Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ තරුණයෙකු දුම්රියක් පැමිණෙන විට, දුම්රිය පේළි මත දිගාවී නිරුපද්‍රිතව සිටි ආකාරය ද? (Video)

    2023-02-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් වීඩියෝ ඡායාරූප සංසරණය වන අතර ඉන් ඇතැම් ඒවා ත්‍රාසජනක අත්දැකීම් ලෙස නොයෙකුත් පුද්ගලයන් විසින් සිදු කරන ලද නොයෙක් උත්සහයන් දැක්වෙන වීඩියෝ වනවා. ඒවා වලට සමාජයේ දැඩ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් වීඩියෝ ඡායාරූප සංසරණය වන අතර ඉන් ඇතැම් ඒවා ත්‍රාසජනක අත්දැකීම් ලෙස නොයෙකුත් පුද්ගලයන් විසින් සිදු කරන ලද නොයෙක් උත්සහයන් දැක්වෙන වීඩියෝ වනවා. ඒවා වලට සමාජයේ දැඩි අවධානය යොමු වන අතර මින් සිදුවන අයහපත් ප්‍රතිඵලය නම් මෙම භයානක ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ Trending ක්‍රියා බවට පත් වී බොහෝ තරුණයන් මෙවැනි ක්‍රියා අත්හදා බැලීමට පෙළඹීමයි. එවැනි ක්‍රියාවලින් වැළකීම සිදු කළ යුතු අතර එවැනි ක්‍රියාවක් ඔස්සේ ජනතාව නොමග ගිය අවස්ථාවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    මෙරට වූ සිදුවීමක් ලෙස අඟවමින් දුම්රිය පැමිණීමට පෙර දුම්රිය පීළි මත දිගා වී දුම්රිය ඔහු මතින් ගිය ද, කිසිදු අනතුරකින් තොරව දිවි බේරා ගන්නා පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පළ වී තිබුණා.

    Facebook

    මෙම සටහන් සඳහා එක් කර තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මේ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    මෙම සිදුවීම මෙරට සිදුවීමක් නොව ඉන්දියාවේ සිදුවීමක් බවට අපට දැක ගන්නට ලැබුණා.

    එමෙන්ම 2018 වර්ෂයේ මෙම සිදුවීම වී ඇති අතර එවකට 24 හැවිරිදි මෙම නාඳුනන පුද්ගලයා විසින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජමාල්පූර් දිස්ත්‍රික්කය ආසන්නයේදී මෙලෙස ජීවිත අවධානම ගෙන සිය ජංගම දුරකථනයෙන් මෙම සිදුවීම පටිගත වීමට ඉඩ සලසා තිබුණා. මේ පිළිබඳ පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    එසේම මෙවැනි අවස්ථා ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයෙන් පසුව ද වාර්තා වී තිබෙනවා. එවැනි එක් අවස්ථාවක් මෙතනින්.

    මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙස ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස්

    කෙසේ වෙතත් මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ත් සමග මෙවැනි ක්‍රියා අත්හදා බැලීමට බොහෝ තරුණ පිරිස් පෙළඹෙන බැවින් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය ආර්ක්ෂණ මෙහෙයුම් ඒකකයෙන් මෙහි අවදානම පිළිබඳ විමසා බැලීමක් සිදු කළා.

    එහිදී ඔවුන් සඳහන් කළේ, මෙවැනි ජීවිත අවධානම් ක්‍රියාවලට යොමු වීමෙන් වළකින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙලෙස ක්‍රියා කිරීම තුළින් ජීවිතක්ෂයට පත් වීමේ අවදානය වැඩි බව පෙන්වා දුන්නා. 

    දුම්රියේ cowcatcher(කුල්ල) අසුවුවහොත් අනිවාර්යයෙන්ම අනතුරක් විය හැකි බවත්, මෝටර් රථවල මෙන් දුම්රියේ යට කිසිදු ආවරණයක් නොමැති බැවින් එම ද්‍රව්‍ය වල වැදීමෙන් අනතුරු සිදුවිය හැකි බවත්, ඔවුන් පවසනවා.

    දුම්රිය ආඥාපනතට අනුව දුම්රිය මාර්ගයකට ඇතුළුවීම පවා තහනම් බවත්, ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවන බැවින් මෙලෙසින් අනතුරු වලට මුහුණ පෑමට සිදුවන බව ත්, ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නා. පසුගිය කාලවකවාණුවේ දුම්රියේ ගමන් කිරීමේදී, දුම්රියේ පා පුවරුවේ මෙන්ම දුම්රි පීළි මත ‘Selfie’ ගැනීමට ගොස් බොහෝ තරුණයින් ජීවිතෙන් වන්දි ගෙවීමට සිදුවූ බවත්, මේ හේතුවෙන් දුම්රිය, දුම්රිය මාර්ග තුළ අනව්‍යශ්‍ය ක්‍රියා වීර ක්‍රියාවන් ලෙස පෙන්වීමට උත්සහ කළ තම ජීවිතය නැති නොකර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට සිදුවීමක් ලෙසට අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින තරුණයෙකු දුම්රි ගමන් මාර්ගයේදී දුම්රිය පැමිණෙන විට දුම්රිය පේළි මත දිගාවී දුම්රිය ඔහු මතින් ගමන් කළ පසු ඔහු දිවි ගලවා ගන්නා වීඩියෝව මෙරට සිදුවීමක් නොව 2018 වසරේ ඉන්දියාවේ සංසරණය වූ වීඩියෝවකි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.