Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?

    2022-02-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැ

    ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණා.

    Facebook | Archived Link

    2018 වර්ෂයේ සිට මෙම සටහන විදෙස් ෆේස්බුක් පිටු හරහාද සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සටහන සංසරණය කර ගෙන තිබුණු අයුරු.

    අතේ ඇඟිල්ලක් තරම් වත් උස නැති ‍මෙහි ඡායාරූපයේ දැක්වෙන පක්ෂියා සත්‍ය වශයෙන්ද ලොව කුඩාතම පක්ෂියාද යන්න බව විමර්ශනය කිරීම සඳහා අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම ලොව කුඩාතම පක්ෂියා සම්බන්ධයෙන් වාර්තා වී ඇති ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කරනු ලැබුවා.

    ඒ අනුව අපට අනාවරණය වූයේ ලොව කුඩාම පක්ෂියා වන්නේ Humming Bird වර්ගයටම අයත් Bee Humming පක්ෂියායි. Humming පක්ෂීන් වර්ගයට අයත් කුඩාම පක්ෂියා වන්නේ Bee Humming Bird නමැති පක්ෂියෙකු බවයි. එම පක්ෂියාගේ දිග අඟල් දෙකහමාරක් පමණ වන අතර ඔවුන්ගේ බර ග්‍රෑම් දෙකකට වඩා අඩු බවත් ගැහැණු පක්ෂියාගේ බිත්තර කෝපි ඇටයක් තරම් කුඩා බවත් සඳහන් වේ. බොහෝ විට මී මැස්සන් ලෙසද මෙම පක්ෂීන් වරදවා වටහා ගනු ලබන බවට ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. මොවුන් බොහෝවිට දැක ගැනීමට හැකි වන්නේ කියුබාවේය.

    audubon.org | Archived Link

    ලොව කුඩාතම පක්ෂියා ලෙස ‘Bee Humming Bird’ බවට සඳහන් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මෙම ලොව කුඩාතම ලෙස ගිනස් ලෝක වාර්තා අතරේ සඳහන් වන්නේ ද ‘Bee Humming Bird’ පක්ෂියාය. 

    Guinness world records | Archived

    ඒ අනුව ඉහත සටහනේ දක්වා ඇති ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, සත්‍ය ඡායාරූපයක් නොව ඉන්දියාවේ Nayan නමැති කාලකරුවෙක් විසින් කඩදාසි භාවිතයෙන් (papercutting) සිදු කරන ලද නිර්මාණයක් පමණක් බවයි.

    ඔහු විසින් දින 365 කින් නිර්මාණයක් සිදු කිරීමේ අභියෝගයකින් දින 156කින් මෙම නිර්මාණය නිමා කළ බවටත් මෙහි සිටින පක්ෂියා ‘Crimson topaz Hummingbird’ යනුවෙන් ද 2018 වර්ෂයේ ඔහුගේ නිල Instagram පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    කඩදාසි භාවිතයෙන් ඔහු විසින් සිදු කරන ලද බොහෝ නිර්මාණ එම Instagram පිටුව හරහා මෙසේ දැක ගන්නට ලැබේ.

    එමෙන්ම ඔහුගේ සහ Vaishali Chudasama නමැත්තියකගේ මෙම නිර්මාණ විකිණීම සඳහා වෙබ් අඩවියක පළ වී තිබෙන අයුරුද අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    මෙහි සඳහන් කර ඇති පක්ෂියා වන ‘Crimson topaz Hummingbird’ සම්බන්ධයෙන් ද, අප තොරතුරු නිරීක්ෂණයක් කළ අතර ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ මෙම පක්ෂියාද hummingbird කුලයට අයත් වන අතර එම කුලයේ විශාලතම පක්ෂියා වන Giant hummingbirdට පසුව දෙවන විශාලතම hummingbird විශේෂය වන්නේ ‘Crimson topaz Hummingbird’ බවයි. පිරිමි පක්ෂියා තද රතු පැහැති වන අතර 21cm – 23cm දක්වා දිගින් යුක්ත වන අතර 8.6 cm – 12 cm දක්වා කුරුලු පෙන්දකින්ද 11 g- 18 g බරකින්ද යුක්ත වනවා. එම වාර්තාව මෙතනින්. Crimson topaz Hummingbird සම්බන්ධයෙන් වාර්තා මෙතනින්.

    ebird.org

    මේ සම්බන්ධයෙන් වෙනත් කරුණු විමර්ශන කණ්ඩායමක් සිදු කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ලොව කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් බව දක්වමින් හුවමාරු වන ඡායරුපයේ දැක්වෙන්නේ සැබෑ පක්ෂියෙකු නොව කඩදාසි භාවිතයෙන් කළ නිර්මාණයක් පමණක් බවයි. එම නිර්මාණයේ දැක්වෙන්නේ Crimson topaz Hummingbird නමැති පක්ෂියෙකුගේ අනුරුවක් වන අතර එම වර්ගය හමින්බර්ඩ් පක්ෂීන් අතර තරමක් විශාල වර්ගයකි. කෙසේනමුත් ලොව කුඩාතම පක්ෂියා ලෙස හඳුන්වනු ලබන්නේ ද ‘Bee Humming Bird’නමින් හැඳින්වෙන බොහෝවිට කියුබාවේ දැක ගන්නට ලැබෙන හමින්බර්ඩ් පක්ෂි විශේෂයක්ම වෙයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.