Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අම්පාර කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයකුගේ ඡායාරූපයක්ද?

    2021-05-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්.  එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡා

    කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්. 

    එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක්ද හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින්නේ කලු දිලීර රෝගිවූ පුද්ගලයා අම්පාරේ හමු වූ රෝගියාද යන්න අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    කෝවිඩ් සමග කළු දිලීර රෝගය වැළඳුනු රෝගියෙකු අම්පාරෙන් වාර්තා වී ඇත. සියලු දෙනා ප්‍රවේසම් වන්න යනුවෙන් සඳහන් සටහනක් සහිත එම රෝගය වැළඳුනු රෝගියා බවට හඟවමින් ඡායාරූපයක්ද එම සටහනට එකතු කර තිබුණා.

    Facebook | Archived Link

    අම්පාර රෝහලේදී කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සහිත සටහන්.

    WhatsApp ඔස්සේද මෙම ඡායාරූපය බොහෝ දෙනා අතරේ හුවමාරු වුණේ මෙලෙසිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් පිරිසක් කලු දිලීර රෝගයට (mucormycosis) ගොදුරු වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණා. එම රෝගය වැළදුණු පුද්ගලයින්ගේ ඉහළ මරණ අනුපාතයක් තිබෙන බවද එම වාර්තා වල දැක්වුණා. කලු දිලීර (mucormycosis) රෝගය පිලිබඳ වාර්තාවක් මෙතනින්.

    මෙම පුවතත් සමග මෙරට අම්පාර රෝහලෙදී කලු දිලීර රෝගියෙකු මිය ගිය බවට ද මාධ්‍ය වාර්තා පළවී වුණා. එම රෝගියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළ PCR පරීක්ෂාවෙදී කෝවිඩ් වැළඳී ඇති බවට එහි සඳහන් වී තිබෙනවා. ඉන් අනතුරුව කෝවිඩ් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මොහු ජීවිතක්ෂයට පත් වී තිබුණා. 

    මෙම පුවතත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූයේ අම්පාර කලු දිලීර රෝගි වූ පුද්ගලයා බවට සඳහන් කරමිනුයි.

    කෙසේ වෙතත් එම රෝගියාට වැළඳී තිබුණේ කලු දිලීර රෝගය නොවන බවත් වෙනත් දිලීර රෝගයක් බවත් අම්පාර මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක මහතා සඳහන් කළා එම වීඩියෝව පහතින්.

    අප මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා දිලීර රෝගයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාද යන්න වෛද්‍ය උපුල් විජේනායක මහතාගෙන් විමසා සිටියා. වෛද්‍යවරයා තහවුරු කර සිටියේ ඡායරුපයේ දැක්වෙන පුද්ගලයා, අම්පාර රෝගීයා නොවන බවයි.

    මෙම ඡායාරුපය ඉන්දියාවේ කිහිප දෙනෙකු විසින් ම හුවමාරු කරගෙන තිබු අයුරු අපට දැක ගන්නට ලැබුණා. එසේ හුවමරු වී තිබු එක් සටහනක් මෙතනින්. කෙසේ නමුත් නිශ්චිත වශයෙන්ම කුමන ප්‍රදේශයක රෝගියෙකු ද යන්න නිශ්චිතවම අපට අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

    කලු දිලීර රෝගය නොහොත් මියුකොමයිකොසිස් (mucormycosis) ලංකාවට අලුත් රෝගයක් නොවන බවත් පසුගිය වසර කිහිපයේම එම දිලීර රෝග ආසාදිතයින් කිහිපදෙනෙක්ම වාර්තා වූ බවත් දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමානි ජයසේකර මහත්මිය පවසා සිටියා. කෙසේනමුත් එම කිසිඳු රෝගියෙකුට මෙතෙක් කොවිඩ් ආසදිත වී තිබුනේ නැති බවත් ඇය පැවසුවා.

    දිලීර රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පසුකම් සහ විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ සිටින බැවින් කළු දිලීර රෝගය ගැන කවුරුවත් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් වෛද්‍ය ප්‍රිමානි ජයසේකර මහත්මිය පවසා සිටියා. කෙසේනමුත් මෙම රෝගය වලක්වා ගැනීමට දියවැඩියා රෝගීන් මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින් විශේෂ සැලකිල්ලක් දැක්වීම යෝග්‍ය බවත් ඇය දන්වා සිටිනවා.  

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව පෙනී යන්නේ, අම්පාර රෝහලේදී කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයා ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයේ සිටින්නේ එම පුද්ගලා නොවන බව අම්පාර රෝහල් අධක්ෂක තුමා තහවුරු කර සිටින බවයි. එසේම කොවිඩ් ආසදිතව මරණයට පත්වූ එම රෝගියාට සෑදී ඇත්තේ කලු දිලීර රෝගය නොහොත් මියුකොමයිකොසිස් (mucormycosis) නොව වෙනත් දිලීර රෝගයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.