Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: එක්වර දරුවන් 11ක් බිහි කල කාන්තාවක් ?

    2020-11-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අසාමාන්‍ය ලෙස දරුවන් එකොලොස් දෙනෙකු බිහිවුනු පුවතක් අපට පසුගිය දිනවල ෆේස්බුක් හරහා හුවමාරු කරගත් සටහන් අතර දැකගන්නට ලැබුනා. සාමාන්‍යයෙන් නිවුන් දරුවන් ලෙස එක් වර බිලිඳුන් තිදෙනෙකු ලැබීම පවා පුවත් ලෙස වාර්තා වන පසුබිමක දරුවන් 11ක් එක් වර ලැබීම සුවිශේෂී සිද

    අසාමාන්‍ය ලෙස දරුවන් එකොලොස් දෙනෙකු බිහිවුනු පුවතක් අපට පසුගිය දිනවල ෆේස්බුක් හරහා හුවමාරු කරගත් සටහන් අතර දැකගන්නට ලැබුනා. සාමාන්‍යයෙන් නිවුන් දරුවන් ලෙස එක් වර බිලිඳුන් තිදෙනෙකු ලැබීම පවා පුවත් ලෙස වාර්තා වන පසුබිමක දරුවන් 11ක් එක් වර ලැබීම සුවිශේෂී සිද්ධියක් වෙනවා.

    නමුත් මේ පිලිබඳ අප සිදුකල විමර්ශනයේදී පැහැදිලි වුයේ මෙය අසත්‍ය පුවතක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන් :

    සමන්ත බන්ඩාර නම් අයෙකු විසින්  ෆේස්බුක් වෙත එක් කර තිබුනු මෙම පුවත ඡායාරුප සටහනේ බිලිඳුන් 11ක්  දකින්නට ලැබුණු අතර විශාල උදරයක් සහිතව සිටින කාන්තාවක්ද එම ඡයරුපයේම පෙන්වා දී තිබුණා. “අහක බලාගෙන යන්න එපා මේ අම්මටයි නිවන් දරුවන් සියළුම දෙනාට ඔබේ ආශිර්වාදය දෙන්න” යනුවෙන් යන වදන් පෙළ ද සහිතව සියලු දෙනා වෙත ආශිර්වාදය ලබා දෙන ලෙස සටහන් කර තිබුණු එම ඡායාරූප සටහන පන්සියයකට ආසන්න පිරිසක් හුවමාරු කරගෙන තිබුණා.

    Facebook Archived

    අනන්ත වු බුදු ගුණ නිතර සිහි වෙවා නම් ෆේස්බුක් පි‍ටුවක් වෙත දහම් දහම් නම් අයෙකුද මෙම ඡයරුප සටහනම එකතු කර තිබුනා.

    Facebook Archived

    දරුවන් එක් වර 11ක් ලැබීම අසාමාන්‍ය සිදුවීමක් බැවින් මෙහි සත්‍යතාවය සොයාබැලීමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අපගේ කරුනු සොයා බැලීමට අනුව මෙම සටහන සඳහා යොදාගෙන තිබෙන ඡායාරූප දෙක එකිනෙකට වෙනස් අවස්තාවන් බව පෙනී ගියා. මෙම ඡායාරුප දෙක ගූගල් හි රිවර්ස් ඉමේජ් සර්ච් වෙත යොමු කලා.

    එහිදී විශාල උදරයක් සහිත කාන්තාව Mercedes Talamante නම් මෙක්සිකානු කාන්තාවක් බව පෙනී ගියා. කෙසේ නමුත් ඇගේ බර ආසාමාන්‍ය ලෙස වැඩි වීම හේතුවෙන්, තම දියණියගේ පෙරැත්ත කිරීම මත වෛද්‍යවරයෙකු මුන ගැසී ඇති අතර එහිදී පරීක්ශාවකින් හෙලිව ඇත්තේ ඇගේ ගර්භාශයේ රාත්තල් 132ක් විශාල ගෙඩියක් හමුව ඇති බවයි. 

    මෙම පුවත ඩේලි මේල් වෙබ් අඩවියේද පලව තිබුනා.

    Dailymail ArchivedLatintimes

    ඉතා විශාල කොටසක් මෙසේ උදරය තුල වැඩී තිබුනු අතර එමගින් ඇයගේ බර දෙගුනයක් වී තිබුනා. කෙසේ නමුත් පැය 4ක වෙහෙසකර සැත්කමකින් පසුව ඇයගේ මෙම ගෙඩිය ඉවත් කර තිබුනා.

    මේ පිලිබඳ වීඩියෝ සටහනක් පහතින්

    ඉහත කරුනු අනුව මෙම කාන්තාව සහ  දරුවන් 11 දෙනෙකු බිහිවීම අතර කිසිඳු හෝ සම්බන්දයක් නොමැති බව පෙනී යනවා.

    තවද මෙම සටහනේ දෙවනියට ඇති ඡායාරූපය ද ගූගල් රිවර්ස් ඉමේජ් වෙත යොමු කල විට අපට ඒ හා සම්බන්ධ පුවතද සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව 2011 වසරේදී 11.11.11 දින සැමරීමට දරුවන් 11 දෙනෙකු ගේ උපත සිදු වූ බව පෙන්වීමට ඉන්දියාවේ NADKARNI IVF නම් දරුවන් වෙනුවෙන් වෙන් වූ රෝහලක් කටයුතු කල ආකාරය එහි දැක්වෙයි. 2011 නොවැම්බර් මස 11 වන දින ඉපදුනු මේ බිලිඳුන් ඔවුන් ඡායාරූපයට නගමින් ඔවුන් එම ඡායාරූප ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබුනා.

    WebsiteArchived

    මව් වරුන් 11 දෙනෙකු IVF ක්‍රමයට (නල දරුවන් ලෙස) උපත ලබා දීම මෙම දිනයේ සිදුව ඇති අතර නිවුන් දරුවන් යුගල් දෙකක් ද සමගින් දරුවන් 13 දෙනෙකු මෙසේ ඉපදී ඇත.මේ පිලිබඳවද පැහැදිලි සටහනක් මෙම රෝහලේ බ්ලොග් අඩවියේ සඳහන් කර තිබෙනවා.

    මෙම ඡායාරුප දෙක යොදාගනිමින් ව්‍යාජ පුවත් මීට පෙර ලොව පුරා හුවමාරු වී තිබු අතර ඒ පිලිබඳ විමර්ෂණ කිහිපයක් ද සිදුකර තිබෙනු අපට දැකගනන්ට ලැබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව සලකා බලන කල ෆේස්බුක් හි හුවමාරු වන දරුවන් 11 දෙනෙකු වැදූ කාන්තාවකගේ සහ  බිලිඳුන් 11 දෙනාගේ ඡායාරූප දෙක එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් බවට අපට තහවුරු කල හැකියි. 

    මෙම මෙක්සිකානු කාන්තාව දරුවන් 11දෙනෙකු බිහි කර නොමැති අතර උදරය විශාල වී තිබුනේ එහි තිබු ගෙඩියක් (ovarian tumor) හේතුවෙන්. පසුව එය සාර්ථකව ඉවත කර තිබේ. දරුවන් 11 දෙනා නල දරු උපත් ලෙස 2011.11.11 දින ඉන්දියාවේ උපත ලැබූ අවස්ථාවක්

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:එක්වර දරුවන් 11ක් බිහි කල කාන්තාවක් ?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.