Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක්ද?

    2022-02-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ. ස

    ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ලෝකයේ භයානකම  ස්ථානයන්  අතර සැලකෙන සැන් ඇන්ඩ්‍රියාස්  පැල්ම  ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ පිහිටි කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇත.  

    කිලෝමීටර් 1200ක් දිගැති මෙම  පිපිරුම  උතුරු ඇමෙරිකානු සහ පැසිෆික් භූ තැටිය අතර දිගේ දිව යයි.” 

    යනුවෙන් සඳහන් කරමින් එම ස්ථානයේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වුණේ මෙලසෙින්.


    Facebook | Archived Link

    මෙම සටහන මේ වන විට 352ක පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබු අතර වෙනස් ෆේස්බුක් පිටු සහ පරිශීලකයින් අතර ද මෙය හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ගොඩබිම් දී පෘථිවි භූ තැටි මායිම් අතර ප්‍රදේශයක් දැකගත හැකි විරල අවස්ථාවක් ලෙස සැන් ඇන්ඩ්‍රියාස් විභේදය (San Andreas Fault) හැඳින්විය හැකියි. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය උතුරු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පොයින්ට් ඇරීනාහි සිට ඉම්පීරියල් මිටියාවත දක්වා විහිදුණු පොළොවේ ඇති ඉරිතැලීම් කලාපයකි. මෙහි දිග 1287ක් පමණ වන අතර එය කිලෝමීටර් 16 (සැතපුම් 10) කට වඩා ගැඹුරකින් යුක්තයි.

    මෙය භූ තල මායිමකි. මෙම භූ තල මායිම දෙපසේ උතුරු අමෙරිකානු භූ තලය සහ පැසිෆික් භූ තලය පිහිටා තිබෙනවා. මෙම භූ තල දෙක එකිනෙක ඇතිල්ලෙමින් වසරකට 2.5 cm ක් පමණ විභේදනයක් ඇති වනවා. මෙම භූ තල මායිමේ බිහිසුණු භූමිකම්පා සහ ගිණි කඳු පිපිරීම් ඇති වනු ලබනවා. සැන් ඇන්ඩ්‍රියාස් විභේදයෙන් හටගන්නා භූමිකම්පා මැග්නිටියුඩ් 7ට වඩා වැඩි ප්‍රභල භූමිකම්පා ඇති කිරීමට සමත් වන අතර එය පුළුල් විනාශයක් ඇති කිරීමට තරම් බලවත් වනවා.

    1906 දී, සැන් ඇන්ඩ්‍රියාස් විභේද රේඛාව ඔස්සේ හදිසි විස්ථාපනයක් ඇති වීම හේතුවෙන් ඓතිහාසික සැන් ෆ්රැන්සිස්කෝ භූමිකම්පාව ඇති විය. භූමිකම්පාව සහ එය ඇති කළ දැවැන්ත ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයන් 700 ක් මිය ගොස් තිබෙනවා. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ සත්‍ය ඡායාරූපයක් පහතින්.

    Amusing planet | Archived Link

    මෙම විභේදයේ සත්‍ය ඡායාරූප Getty Images ඔස්සේ දක්වා තිබුණේ මෙලෙසින්. ඩ්‍රෝන් මගින් ලබා ගත් එහි වීඩියෝවක් පහතින්. 

    කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත ඡායාරූපය ආකාරයේ ඡායාරූපයක් සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූප අතර දක්නට නොලැබුණු හෙයින් අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ එම ඡායාරූපයේ දැක්වෙන්නේ, සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක් නොවන බවයි.

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ බොල්ඩර්හි කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් පිරිසක් සහ මාර්ගෝපදේශකයින් දෙදෙනෙකු ඇමරිකාවේ Utah ප්‍රාන්තයේ පිහිටි කැන්යෝලන්ඩ්ස් ජාතික උද්‍යානයේ (Canyonlands National Park) පාපැදි සංචාරයේ යෙදුණු අවස්ථාවක ලබා ගත් ඡායාරූපයකි.

    Washingtonpost 

    ඉහත ඡායාරූපයෙන් කෙරෙන්නේ Canyonlands හි භූ විද්‍යාත්මක ආශ්චර්යයන්ගෙන් එකක් වන කළු ඉරිතැලීමෙහි අගාධය (Black Crack) දෙස බලන අයුරුයි.

    White Rim මාර්ගය දිගේ අවම වශයෙන් අඩි 65 ක් ගැඹුර සහ අඩි 3 ක් පළලින් වැලිගල් හරහා මෙම ආගාධය දක්නට ලැබෙන බව Canyonlands National Park නිල ෆේස්බුක් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම Getty Images ඔස්සේද, එම ස්ථානය White Rim මාර්ගය දිගේ ඇති කළු ඉරිතැලීමේ ස්ථානය බව මෙලෙසින් දක්වා තිබුණා.

    මෙම ඡායරුපවල පසුබිම සහ ෆේස්බුක් සටහන් ඔස්සේ හුවමාරු වූ ඡායාරුප ද පරීක්ෂා කිරීමේ දී මේ එකම ස්ථානයක් බවද තහවුරු වනවා.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත්, එහි දැක්වෙන ඡායාරූපය වෙනත් ස්ථානයක බව තහවුරු වනවා. ඡායාරූපයේ දැක්වෙන ස්ථානය පිහිටි Utah හි Canyonlands National Park ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ සිට සැතපුම් 800කටත් වැඩි දුරකිනි.

    මෙම ඡායාරුප පිළිබඳ ඉංග්‍රීසි බසින් සිදුකර තිබු කරුණු විමර්ශනයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ දැක්වෙන පැරිදී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සැන් ඇන්ඩ්‍රියාස් විභේදය කිලෝමීටර් 1287ක් පමණ වන කරුණ සත්‍ය වුවද එම සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ  එම ස්ථානය නොව, අමෙරිකාවේ Utah ප්‍රාන්තයේ Canyonlands National Park හි පිහිටි කළු ඉරිතැලීමෙහි අගාධය (Black Crack) නම් ස්ථානයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.