Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ඉන්දීය පරිපාලන සේවයේ ප්‍රථම ස්ථානය ලබාගත් තරුණියක්, තම පියා රික්ශෝවක තබා රැගෙන යන ඡායාරුපයක් ද?

    2021-05-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ඉහළම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට පත්වූ කාන්තාවක් තම පියාණන්ව ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහනක් වෙත අපගේ අවධානය යොමු වු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    ඉහළම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට පත්වූ කාන්තාවක් තම පියාණන්ව ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා.  එම ඡායාරූපයේ පසුබිම් කතාවේ දැක්වෙන්නේ සත්‍යයක්ද යන්න අප විමසා බැලුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඉහළ ම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට අලුතින් පත්වූ කණ්ඩායමේ ප්‍රථම ස්ථානය ලබාගත් කාන්තාව සිය පියාණන්ට ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් විස්තරයක් ද සමඟින් හුවමාරු වූ ඡායාරුප සටහනක දක්නට ලැබුනේ තරුණික් විසින් මහළු පුද්ගලයෙකු කරත්තයක තබා ‍රැගෙන යන ආකාරයයි. 

    Facebook | Archived

    මෙම ඡායාරූප සටහන බොහෝ පිරිසක් හුවමාරු කරගෙන තිබුණු අතර බොහෝ දෙනෙක් මෙම ඡායාරූපයට ප්‍රතිචාර දක්වා තිබෙන අයුරු දක්නට ලැබුණා. එසේ හුවමාරු වී තිබු සටහන් කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී අපට දැකගන්නට ලැබුනේ මෙම ඡායාරූපය ඉන්දියානු Travel Blogger වරියක් සහ ඩිජිටල් නිර්මාණකරුවකු වන Shramona Poddar විසින් 2018 අප්‍රේල් මස 25 වන දා සිය Instagram සමාජ ජාලාවට එක් කළ ඡායාරූපයක් බවයි. 

    Instagram | Archived

    එම ඡායාරූපයේ පසුබිම් කතාව යනුවෙන් ශ්‍රමෝනා සඳහන් කර තිබුණේ, ඇය කුඩා කල සිටම කල්කටාවේ උතුරු හා මධ්‍යම කොටස නැරඹීමට ගිය සෑම අවස්ථාවකදීම පුද්ගලයන් විසින් දෑතින් ඇදගෙන යන රික්ෂෝවක් දුටුවිට අනුකම්පාවක් උපදින බවත්, ඒ හේතුවෙන් එවන් රික්ෂෝවක් ගමනාගමනය සඳහා භාවිතා කිරීමෙන් වැළකී සිටි බවත්ය. එසේම එම රික්ෂෝ පදවන පුද්ගලයින්ට සුළු හෝ මුදල් ඉපයීමේ අවස්ථාවක් ලැබෙන්නේ ඔවුන්ගේ සේවාව ලබා ගැනීමෙන් පමණක් බව ඇයට පසුකාලීනව වැටහුණු බවත් සඳහන්.

    ඉහත ඡායාරූපය ලබා ගත් දිනවල කල්කටාවේ සංචාරයේ යෙදුණු අවස්ථාවක රික්ෂෝ පදවන ක්‍රියාව කෙතරම් දුෂ්කරද යන්න බැලීමට ඇය රික්ෂෝවක් පදවන පුද්ගලයෙක්ව එම රික්ෂෝවේ තබා ගෙන ගමන් කළ බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් වී තිබුණා.

    කෙසේවෙතත් ඇයගේ මෙම ඡායාරුපය වැරදි අර්ථකතනයක් ලබාදෙමින් 2018 වසරේ ද හුවමාරු වී තිබු බවින් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේද ඇය දක්වා තිබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තම ඡායාරූපය යොදාගෙන පැවසෙන කතාව අසත්‍යක් බවයි. 

    මෙම සටහන් හේතුවෙන් තමා වෙත දුරකථන ඇමතුම් රැසක් ලැබී තිබු බවත් මෙවන් සටහන් හුවමාරු කිරීමට පෙර සොයා බලන ලෙසත් දක්වමින් Shramona Poddar පළකර තිබු එම සටහන පහතින්

    https://www.facebook.com/shramonapoddar/posts/10212233103493759

    Facebook | Archived Link

    තවද මෙම සටහන්හි දක්වා තිබු කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පසුගිය වර්ෂයන්හි ඉන්දීය පරිපාලන විභාගයේ (IAS)හි ඉහළ ප්‍රතිපල ලබා ගත් අය පිළිබඳවද කරුණු විමසා බැලුවේ මෙලෙසිනි.

    byjus.com | Archived

    එම දත්තයන්හී ද, Shramona Poddar යන නම සඳහන් අයෙකු ඉන්දියාවේ IAS විභාගයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇති බවක් සඳහන් නොවුණි.

    ඉන්දියාවේ ද මෙම ඡායාරුප සටහන විවිධ ප්‍රදේශවල මීට පෙර හුවමාරු වී තිබු අතර අප Factcrescendo දමිළ කණ්ඩායම 2019 වසරේ දමිළ බසින් සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව ඉහත කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ ඉහළම ලකුණු ලබාගනිමින් ඉන්දීය පරිපාලන සේවයට එක්වූ තරුණියක් සිය පියාව රික්ශෝවක ‍රැගෙන යන බවට දක්වා ඇති ඡායාරූපය නොමඟ යවන සුළු අසත්‍ය පුවතක් බවයි.

    Shramona Poddar නම් එම ඡායරුපයේ දැක්වෙන ඉන්දියානු කාන්තාව මීට වසර කිහිපයකට පෙර කල්කටා නගරයේ සංචාරයකදී රික්ෂෝවක් පදවන පුද්ගලයෙක්ව ඔහුගේ රික්ෂෝවේ තබා ගෙන ගමන් කළ අවස්ථාවක ලබාගත් ඡායාරූපයකි

    Avatar

    Title:ඉන්දීය පරිපාලන සේවයේ ප්‍රථම ස්ථානය ලබාගත් තරුණියක් තම පියා රික්ශෝවක තබා ගෙන ඡායාරුපයක් ද?

    Fact Check By: Factcrescendo Team 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.