Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය? (PHOTO)

    2022-05-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්ධන පිරවුම්හලකින් අඩු මුදලකට ඉන්ධන ලබා ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සඳහා බහාලුමක්ද වාහනය සමගින් රැගෙන යන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන්

    ඉන්ධන පිරවුම්හලකින් අඩු මුදලකට ඉන්ධන ලබා ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සඳහා බහාලුමක්ද වාහනය සමගින් රැගෙන යන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “මේ චායාරෑපය ඇත්ත නම්….සිපෙට්කෝ එක ලාභ ලබයිද? හොරා කාලා ඔතාගෙනත් යනවා…යලුවන්ට නැදෑයින්ට” සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link  Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම ඡායාරූප සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙය සත්‍යක් බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබූ බවත් ඇතැම් පිරිස් මෙය මෙරට සිදුවීමක්ද, විදෙස් රටක සිදුවීමක් ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත‍්‍රයකින් ඊයේ (18) දිනයේදී ලීටරයක් රුපියල් 121.19 මුදලකට ලබා දෙන බවට එම යන්ත්‍රයේ දැක්වෙන අයුරු සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයේදී ඊයේ (18) දිනයේදී පෙන්වනු ලැබුවේ මෙලෙසින්.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාදීමට, නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් කතානායකවරයා  විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවට ඊයේ (18) පාර්ලිමේන්තුවේදී තලතා අතුකොරල මන්ත්‍රීවරිය අනාවරණය කරනු ලැබුවා.

    මේ හේතුවෙන් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අඩු මිලට ඉන්ධන නිකුත් කරන බවට විශාල කතිකාවතක් ගොඩනැගී තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් බහුලව හුවමාරු වුණා.

    රු.121 ක මුදලකට පෙට්‍රල් ලබා ගන්නා ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා අප යොමු කරනු ලැබුවා.

    මෙම ඡායාරූපය පසුගිය මාර්තු මාසයේ මුල සිට විදේශිය ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ පිලිපීන ජාතිකයන් වන අතර බව ද අපට නිරීක්ෂණය විය. මේ අනුව බොහෝදුරට මෙම ඡායාරුපය එහිදී ලබාගත්තක් විය හැකි අතර එහි මුල් තොරතුරු ලැබුණහොත් මෙහි යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    මෙරටදී ද මාර්තු මස මෙම ඡායාරූපය ෆේස්බුක් පිටුවක පළ කර තිබුණේ මේ අයුරින්.

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපය පසුගිය දිනයක දී මෙරට රු.121 ක මුදලකට පෙට්‍රල් ලබා ගැනීමට පැමිණි වාහනයක් නොවන බවට තහවුරු වෙයි.

    කෙසේ වෙතත් ඉහත සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් ඉන්ධන නිකුත් කිරීම අද උදෑසන සිට අත්හිටවූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබුණා. ඒ පිළිබඳ වාර්තාවක් පහතින්.

    Update: සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපයේ වෙනත් කෝණයක ඡායාරුපයක් 2021 දෙසැම්බර් මස පිලිපීනය ජාතිකයෙකු විසින් මෙසේ හුවමාරු කරගෙන තිබු අයුරු AFP කරුණු විමර්ෂණයක් මඟින් අනාවරණය කර තිබුණා. Philippine Red Cross වෙත ස්තුතිය පළකරමින් පළකර තිබු ඡායාරුපය එකතුවයි එම ඡ්යායරුපය අන්තර්ගත වී තිබුනේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වී තිබුණේ මෑතක දී ලබාගත් ඡායාරුපයක් නොවන බවයි. මෙම ඡායාරූපය විදෙස් ෆේස්බුක් පරිශීලිකයින් අතර, 2022 මාර්තු මස මුල සිට ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ඡායාරූපයකි. ඡායාරූපයට අදාළ සිදුවීම 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී පිලිපීනයේ දී සිදුවී තිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.