Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාපන්දු පිටියක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක් ද? (Video)

    2022-11-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඇරඹීමත් සමග ඒ වෙත මුළු මහත් ලෝකයක ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබනෙවා. එවන් සමයක, පාපන්දු තරඟයක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අයුරු බවට හැඟවෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඇරඹීමත් සමග ඒ වෙත මුළු මහත් ලෝකයක ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබනෙවා. එවන් සමයක, පාපන්දු තරඟයක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අයුරු බවට හැඟවෙන පරිදි  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    පාපන්දු ක්‍රීඩා පිටියකදී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ “අපිටත් නොදැනිම ජීවිතේ සමුදෙන්න වෙර දරන අවස්ථා බොහෝමයි” යනුවෙන් සඳහන් කරමින්.

    Facebook 

    එම සටහන සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    එමෙන්ම මෙම සිදුවීම මේ දිනවල පවතින FIFA තරඟය අතර සිදුවන අනතුරක්ද, මෙහි දැක්වෙන ක්‍රීඩකයා කවුද යන්න පිළිබඳ බොහෝ දෙනා සැලකිලිමත් වී තිබූ අතර ඔහු මිය ගිය බවට ද, බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණා.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෙම තරඟ කරන කණ්ඩායම් කුමක් ද යන්න පිළිබඳව තරඟයේ ලකුණු තීරුව මගින් මෙම පාපන්දු තරගය Al Rayyan හා Al Wakrah කණ්ඩායම් අතර තරඟයක් බවට දැක ගන්නට ලැබුණා.

    ඒ ඔස්සේ අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ, 2022 ජනවාරි මස කටාර් හි පැවැත්වූ කටාර් ස්ටාර්ස් ලීග් (Qatar Stars League) තරගයක් අතරතුර තණතීරුවේදී හෘදයාබාධයකට ලක් වූ මාලි රාජ්‍යයේ, හිටපු ක්‍රීඩකයෙකු වූ Ousmane Coulibaly බවයි.

    එසේම එම අනතුරින් ඔහුට දිවි ගලවා ගැනීමට හැකි වී තිබුණු අතර ජීවතක්ෂයට පත් වී නොතිබුණි. ඒ පිළිබඳව Qatar Stars League සංවිධායකයින් පළකර තිබු මාධ්‍ය නිවේදනය මෙතනින්. 

    33 හැවිරිදි උස්මාන් කුලිබාලි කටාර්, දෝහා හි Al Gharafa ක්‍රීඩාංගණයේ දී Al Rayyan කණ්ඩායමටට එරෙහිව පැවති තරඟයේ පළමු භාගය අවසන් වන විට ගෝලය ඉදිරිපිට මෙසේ ඇද වැටී තිබු අතර රෝහල් ගත කිරීමට පෙර Al Wakrah සහ Al Rayyan යන  කණ්ඩායම් වල වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ලැබුණි. ඉන් අනතුරුව කටාර් හමාඩ් රෝහලේ වෛද්‍යවරුන් විසින් ඔහුට ප්‍රතිකාර කරන ලද අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතර හැරී තිබුණා.

    තමාගේ දිවි බේරා ගැනීමට ක්‍රියා කළ සෑම දෙනාටම සිය ස්තූතිය පළ කරමින් කුලිබාලි සිය Instagram ගිණුමේ පණිවිඩයක් තබා තිබුණේ මෙලෙසින්. Archived Link

    උස්මාන් කුලිබාලිට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමට කටාර් ස්ටාර්ස් ලීග් තරඟය ආරම්භ වීමට ප්‍රථම ගෞරවය දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    එසේම උස්මාන් කුලිබාලි මෙවර ලෝක කුසලානා අවසන් තරඟාවලිය සඳහා සහභාගී වන්නේ ද නැති අතර මේ ආකාරයේ වෙනත් සිදුවීමක් පිළිබඳව මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් මෙතෙක් වාර්තා වී තිබුණේ ද නැහැ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පාපන්දු ක්‍රීඩාව අතර තුර ජීවිතක්ෂයට පත් වූ ක්‍රීඩකයෙකුගේ වීඩියෝවක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත් වී නොමැති බවයි.

    එහි දැක්වේනේ මාලි ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වන උස්මාන් කුලිබාලි 2022 ජනවාරි මස කටාර් ස්ටාර්ස් ලීග් හි පාපන්දු තරගයයක් අතර තුරදී ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් වන අතර ඔහු ඉන් සුවය ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.