Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : ලේ පැල්ලම් සහිත ස්ටිකර ඇලවු කමිස පැළඳ විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් විරෝධය පෑවේ පාතාල නායකයෙකුගේ මරණයට ද?

    2020-11-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය ඔක්තෝබර් මාසයේ පාතාල නායකයෙකු වූ මදුෂ් ගේ ඝාතනය සිදුවූ සමයේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමද සිදුවිණි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ ම

    පසුගිය ඔක්තෝබර් මාසයේ පාතාල නායකයෙකු වූ මදුෂ් ගේ ඝාතනය සිදුවූ සමයේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමද සිදුවිණි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් එයට විරුද්ධතාවය පෙන්නුම් කරනු දැකගනන්ට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ මෙවැනි වාර්තා ද පලවී තිබුණා.

    මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු ලේ තැවරුණු ස්ටිකර සහිත කමිස ඇඳගෙන සිටින්නේ පාතාල නායකයෙකුගේ ඝාතනය වෙනුවෙන් බව හඟවමින් හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයකින් නිර්මාණය කර තිබු සාවද්‍ය සටහන් පෙළක් බව අපට අනාවරණය විය.

    සමාජ මාධ්‍ය සටහන් :

    “සහරාන් ගැහුවම” යනුවෙන් සිනාමුසු මුහුණින් පසුගිය යහපාලන පාලන සමයේ අමාත්‍යවරුන් පිරිසක් සිටින ඡායාරුපයක් ද ඊට පහළින් “කුඩ්ඩෙක් මැරුණම” යන තේමාව යටතේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලේ පැල්ලම් සහිත ස්ටිකර සහිත කමිස ඇඳගෙන සිටි ඡායාරුපයක් ද සමඟින් SL bulat නමැති ෆේස්බුක් පිටුවක පහත පරිදි සටහනක් පළවී තිබුණි. 

    FacebookArchived Link

    මෙම ඡායාරූප සංකලනයම යොදාගනිමින් තවත් සටහන් රැසක් ම පළවී තිබෙනු ද අපට නිරීක්ෂණය විය

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප ලේ පැල්ලම් සහිත ස්ටිකර් හැඳි සමඟි ජන බලවේගයේ පාර්ලිම්නේතු මන්ත්‍රීවරුන්ගේ ෆේස්බුක් පිටු පරීක්ෂා කළෙමු.

    පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් මරික්කාර්ගේ නිල ෆේස්බුක් පිටුවෙහි, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලේ පැල්ලම් සහිත ස්ටිකරයක් ඇලවු කමිස ඇඳ සිටින මන්ත්‍රිවරු රැසක් සමඟ සිටින ජායාරූපයද සහිතව “20ට විරුද්ධව දැන් පාර්ලිමේන්තුවේ.” තේමාවෙන් ඡායාරූප එකතුවක් පහහ පරිදි පළකර තිබුණි

    https://www.facebook.com/813367968676851/photos/a.865841176762863/3921397184540565/?type=3
    FacebookArchived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ද ඇතුළුව එම අවස්ථාවේ ඡායාරුප පෙළක් “බලගතු විපක්ෂය සමගි ජන බලවේගය” යන තේමාව යටතේ Harin Fernando Media Unit නම් ෆේස්බුක් පිටුවක ද මෙසේ පලවී තිබෙනු නිරීක්ෂණය විය.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සමඟ එම අක්කරයේම ස්ටිකර් සහිත පැළඳ සිටි ඡායාරුපයක් මෙසේ පළකර තිබුනේ “ඒකාධිපති වියරුවට, 20 වෙනි සංශෝධනයට එරෙහිව ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී එරෙහි වෙමින්…”

    මේ පිළිබඳව අප සමඟි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමකදී ද මෙය අපහාසාත්මක කෝණයකින් පාතාල නායක මදුෂ් ගේ මරණයට සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන තිබුණද එම විරෝධය සිදුකළේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කෙටුම්පත ට එරෙහිව බව අවධාරණය කර සිටියා.

    සහරාන් ඇතුළු ත්‍රස්ත ප්‍රහාරකයින් විසින් 2019 වසරේ එල්ලකළ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරවලින් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවක එක්තරා අවස්ථාකදී එවකට යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සිනාමුසු මුහුණින් සිටි අවස්ථාවක් සාමජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේදී බොහෝ ලෙස හුවමරු වූ අතර 2019 ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ද එම වීඩියෝ දර්ශන විශාල වශයෙන් මෙසේ යොදාගෙන තිබුණි. 2019 අප්‍රේල් මස එම මාධ්‍ය සාකච්ඡාවේ කොටසක් අද දෙරණ වාර්තා කර තිබුනේ මෙලෙසින් 

    කෙසේ වෙතත් පාතාල නායක මදුෂ් ඝාතනයට හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න කුඩු ව්‍යාපාරික දේශපාලනඥයන්ගේ තොරතුරු සැඟවීමට බවට චෝදනා නඟමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අයුරු ද අපට මෙසේ දැකගනන්ට ලැබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලේ පැල්ලම් සහිත ස්ටිකර සහිත කමිස ඇඳගෙන පාර්ලිමේන්තු සංකීරණයේදී විරෝධය පෑවේ 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයට එරෙහිව මිස එම අවධියේම සිදුවූ පාතාල නායක මදුෂ්ගේ ඝාතනයට නොවන බවයි. එසේම එම සටහනේම දැක්වුණු යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සිනාමුසු මුහුණින් සිටි අවස්ථාව 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ මාධ්‍ය සාකච්ඡාවකදී ලබාගත්තක්.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලේ පැල්ලම් සහිත ස්ටිකර ඇලවු කමිස පැළඳ විරෝධය පෑවේ පාතාල නායකයෙකුගේ මරණයට ද?

    Fact Check By: Nelson Mani 

    Result: Partly False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.