Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගාල්ලේ පිහිටා ඇති කන්දක් ද?

    2025-08-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන්ගේ ඒකාකාරී ජීවිතය තුළින් මානසික නිදහස උදෙසා බොහෝ පුද්ගලයින් විවිධ චාරිකාවන්වල නියැලීමට කැමැත්තක් දක්වනු ලබයි. සමහර විට එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද තම විනෝදය සඳහා නොයෙකුත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මිනිසුන්ගේ ඒකාකාරී ජීවිතය තුළින් මානසික නිදහස උදෙසා බොහෝ පුද්ගලයින් විවිධ චාරිකාවන්වල නියැලීමට කැමැත්තක් දක්වනු ලබයි. සමහර විට එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද තම විනෝදය සඳහා නොයෙකුත් ස්ථාන සඳහා ගමන් කිරීමට ප්‍රියතාවයක් දක්වනු ලබයි. 

    මෑතකදී සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ ගාල්ල ප්‍රදේශයේ සුන්දර ස්ථානයක් යැයි සඳහන් කළ ඇඹුරුම් ගල නම් ප්‍රදේශය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණි.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන අනිවාර්යයෙන්ම යා යුතු ස්ථානයක් ලෙස නම් කරමින් තිබූ ඇඹුරුම් ගල ලෙස සඳහන් ස්ථානයක් පිළිබඳව වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය  තුළ පසුගිය දින කිහිපය තුළින් සංසරණය වූ ආකාරය අපට දැක බලා ගැනීමට හැකියාවක් ලැබුණි.

    Facebook

    උසින් ඉතාමත් ඉහළ කඳුවැටියක් වූ මෙම ස්ථානය ඉතාම දුෂ්කර ගමන් මාර්ගයකින් ඉහළට යා යුතු බවයි වීඩියෝ නැරඹීමේදී අපට පැහැදිලි විය. මෙම වීඩියෝව සම්බන්ධව පළකර තිබූ අදහස් කිහිපයක් පහතින්.

    මෙවැනි අදහස් නිසාවෙන් මේ සම්බන්ධව සත්‍ය විශ්ලේෂණය කිරීමට අප කටයුතු කරන ලදී.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ගාල්ල දිස්ත්‍රික්කයට අයිතිය යැයි හඟවමින් සමාජ මාධ්‍යයට එක් කර තිබූ ඇඹුරුම් ගල නමැති ඉතා සුන්දර ස්ථානය පිළිබඳව අප විසින් විශ්ලේෂණය කිරීම සදහා අප ප්‍රථමයෙන්  පරීක්ෂා කළේ, මෙරට ‘ඇඹරුම්ගල’ ලෙස ගාල්ල ප්‍රදේශයේ කන්දක් තිබේද යන්නයි. එනමින් ගාල්ලේ මෙන් ම මෙරට ඇති කඳු අතර හෝ කන්දක නමක් ප්‍රසිද්ධියට පත් වී නොමැති බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණි.

    ඒ අනුව මෙහි සත්‍ය කරුණු පරීක්ෂා කිරීම සඳහා අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. ඒ අවස්ථාවේදී, මෙම වීඩියෝව ඉන්දියාවේ හරිහාර් බලකොටුව බවට දැක ගන්නට ලැබුණා.

    ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව මීට පෙර ඉන්දියාවේ හරිහාරි බලකොටුව ලෙස විස්තරය සමඟින් හුවමාරු වී තිබුනේ මෙලෙසින්. 

    A collage of images of a mountain with a face drawn on it

AI-generated content may be incorrect.

    මේ සම්බන්ධව තවත් තොරතුරු මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

    හරිහර් බලකොටුව

    හරිහර් බලකොටුව නැතහොත් හර්ෂගාඩ් යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් නගරයේ සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි බලකොටුවකි. එය නාසික් දිස්ත්‍රික්කයේ වැදගත් බලකොටුවක් වන අතර, ගොන්ඩා ගාට් හරහා වෙළඳ මාර්ගය දෙස සෝදිසි කිරීම සඳහා ඉදිකරන ලද්දකි.

    මෙම ස්ථානයට වසර පුරා සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර අංශක 80ක පමණ ආනතියකින් නෙළා ඇති පියගැට පෙළක් සමන්විත වන අතර මෙහි ඇතැම් කොටස් බැසීමේ දී විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්. කෙසේවෙතත් මෝසම් වැසි සමයේ මෙම අවදානම් මධ්‍යයේ ද විවිධ කණ්ඩායම් මෙම කන්ද තරණය කිරීමට පෙළඹෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටා ඇති “කටුසු කොන්ද” නමැති ස්ථානය ලෙස හඳුන්වමින් කාලයක් තිස්සේ ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙමින් පැවති හරිහර් බලකොටුව සම්බන්ධව පළ වූ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ අප විසින් සිදු කළ කරුණු විමර්ශන වාර්තාවක් පහතින්. 

    ලංකාවේ පිහිටි අවදානම් ස්ථානයක් ද ? (Photo & Video)

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :ඒ අනුව ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ගාල්ල ප්‍රදේශයට අයත් ඇඹුරුම් ගල නමැති ස්ථානයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍යයට එක් කර තිබූ මෙම වීඩියෝව මෙරට වීඩියෝවක් නොව ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, නාෂික් දිස්ත්‍රික්කයේ පිහිටි හරිහාර් බලකොටුව බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    L

    Lakshan

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-08-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.