Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    <strong>ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ඡායාරූපයක් ද?</strong>

    2022-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර කබ්බිරෝල් වලින් ආරක්ෂා කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link  FB | Archived

    ට්විටර් ඔස්සේ ද, මෙම ඡායාරූප සටහන සංසරණය වී තිබුණේ ජනාධිපතිගේ නිවසට යොදා තිබූ ආරක්ෂාව බවට හඟවමින්.

    Archived Link

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ඉහත ඡායාරූපය මුලින්ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය, මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ජාල වල පසුගිය අප්‍රේල් මස සිට සංසරණය වී තිබූ ඡායාරූපයක් බවයි. මෑතකදී මෙම ඡායාරූපය පළ වී තිබූ අවස්ථා මෙතනින් හා මෙතනින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    ඒ අනුව පෙනී යන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ, මෙරට ඇති වූ ජනතා අරගලයටත් පෙර වෙනත් රටක ලබා ගත් ඡායාරූපයක් බවයි. මෙහි මුල් ඡායාරූපයේ විස්තර අපට මෙතෙක් නොලැබුණු අතර ඒ සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    තවද ජනපති නිල නිවස හෝ පෞද්ගලික නිවස ඉදිරිපස මේ ආකාරයේ දැඩි ආරක්ෂාවක් දමා තිබු ආකාරයක් පුවත් වාර්තාවල ද දැක ගන්නට නොලැබුණු බැවින් අප මෙම ඡායාරූප සටහන් පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ, ජනාධිපති නිල නිවසේ හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ හෝ සමාජ මාධ්‍ය ඡායාරූප වල දැක්වෙන ආකාරයේ කම්බි රෝල් දමා නොමැති බවත්, එය ජනාධිපති නිවසේ සේයාරුවක් ද, නොවන බවයි.

    කෙසේ වෙතත් පසුගිය ජූලි මස එවකට අග්‍රාමත්‍යවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතාට අයත් කොළඹ පස්වන පටුමගේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස අරගලයේ විරෝධතාකරුවන්ට මුවා වී සිටි කඩාකප්පල්කාරී පිරිසක් විසින් ගිනි තැබිමට කටයුතු කරනු ලැබුවා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල පසුගිය මැයි 07 වන දා අරගලකරුවන් විසින් දක්වපු විරෝධතාවයේදී ඔහුගේ නිවසේ වටකර ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ දැඩි උසකින් යුත් කම්බි රෝල් දැක ගන්නට නොලැබේ. එම අවස්ථාව මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ නව ඉදිකිරීමක් ලෙස ඔහුගේ නිවස වට කර දැඩි උසකින් යුත් කම්බිරොල් දමා ඇති බවට හඟවමින් පළ වූ ඡායාරූපය මෙරට ඡායාරූපයක් නොවන බවයි. එම ඡායාරූපය පසුගිය අප්‍රේල් මස සිට මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් වේ.

    ජනාධිපති මාධ්‍ය අංශය ද, පවසා සිටින්නේ, එම ඡායාරූපයේ දැක්වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ හෝ ජනපති නිල නිවසේ ඡායාරූපයක් නොවන බවයි.

    Avatar

    Title:ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ඡායාරූපයක් ද?

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.