Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් ද?

    2023-09-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය අගෝස්තු 23 වන දා චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩ බසින ලදී.  ඒ හා සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව සංසරණය වූවා. එලෙසින් සංසරණය වූ තවත් ඡායාරූප සටහනක න

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පසුගිය අගෝස්තු 23 වන දා චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩ බසින ලදී.  ඒ හා සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව සංසරණය වූවා. එලෙසින් සංසරණය වූ තවත් ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ දෙනෙකු මෙය සත්‍යයක් ලෙස උපකල්පනය කර ඇති බවයි.

    මෙම ඡායාරූපය චන්ද්‍රයාන් – 3 මෙහෙයුමේ දී ලබා ගත් සත්‍ය ඡායාරූපයක් ද යන්න පිළිබඳව අප පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් චන්ද්‍රයාන්-3 මෙහෙයුමට අදාළ නිල වශයෙන් නිකුත් කර තිබූ ඡායාරූප වල ඉහත ඡායාරූපය ඇතුළත් ව ඇත්ද, යන්න පිළිබඳ අප Isro ‘X’ (Twitter) හසුරුව හරහා  පරීක්ෂාවක් සිදු කළත්, අපට ඉහත ඡායාරූපය එහි දක්වා නැති බව දැක ගන්නට ලැබුණා.

    ඉන් අනතුරුව අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබුණේ පසුගිය අගෝස්තු 19 වන දා 9GAG වෙබ් අඩවියේ උපහාසාත්මක කෝණයෙන් මෙම ඡායාරුපය පළකර තිබු බවයි. පෘථිවිය පැතිලි යැයි විශ්වාස කරන පුද්ගලයින් සමච්චල් කිරීමේ අරමුණින්, මෙම ඡායාරූපය පළ කර ඇති බව එහි තේමාවේ සඳහන් වන අතර, එය සංස්කරණය කර ඇති ඡායාරූපයක් බවට ඉන් ගම්‍ය වේ.

    9gag| Archived Link

    එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුවේ, සංස්කරණය නොකරන ලද මුල් සේයාරුව ලබාගැනීමට අප තවදුරටත් සිදු කළ විමර්ශනයේදී ­ඊට සමාන ඡායාරූපයක් 2021 ජූලි 30 දින TIME වෙබ් අඩවියේ පළ වී තිබු අයුරු මෙලෙසින් | Archived Link

    මෙම ඡායාරූපය 1968 වසරේදී මිනිසුන් ප්‍රථම වරට අභ්‍යවකාශයට යවන ලද ඇපලෝ 8 මෙහෙයුම අතරතුර, අභ්‍යවකාශයේ සිටි Anders, Frank Borman, and Jim Lovell ගගන ගාමීන් රැගත් යානයේ සිට, චන්ද්‍රයාගේ පෘෂ්ඨයට පිටුපස සිට පෘථිවිය නැඟී එන අයුරු ඡායාරූප ගත කර තිබු NASA නිල වෙබ් අඩවියේ පළවී තිබුනේ මෙලෙසින්.

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    එමෙන් ම අප කළ වැඩිදුර නිරීක්ෂණයේ දී නාසා හි යූ ටියුබ් නාලිකාවේ 2018 දෙසැම්බර් 11 දින උඩුගත කරන ලද වීඩියෝවක එහි විනාඩි 3.55 දී ඉහත ඡායාරූපය දැක්වෙන වීඩියෝ දර්ශනය දැක ගන්නට ලැබේ.


    Also Read : This is NOT an image of the Earth taken by Chandrayan 3 from the Lunar surface! Know the truth. 
     
    චන්ද්‍රයාන් – 3 මෙහෙයුම ට සම්බන්ධ විද්‍යාඥවරියන්ගේ ලබා ගත් ඡායාරූප අවස්ථාවක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් බවටත්, පෘථිවිය පැතිලි බවට දක්වා තිබූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් වන අතර එහි සත්‍ය ඡායාරූපය 1968 වසරේදී මිනිසුන් ප්‍රථම වරට අභ්‍යවකාශයට යවන ලද ඇපලෝ 8 මෙහෙයුම අතරතුර ලබාගත්, චන්ද්‍රයාගේ පෘෂ්ඨයට පිටුපසින් පෘථිවිය නැඟී එන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් වන අතර එම මුල් ඡායාරූපයේ පෘථිවිය ගෝලාකාර බවට දැක ගන්නට ලැබේ.

    Avatar

    Title:චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් ද?

    Fact Check By: Pavithra Sandamali 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.