Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බඹරගල රජ මහා විහාරයේ ඇති පෞරාණික සල්ගසේ ඡායාරුපයක් ද? 

    2022-02-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බොහෝ පිරිස් තමන්ගේ නොදැනුවත්බව හේතුවෙන් කරුණු හරි හැටි විමර්ශනය නොකොට සමාජ මාධ්‍ය ජාලයන්හි පළ කිරීම තුළින් ජනතාව නොමග යැවීම සිදුවන අයුරු අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර ඇතැම් පිරිස් හිතාමතාම ජනතාව නොමග යැවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පළ කරනු

    බොහෝ පිරිස් තමන්ගේ නොදැනුවත්බව හේතුවෙන් කරුණු හරි හැටි විමර්ශනය නොකොට සමාජ මාධ්‍ය ජාලයන්හි පළ කිරීම තුළින් ජනතාව නොමග යැවීම සිදුවන අයුරු අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර ඇතැම් පිරිස් හිතාමතාම ජනතාව නොමග යැවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබයි. එවන් අසත්‍ය හා නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසුමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් විසින් පෙන්වා දුන් අවුරුදු 2600 ක් පැරනි බබරගල අයිතිහාසික සල් ගස. සාදු කියන්න.” යනුවෙන් සටහනක් සමගින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහනින් දක්වා ඇති පරිදි මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ  බඹරගල ‍ විහාරස්ථානයේ ඵෙතිහාසික සල් ගසේ ඡායාරූපයක් නොවන බවට අප පෙන්වා දුන්නේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    “බඹරගල රජ මහා විහාරය” නමින් ප්‍රසිද්ධව තිබෙන ලෙන් විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියට නුදුරුව පිහිටා තිබෙන ඓතිහාසික පුදබිමකි. බඹරගල කන්දේ ගල්කුළු බහුල වටපිටාවක පිහිටි මේ ලෙන් විහාරය ඉතා සුන්දර ඉසව්වක අත්දැකීම විඳගැනීමට ඉඩ සලසන පූජනීය ස්ථානයක්. පැරණි බෙදීම් අනුව බටහිර පාත දුම්බර පලිස්පත්තු කෝරළේ පිහිටි මේ විහාරය උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම් සුරැකි වටිනා පූජනීය ස්ථානයක් ලෙස සැලකෙනවා. මෙහි ඉතිහාසය උඩරට ජනාවාස වීමේ මුල් යුගයට අයත් බව ලෙන්වල පිහිටි ක්‍රි. පූ. යුගයට අයත් ලෙන්ලිපි සාක්ෂ්‍ය දරනවා. මේ පිළිබඳව Inscription of Ceylon volume one වල වැඩිදුර විස්තර ඇති බවට විකිපීඩියා වාර්තා සඳහන් කරනු ලබයි. එමෙන්ම මෙම ඵෙතිහාසික විහාරය සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

    එසේම බඹරගල රජ මහා විහාරයේ පිහිටා ඇති සත්‍ය සල් ගසේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබුණේ මෙලෙසින්.

    මෙම විහාරස්ථානය මතභේදයට තුඩු දුන් විහාරස්ථානයක් වන්නේ බුදුරජාණන්වහන්සේ වැඩවාසය කළේ, ඉන්දියාවේ නොව ලංකාවේ යැයි පවසන ඇතැම් පිරිස් සිදුහත් කුමාරෝත්පත්තිය සිදුව ඇත්තේ බඹරගල බවට පැවසීම හේතුවෙනි. ඒ බවට සඳහන් සටහනක් මෙතනින්.

    විහාරස්ථානයේ පිහිටි මෙම සල් ගස දැක්වෙන තවත් වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ සල් ගසක් නොවන බව අප එම ඡායාරූපය පිලිබඳ සිදුකළ විමර්ශනයේදී තහවුරු විය.

    එම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම ඡායාරූපයේ දැක්වෙන්නේ Madagascar හි පිහිටි Boabab නමැති ශාකය බවට නිරීක්ෂණය විය.

    Imgur | Archived Link

    ඉහත ඡායාරූපය පළ වූ තවත් අවස්ථාවක් මෙතනින්.

    මෙම ශාකය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මෙය මැඩගස්කර් හි spiny වනාන්තරයේ වසර 1200ක් පමණ පැරණි විෂ්කම්භය මීටර් 12.5කින් යුත් baobab නමැති ශාකයක් බවයි. එහි හැඩය හේතුවෙන් ‘The coffee Pot'(කෝපි බඳුන) ලෙසින් හැඳින්වේ.

    Getty Images | Archived Link

    මෙම ශාකය පිළිබඳ වැඩිදුර විස්තර මෙතනින්.

    අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන මෙම Bobab වර්ගයේ ශාක ලංකාවේ ද විශේෂයෙන් මන්නාරම ප්‍රදේශයේ දැක ගන්නට ලැබෙනවා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    බඹරගල රජ මහා විහාරයේ ඇති පෞරාණික සල්ගස යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, මැඩගස්කර් හි පිහිටි වසර 1200ක් පමණ පැරණි baobab වර්ගයේ ශාකයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.