Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කොවිඩ්19 ව්‍යසනය හේතුවෙන් රජයේ ගුරුවරුන්ගේ සංගමය වෘත්තිය සමිති උද්ඝෝෂණ තාවකාලිකව නැවැත්වීමේ තීරණයක්?

    2021-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගුරු වැටුප් විෂමතාවන්ට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ගුරු උද්ඝෝෂණ තාවකාලීකව නැවැත්වීමට පියවර ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය

    ගුරු වැටුප් විෂමතාවන්ට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ගුරු උද්ඝෝෂණ තාවකාලීකව නැවැත්වීමට පියවර ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනය සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    එක රටක් නම් ෆේස්බුක් පිටුවේ “දැන් සනිප ඇති. මේ උන්දලා කොවිඩ් පතුරන එක නවත්තන්නේ නැති එකට නම් ආණ්ඩුව වගකියන්න ඔනේ තමා.” යන තේමාවෙන් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක් බවට හඟවමින් එම සටහනට එක් කර තිබුණු නිවේදනය පහතින්.

    Facebook | Archived Link

    එම සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතාගේ අත්සනින් යුත් එම නිවේදයේ සඳහන් කර තිබුණේ, කොවිඩ්19 ව්‍යසනය හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වෙනස් කිරීම යන තේමාවෙන් පළව තිබු එම ලිපියෙන් දක්වා තිබුනේ පසුගිය දින ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ ගුරුවරුන් 20 කට වඩා වැඩි ප්‍රමාණයකගේ PCR වාර්තා positive වීමත් ඉන් 6 දෙනෙකුට මේ වන විට ඔක්සිජන් ලබා දීමට සිදු වීමත් නිසා උද්ඝෝෂණ සිදු කිරීම තාවකාලිකව නැවැත්වීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

    එම නිවේදනය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    WhatsApp ඔස්සේද එම නිවේදනය සංසරණය වූයේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    විදුහල්පති හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා පවත්වන උද්ඝෝෂණ මාලාවට සමගාමීව පසුගිය 28 වන දා ගාල්ලේදී ගුරු විදුහලපතිවරු උද්ඝෝෂණයක් පැවැත්වුණේ මෙලෙසින්.

    මෙම උද්ඝෝෂණයට සහභාගී වූ ගුරුවරුන් 20 කට අධික ප්‍රමාණය කොවිඩ් වැළඳී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කළාද යන්න පිළිබඳව ද අප නිරීක්ෂණය කළ අතර එවන් නිල ප්‍රකාශයක් කිසිදු ප්‍රධාන පුවත් වාර්තාවකද සඳහන් නොවුණි.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම නිවේදනය එම සංගමයේ The Government Teachers Association of Sri Lanka ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබුවා. එවැනි නිවේදනයක් එම පිටුවේ පළ වි නොමැති බවට අපට නිරීක්ෂණය විය. 

    කෙසේ වෙතත් මෙම නිවේදනයේ දැක්වෙන පරිදි ගුරු උද්ඝෝෂණ සිදු කිරීම තාවකාලිකව නැවැත්වීමට තීරණය කර ඇත්දැයි විමසීමට අප එම සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඒ මහතා සඳහන් කළේ, තමන්ගේ අත්සන යොදාගෙන එම සංගමයේ නිවේදනයක් බවට හැඟවීමට එම සංගමයේ නිවේදන ආකෘතිය යොදා ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් බවයි.

    එබඳු නිවේදනයක් කරමින් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් නොකළ ඇති බවත් තම සංගමයේ නිවේදන පළ කරනු ලබන්නේ නිල ෆේස්බුක් පිටුවේ සහ The Government Teachers Association වෙබ් අඩවියේ පමණක් බවයි.

    කෙසේ වෙතත් ගුරු වැටුප් අරගලය කඩාකප්පල් කිරීම සහ සංගමයේ කීර්ති නාමයට හානි පැමිණවීමට කටයුතු කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද කූඨ සහ සාවද්‍ය ලේඛනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාර්ගගත ව පැමිණිලි කළ බවද ඒ මහතා සඳහන් කළා.

    එම පැමිණිල්ල සම්බන්ධයෙන් එම සංගමයේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම එම සංගමය විසින් මෙම නිවේදනය ව්‍යාජ ලෙස සැකසූවක් බවට පළ කළ වීඩියෝව මෙතනින්.

    ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පළ වූ ලංකාදීප වාර්තාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයට අනුව පැවසිය හැක්කේ පසුගිය දින ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ ගුරුවරුන් 20 කට වඩා වැඩි ප්‍රමාණයකගේ PCR වාර්තා positive වීමත් ඉන් 6 දෙනෙකුට මේ වන විට ඔක්සිජන් ලබා දීමට සිදු වීමත් නිසා උද්ඝෝෂණ සිදු කිරීම තාවකාලිකව නැවැත්වීමට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නිවේදනය ව්‍යාජ ලෙස සංස්කරණය කළ නිවේදනයක් බවයි. 

    එම ලිපිය අත්සනින් පළකර තිබු බවට දක්වා තිබු ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා තහවුරු කළේ එවැනි නිවේදනයක් නිකුත් නොකළ බවත් ගුරු වැටුප් විෂමතා හේතුවෙන් දියත් කෙරෙන දීපව්‍යාප්ත උද්ඝෝෂණ නැවැත්වීමේ කිසිදු තීරණයක්ද මේ වන විට ගෙන නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.