Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මේ ලංකාවේ 18 වංගුවේ ඡායාරූපයක් ද?

    2021-11-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මහනුවර-මහියංගනය මාර්ගයේ පිහිටා ඇති 18 වංගුව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ ස්ථානයක්. මේ සටහන සීත කාලයේ දී 18 වංගුවේ මනරම් දර්ශනයක් යයි සඳහන් කරමින් පලවූ නොමග යවන සුලු ඡායාරූප සටහනක් පිළිබදවයි. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් 18 වංගුව පිළිබදව ඡා

    මහනුවර-මහියංගනය මාර්ගයේ පිහිටා ඇති 18 වංගුව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ ස්ථානයක්. මේ සටහන සීත කාලයේ දී 18 වංගුවේ මනරම් දර්ශනයක් යයි සඳහන් කරමින් පලවූ නොමග යවන සුලු ඡායාරූප සටහනක් පිළිබදවයි.

    සමාජ ජාල සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් 18 වංගුව පිළිබදව ඡායාරූපක් බව දක්වමින් පළකර තිබු සටහනක පෙන්වා දී වදන් කර තිබුනේ “පිටරට කියලා නේද හිතුවේ..නෑ මේ සීතලට හැඩවෙන 18 වංගුව” යනුවෙන්.

    Facebook | Archived

    තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් ද මෙය හුවමාරු කරගෙන තිබු අතර කුතුහලය ඇති කරවන ඡායාරූප පෙළක් හේතුවෙන් මේ පිළිබඳව විමසුමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.):

    Google Reverse Image Search කිරීමේදී මීට සමාන බොහෝ ඡායාරූප අන්තර්ජාලය තුල පවතින ආකාරයක් අපට පෙනී ගියා. 

    ඒ අතරින් විදෙස් සංචාරකයන් සඳහා දකුණු කොරියාව පිළිබඳව තොරතුරු ලබාදෙන වෙබ් අඩවියක් කෙරෙහි අපගේ අවධානය යොමු වුණා .

    ඔවුන් විසින් මෙම සමාජ ජාලාවල සඳහන් ඡායාරූපයකට සමාන ඡායාරූපයක් ඉදිරිපත් කරමින් එය සැප්තැම්බර්- නොවැම්බර් දක්වා දකුණු කොරියාව තුල පවතින සරත් සමයේදී කදුකර ප්‍රදේශයකදී ලබාගත් ඡායාරූපයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

    Web | Archived

    ලංකාවේ මෙන් නොව දකුණු කොරියාවේ සරත්,සිසිර ,ගිම්හාන ,වසන්ත ලෙස දේශගුණික කාල සීමා හතරක් වසරක් තුල ඇතිවන අතර එම දේශගුණයන්ට ගැලපෙන ආකාරයට තුරුලතා ඇතුලු පරිසරයේ වෙනස්කම්ද සිදුවෙනවා.

    ඉන්පසු අප අවධානය යොමුකළේ, ලංකාවේ 18 වංගුව ප්‍රදේශයේ සත්‍ය ඡායාරූප වෙතයි.

    Attractions Sri Lanka වෙබ් අඩවියේ විවිධ කෝණ වලින් ලබාගත් 18 වංගුවේ ඡායාරූප පළව තිබුණේ මේ ආකාරයෙන්. 

    Web | Archived

    18 වංගුව පිළිබදව sltraveler වෙබ් අඩවියේ ඇති විස්තරයක් පහතින්.

    Web | Archived

    18 වංගුවපිළිබදව තොරතුරු ඇතුලත් වීඩියෝවක් මේ .

    පරිසරවේදීන්ගෙන්ද අප මේ පිළිබදව කරුණු විමසා සිටියා.ඔවුන් පැවසුවේද සමාජ ජාලා හරහා පළවන මෙම ඡායාරූප සැබෑ 18 වංගුවේ ඡායාරූප වලට වඩා වෙනස් බවයි.

    පරිසරවේදී ,ගාලු සංරක්ෂණ සංගමයේ නදීක හපුආරච්චි පැවසුවේ මෙය මහනුවර මහියංගන පාරේදී හමුවන 18 වංගුවේ ඡායාරූප නොවන බව සහ මෙය ලංකාවේදී ලබාගත් ඡායාරූප විය නොහැකි බවයි.

    පරිසරවේදී, පරිසර සංවිධාන සම්මේලනයේ රොහාන් විජේසිංහ පැවසුවේ මෙය 18 වංගුවේ ඡායාරූප වීමට ඇති ඉඩකඩ ඉතාම අවම බවයි.ඒ බව මෙම ඡායාරූප වල ඇති ශාක සහ අවට පරිසරය නිරීක්ෂණය කිරීම මගින් ඉතාම පැහැදිලි වන බවයි,ඔහු පැවසුවේ.

    මීට පෙරත් ලංකාවේ 18 වංගුව ලෙස සඳහන් කරමින් පළ වූ අසත්‍ය සටහන් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    FACT CHECK: ලංකාවේ දහ අට වංගුවේ ඡායාරුපයක් ද ?

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ අදාල සමාජ ජාලා ඡායාරූපය මගින් පෙන්නුම් කරන්නේ බොහෝදුරට සරත් සමයේ දකුණු කොරියානු කදුකර ප්‍රදේශයකදී ලබාගත් ඡායාරූපයක් වන අතර එම ඡායාරුපය යොදා ගනිමින් ලංකාවේ 18 වංගුවේ ඡායාරූපයක් බවට පළව ඇති සටහන් නොමග යවන සුලු බවයි. මේ ආකාරයේ තුරුලතා පිහිටීමක් ලංකාවේ 18 වංගුව ආශ්‍රිතව නොමැති බව ද පරිසරවෙදීන් තහවුරු කර සිටියි.

    This Viral Photo Is Not Of The Famous Mahiyangana 18-Bend Drive. Here Is Why…

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.