකිලිමත් වන ලෙස විශේෂයෙන්ම දිවයිනේ උතුරු, වයඹ සහ ඊසාන දිග වෙරළ තීරයන්හි සිටින ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනයක් නිකුත් කරන ලදී

    දෙසැම්බර් මස දෙවැනිදා මෙම සුළි කුණාටුව දිවයිනට ආසන්නයේ පවතින බව සැලවීමත් සමගම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක් පළවූ අතර විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද නිර්මාණය වුණා

    මෙසේ පළවූ සටහන් අතර එක් ඡායාරූප සටහනකින් දක්වා තිබුණේ දෙසැම්බර් දෙවැනිදා මුලතිව් නගරයේ සුළි සුළං තත්ත්වය යනුවෙන්. නමුත් අපගේ අනාවරණයෙන් පැහැදිලි වූයේ මෙය පැරණි ඡායාරුපයක් බවයි

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    “මුලතිව්වල දැන් තත්වය.. පරිස්සම් වෙන්න” යන තේමාව යටතේ Mawurata–මවුරට නම් ෆේස්බුක් පිටුවක පළවූ සටහනක් දැඩි සුළං තත්වයක් පෙන්වා තිබුනේ දෙසැම්බර් මස 02 වැනිදා සවස් වරුවේ මෙලෙසින්

    FacebookArchived Link

    එම සටහන තවත් පුද්ගලයන් බොහෝ දෙනෙක් විසින් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි

    මේවා අසත්‍ය සටහන් බවද කිහිප දෙනෙක් ම ප්‍රතිචාර මඟින් සටහන් කර තිබෙනු ද අපට දැකගනන්ට ලැබුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    එම ඡායාරූපය අප google reverse image සෙවුමක් සඳහා අප යොමු කළ විට පැහැදිළි වූයේ මෙය වසර ගණනාවක් පැරණි ඡායාරූපයක් බවත් බොහෝ අවස්ථාවල සුළි කුණාටු තත්වයන් නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා ඡායාරූපයක් බවයි.

    ඩෙනිස් නම් සුළි කුණාටුවක බලපෑම පෙන්නුම් කල ඇමරිකා එක්සත් ජනපදයේ 2005 වසරේ ජුලි මස ලබාගත් ඡායාරුපයක් බව Alamy නම් මුල් ඡායාරුප ලබාගත හැකි වෙබ් අඩවියක් මෙසේ වාර්තා කර තිබුණි.

    AlamyArchived

    එම මුල් ඡායාරුපය යොදාගත් තවත් සටහනක් මෙලෙසින්

    ඊසාන දිග වෙරල තීරයේ නගරයක් වන මුලතිව් ප්‍රදේශය ට “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් හානි වලට ලක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. දෙසැම්බර් මස 03 වැනිදා සවස් වන විට මුලතිව් දිස්ත්‍රික්කයේපවුල් 130 කට අයත් පුද්ගලයින් 444 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බවත් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණි. 

    “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ බලපෑම පිලිබඳ වාර්තාවක් මෙතනින්. කෙසේවෙතත් මෙම සුළි කුණාටුව හේතුවෙන් තදබල හානි කිසිවක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා තිබුණා. එතුමා වෙත එම ඡායාරූපය අප යොමු කළ විට පවසා සිටියේ ද මෙය මුලතිව් ප්‍රදේශයේ ඇති සුළි සුලං තත්වයක් විය නොහැකි බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඩෙනිස් නම් සුළි කුණාටුවක බලපෑම පෙන්නුම් කල ඇමරිකා එක්සත් ජනපදයේ 2005 වසරේ ලබාගත් ඡායාරුපක්. එම ඡායාරුපය සුළි කුණාටු තත්වයන් නිරුපණය කිරීමට බොහෝ අවස්ථාවන් වැල් යොදාගෙන තිබෙනවා. කෙසේවෙතත් මුලතිව් ප්‍රදේශයේ “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් තද සුළං සහ වර්ශාපතනයක් වාර්තා විය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දෙසැම්බර් 02 මුලතිව් නගරයේ තත්වය?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.