Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කතරගම දේවාලයේ ගිනිපෑගීමේ චාරිත්‍රයට බැසිල් සහභාගි වූ අවස්ථාවක්ද?

    2021-07-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් වසංගත හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ හේතු මත මුව ආවරණ පැළඳීම සෞඛ්‍ය බලධාරීන් විසින් අනිවාර්ය කර තිබෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයින්ට සමාන හැඩහුරුකම් දක්වන පුදගලයින්ගේ ඡායාරුප යොදාගනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය වී

    ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් වසංගත හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ හේතු මත මුව ආවරණ පැළඳීම සෞඛ්‍ය බලධාරීන් විසින් අනිවාර්ය කර තිබෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයින්ට සමාන හැඩහුරුකම් දක්වන පුදගලයින්ගේ ඡායාරුප යොදාගනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය වීම ද අපට දැක ගන්නට ලැබෙනවා.

    එලෙස සමාන හැඩහුරුකම් සහිත ඡායාරුප සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග යැවීමට උත්සාහ කළ අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    SRI JUDGE නම් ෆේස්බුක් පිටුවේ සඳහන් වූ සටහනක පළ වූයේ මෙලෙසිනි.

     ජෙපි ටොයි කුහනයන්ට නම් ඇඬෙයි 😡

    2024 හැටනම ලක්සයක් අපේ නියත ජනපති..!

    ගමන සුමයි – ජය නියතයි මැතිඳුනි 🌷👏

    #BR #GMOA #Channa_Jayasumana #lellahutan #Mahinda_pathirana #NR #GR #Kingsly #Shudewa #gangchic

    මේ සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයේ දැක්වුණේ, පුද්ගලයෙකු “ගිනි පෑගීමේ අවස්ථාව”ක ඡායාරූපයක්. එම ඡායාරූපයේ සිටින පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවට හඟවමින් මෙම සටහන පළ කර තිබුණා.

    Facebook | Archived Link

    Aruna Udaya Kumara නමැති පුද්ගලයෙකුදඓම ඡායාරූපයම යොදා ගනිමින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ‍ පහත පරිදියි.

    මිත්‍යාවේ ගිලුණු පාලකයන් රටේ ප්‍රශ්නයන්ට විසදුම් දෙයි..?

    බැසිල් ගිනි පාගන්නෝන

    රටේ ගිනි නිවෙන්න නම් හා නැද්ද

    යන තේමාවෙන් පළවී තිබු එම සටහන පහතින්

    Facebook | Archived Link

    එමෙන්ම එම අවස්ථාවේ වෙනත් කෝණයකින් ලබා ගත් ඡායාරූපයක්ද Athal Malli – ආතල් මල්ලි නම් ෆේස්බුක් පිටුවක සංසරණය වූයේ මෙලෙසිනි.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපයේ සත්‍ය වශයෙන්ම  සිටින්නේ මෑතක දී මුදල් අමාත්‍ය වශයෙන් දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාද යන්න අප විමර්ශනය කළේ මෙලෙසින්.

    FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බැසිල් රාජපක්ෂ මහතාගේ රුවට සමාන රුවක් දැක්වෙන මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කළ මූලික නිරීක්ෂණයේදී අපට තහවුරු වූයේ පසුගිය දා (2021 ජූලි) රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන මහ දේවාල භූමියේදී සිදු කරන චාරිත්‍ර අතුරෙන් “ගිනි පෑගීමේ” අවස්ථාවේ ලබා ගත් ඡායාරූප බවයි.

    Ruhunu Maha Kataragama Dewalaya නිල ෆේස්බුක් පිටුවේ එම ඡායාරූපය දැක්වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    අප ඉහත කෝණයෙන් ඡායාරූපය ලබා ගත් මාධ්‍යවේදී Sandima Dewapriyaගෙන් කළ විමසීමේදී ඔහු තහවුරු කළේ එම අවස්ථාවේ සිටියේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවන බවයි.

    එමෙන්ම වෙනත් කෝණයකින් ලබා ගත් ඡායාරූපය මාධ්‍යවේදි Asanka Subodha විසින් ලබා ගත් ඡායාරූපයක් බවට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    අප මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී Asanka Subodhaගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූපයේ සිටින්නේ පොලිස් නිලධාරියෙකු බවයි. ඔහුගෙන් ලබා ගත් තොරතුරු මත අප එම පොලිස් නිලධාරිවරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    එම පොලිස් නිලධාරිවරයා සඳහන් කළේ, තමන් කේ.එච් පියතිලක නමැති අගුණුකොළපැළැස්ස පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙක් බවත් කතරගම දේවාලයේ උත්සවය නිමිත්තෙන් කතරගම පුදබිමේ රාජකාරී කටයුතු කළ බවත් මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ තමන්ගේ සේයාරුව බවත්ය. තමන්ගේ ඡායාරූපය බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන බවත් මෙය නිවැරදි කරන ලෙසත් ඒ මහතා අපගෙන් ඉල්ලා සිටියා. අපගේ ඉල්ලීම පරිදි ඒ මහතාගේ ඡායාරූපයක් ඔහුගේ අවසරය මත මෙලෙස අප පළ කරනු ලබනවා.

    කතරගම පුදබිමේ ගිනි පෑගීමේ චාරිත්‍රය අවස්ථාවේ ලබා ගත්  එම පොලිස් නිලධාරිවරයාගේ ඡායාරූප හා වෙනත් අවස්ථාවක ලබා ගත් ඡායාරූප අතර සංසන්දනය පහතින්

    කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් කතරගම දේවාල කාර්‍යාලයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, පසුගිය 21 වන දා මහ දේවාල භූමියේදී අළුයම 4.15ට යෙදුන නැකතින් සිදු කරනු ලැබූ මෙම චාරිත්‍රයට විශේෂිත පුද්ගලයන්(VIP) කිසිවෙකුත් සහභාගී නොවූ බවයි. මෙම චාරිත්‍රය ඉටු කිරීම සඳහා පුද්ගලයන් විසි දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර PCR පරීක්ෂණය සිදු කළ අයට පමණක් මෙම චාරිත්‍රය කිරීමට අවසර ලබා දුන් බවද ඔවුන් සඳහන් කළා.

    රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයයේ අවසන් මහා පෙරහර පසුගිය 23 වනදා රාත්‍රියේ දොවොල් පුදබිම තුළ පවත්වා අවසන් විය.

    Also read : කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකල චීන ජාතික කාන්තාවගේ යැයි පැවසෙන සාවද්‍ය ඡායාරූප පෙළක්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවට හඟවමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන කතරගම දේවාලයේ ‘ගිනි පෑගිමේ’ චාරිත්‍රය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයේ සිටින්නේ මුදල් අමාත්‍යවරයා නොවන බවයි.

    බැසිල් රාජපක්ෂ මහතාගේ හැඩහුරුවට බොහෝ සමානකම් ඇති එම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා වන්නේ අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ සේවය කරන කේ.එච් පියතිලක නමැති පොලිස් සැරයන්වරයෙක් බවයි. ඒ මහතා ඡායාරූපය ලබා ගත් එක් අවස්ථාවකදී මුඛ ආවරණයක් පැළඳ සිටීමත් ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ රුවට ඉතාමත් සමාන ලෙස පෙනීමත් මෙලෙස නොමග යෑමට හේතු වී තිබේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.