Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?

    2022-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් 

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් කිසියම් තටාකයකට බැස සිටින අවස්ථාවක් දැක්වෙන ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් හරහා අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. 

    “රුසියාවේ ජනාධිපති – යුද්දයට යාමට ඉහත පිරිත්කල ගගට දමා එහි ඉස්නානය කර – අති නවීන ප්‍රොමීතියස් මිසයිල – s550 මිසයිල නාශක අවි – su57 5th generation යුධ ගුවන් යානා සහිතව සටනට පිවිසෙයි- ලන්කාවේනම් කොන්වෙනවා නූගත් මිත්‍යාදුශ්ටිය ගමේ බයියෙක් කියලා”

    Facebook | Archived 

    මෙම සටහන පිළිබදව විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Also Read: 

    යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

    යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් මුලින්ම සිදුකලේ Google Reverse Image Search මගින් මේ පිළිබදව කරුණු විමසා බලා මෙහි මුල් ඡායාරූපය සොයාගැනීමට උත්සාහ කිරීමයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය 2018 වසරේ ජනවාරි මාසයේදී පූටින් විසින් ක්‍රිස්තියානි ආගමික උත්සවයකට සම්බන්ධවී සාම්ප්‍රදානුකූලව උඩුකය නිරුවත්ව  අයිස් වතුරේ /හිම මිදෙමින් පවතින වතුරේ බැසගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් බවයි.මෙහිදී  පුටින් බැසගෙන තිබෙන්නේ රුසියාවේ ඇති සෙලිගර් නම් විලකටයි.

    ඒ සම්බන්ධයෙන් වන ඡායාරූපයක් අපට Alamy ඡායාරූප ගොණුව තුළ තිබී හමුවූයේ මේ ආකාරයෙන් .

    Alamy | Archived 

    එමෙන්ම මෙම ආගමික උත්සවයට සහභාගීවීම හා සම්බන්ධ පූටින්ගේ ඡායාරූප සහ එහි විස්තර බ්‍රිතාන්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරය කියවිය හැකියි මෙතනින් .Archived.

    ඒ සම්බන්ධ විස්තර ප්‍රකට NBC පුවත් සේවයද වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන් .එම වාර්තාවට පිවිසීම මෙතනින්. Archived.

    පුටින් අයිස් වතුරේ බැස සිටින දර්ශන ඇතුළත් වීඩියෝවක් නැරඹිය හැකියි පහතින් .

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වන්නේ වත්මන් රුසියානු යුකේන යුධ තත්වය සහ මෙම ඡායාරූපය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.මෙය 2018 වසරේදී ලබාගත් ඡායාරූපයක්.පිරිත් කල ජලය සහ මෙහි සබැදියාවක් නොමැති අතර පුටින් මෙහිදී සිදු කරන්නේ ක්‍රිස්තියානි ආගමික සාම්ප්‍රදායක් අනුව රුසියානු විලකදී ,අයිස් වතුරේ උඩුකය නිරුවත්ව බැස සිටීමයි .

    Also Read:  

    Old Video of V-day Parade Rehearsal Viral as Russia’s Fighter Jets Flying over Kyiv 

    Video Game Clip Shared As Real Missile Attack in Russia-Ukraine War

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.